More
    spot_img
    NewsJana Becker අම්මව සොයන ජර්මනියේ සිංහල කෙල්ල

    Jana Becker අම්මව සොයන ජර්මනියේ සිංහල කෙල්ල

    -

    spot_img

    Jana Becker දිගු කාලයක් තිස්සේ තම සැබෑ මව සොයන ජර්මනියේ වෙසෙන ශ්‍රී ලංකික තරුණියක්. ඇයගේ ශ්‍රී ලංකික නම ලෙස උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ වාසනා මල්කාන්ති ලෙසයි. ඉපදී මාස තුනක් පමණ වන විට වැදූ මව විසින් ජර්මන් ජාතික යුවළකට ඇය හදාගැනීම සදහා බාරදී තිබේ.

    1990 වසරේ අප්‍රෙල් මස 20 වැනි දින පෙරවරු 7.30 ට කොළඹ කාසල්වීදිය රෝහලේදී ඇය උපත ලබා ඇති අතර ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකම ඇය කාසල් රෝහල අසලට පැමිණ තම මව හමුවේවි යයි බලාපොරොත්තුවෙන් සිටි.

    ජනා බේකර්ගේ උප්පැන්න සහතිකයට අනුව ඇගේ මව මහනුවර ප්‍රදේශයේ උපත ලැබූ කාන්තාවක් වන අතර මව පදිංචිව සිට ඇත්තේ ගම්පහ ප්‍රදේශයේය. ඇයගේ පියා මොරන්තුඩුව ප්‍රදේශයේ පුද්ගලයකු බවට පවසා තිබූ අතර ඔහු පිළිබදව සිදුකළ ඩී.එන්.ඒ පරීක්ෂණයෙන් පසුව ඔහු ඇයගේ පියා නොවන බව සනාථවී තිබේ. කෙසේ වෙතත් ඔහු මීට වසර 2 කට පෙර මියගොස් ඇත.

    ජනා ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකම ගුවන්විදුලිය, රූපවාහිනිය සහ පුවත්පත්වල ද විස්තර ලිපි පළකලද තම මව පිළිබදව තවමත් නිශ්චිත තොරතුරක් හමුවී නැහැ.

    ඇගේ වැදූ මවගේ අඩුව නිතරම දැනන බවත් එක් වතාවක් හෝ ඇය සමග කතාකරන්න, තුරුලටවී සිටින්නට ඉතාමත් අසාවෙන් සිටින බවද ජනා සඳහන් කරනවා.

    1990 වසරේ අප්‍රේල් මස 20 වැනි දින පෙරවරු 7.30 ට කොළඹ කාසල් රෝහලේ දී උපත ලැබූ දැරියක ජර්මන් ජාතික කාන්තාවකට හදාගැනීම දී ඇත්නම් 0711 31 78 33 අංකයට අමතන ලෙස ඇය ඉල්ලා සිටින්නීය.

    “ලංකාදීප ඇසුරින්”

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    GovPay හරහා පොලිස් දඩ මුදල් ගෙවීම ආරම්භ වේ

    GovPay ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු...

    VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

    VAT  - එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර...

    Allowances අස්වැසුම අද සිට

    Allowances අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ...

    Kiribathgoda වෙඩි තැබීමක්

    Kiribathgoda අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් සමග...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 60

    Pini Muthu Palasa පිනි මුතු පලස පූජිතට රසට කෑම ‍උයන්නට හැකි බව මම දැන ගත්තේ මෑතකදීය.මාළු කපන්නට ගොස් ඇඟිල්ල කැපී...

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page