More
    spot_img
    NewsMass killings කැනඩාවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකික පවුල

    Mass killings කැනඩාවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකික පවුල

    -

    spot_img

    Mass killings – කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් පස්දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු පෙරේදා රාත්‍රියේ [ 6 බදාදා] අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ. මෙම ඝාතන සිදුකර ඇත්තේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කැනඩාවට පැමිණි සිටි ෆේබ්‍රියන් සොයිසා නම් 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු විසින් බවත්, සැකකරු තියුණු ආයුධයකින් ඇන ඝාතන සිදු කර ඇති බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කරයි.

    Mass Killings

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව,දරුවන් සිව් දෙනා සහ එම පවුලේ හිතවතෙකු වන අතර එම දරුවන්ගේ පියා තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය යහපත් බවත් ඝාතනයට ලක්වූ දරුවන් සිව් දෙනාම වයස අවුරුදු 7 ට අඩු අතර මෙය ඉතාමත් “බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාවක්” ලෙස හඳුන්වමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

    Mass Killings

    මියගොස් ඇත්තේ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක, හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ, දෙමස් හැවිරිදි කෙලී වික්‍රමසිංහ සහ වික්‍රමසිංහ පවුලේ හිතවතෙකු වූ 40 හැවිරිදි ගාමිණි අමරකෝන් යන අය බව ඔටාවා පොලිස් ආරංචි මාර්ග පවසයි. ඇමරිකා එක්සත් ජනපදයේ සමුහ මිනීමැරුම් ඉතිහාසය සළකා බැලීමේදී, 2006 වසරේ සිට එරට සිදුවූ දෙවන ඉහළම මරණ සංඛ්‍යාව මෙය බව පැවසෙයි.

    -විදෙස් පුවත් ඇසුරිනි-

    ජායාරුප: Darshani Dilanthika Ekanayaka ෆේස්බුක් පිටුවෙනි.

    Latest news

    GovPay හරහා පොලිස් දඩ මුදල් ගෙවීම ආරම්භ වේ

    GovPay ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු...

    VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

    VAT  - එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර...

    Allowances අස්වැසුම අද සිට

    Allowances අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ...

    Kiribathgoda වෙඩි තැබීමක්

    Kiribathgoda අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් සමග...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 60

    Pini Muthu Palasa පිනි මුතු පලස පූජිතට රසට කෑම ‍උයන්නට හැකි බව මම දැන ගත්තේ මෑතකදීය.මාළු කපන්නට ගොස් ඇඟිල්ල කැපී...

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page