NewsJana Becker අම්මව සොයන ජර්මනියේ සිංහල කෙල්ල

Jana Becker අම්මව සොයන ජර්මනියේ සිංහල කෙල්ල

-

spot_img

Jana Becker දිගු කාලයක් තිස්සේ තම සැබෑ මව සොයන ජර්මනියේ වෙසෙන ශ්‍රී ලංකික තරුණියක්. ඇයගේ ශ්‍රී ලංකික නම ලෙස උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ වාසනා මල්කාන්ති ලෙසයි. ඉපදී මාස තුනක් පමණ වන විට වැදූ මව විසින් ජර්මන් ජාතික යුවළකට ඇය හදාගැනීම සදහා බාරදී තිබේ.

1990 වසරේ අප්‍රෙල් මස 20 වැනි දින පෙරවරු 7.30 ට කොළඹ කාසල්වීදිය රෝහලේදී ඇය උපත ලබා ඇති අතර ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකම ඇය කාසල් රෝහල අසලට පැමිණ තම මව හමුවේවි යයි බලාපොරොත්තුවෙන් සිටි.

ජනා බේකර්ගේ උප්පැන්න සහතිකයට අනුව ඇගේ මව මහනුවර ප්‍රදේශයේ උපත ලැබූ කාන්තාවක් වන අතර මව පදිංචිව සිට ඇත්තේ ගම්පහ ප්‍රදේශයේය. ඇයගේ පියා මොරන්තුඩුව ප්‍රදේශයේ පුද්ගලයකු බවට පවසා තිබූ අතර ඔහු පිළිබදව සිදුකළ ඩී.එන්.ඒ පරීක්ෂණයෙන් පසුව ඔහු ඇයගේ පියා නොවන බව සනාථවී තිබේ. කෙසේ වෙතත් ඔහු මීට වසර 2 කට පෙර මියගොස් ඇත.

ජනා ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකම ගුවන්විදුලිය, රූපවාහිනිය සහ පුවත්පත්වල ද විස්තර ලිපි පළකලද තම මව පිළිබදව තවමත් නිශ්චිත තොරතුරක් හමුවී නැහැ.

ඇගේ වැදූ මවගේ අඩුව නිතරම දැනන බවත් එක් වතාවක් හෝ ඇය සමග කතාකරන්න, තුරුලටවී සිටින්නට ඉතාමත් අසාවෙන් සිටින බවද ජනා සඳහන් කරනවා.

1990 වසරේ අප්‍රේල් මස 20 වැනි දින පෙරවරු 7.30 ට කොළඹ කාසල් රෝහලේ දී උපත ලැබූ දැරියක ජර්මන් ජාතික කාන්තාවකට හදාගැනීම දී ඇත්නම් 0711 31 78 33 අංකයට අමතන ලෙස ඇය ඉල්ලා සිටින්නීය.

“ලංකාදීප ඇසුරින්”

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you