FeaturesChristmas නත්තල් අසිරිය සහිත යුරෝපයේ විශ්මිත නගර

Christmas නත්තල් අසිරිය සහිත යුරෝපයේ විශ්මිත නගර

-

spot_img
Christmas – නත්තල් සමය අති උත්කර්ෂවත් අන්දමින් සැමරීම ඕනෑම කිතුනු බැතිමතෙකුගේ සිහිනයකි. එහෙත් යුරෝපීය රටවල් තරම් නත්තල් සැණකෙළිවලට උද්යෝගිමත් පිරිසක් ලෝකයේ අන් කිසිඳු රටකින් සොයාගැනීමට අපහසු බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. විශේෂයෙන් එහි ශීත කාලගුණය සහ ඊට ආවේනික වූ ගෘහ අලංකරණය මෙන්ම පාරිසරික සංවේදීතාවන්ද එම උද්යෝගය වඩාත් ඔප් නංවයි. යුරෝපයේ උතුරු කලාපය, වසරේ මෙම කාලය තුළ පූර්ණ ශීත දේශ ගුණයක අසිරිය සොයා යන්නන් සඳහාම වෙන්වූ තෝතැන්නකි. මේ, ඔස්ට්‍රියාවේ Vienna සිට, ස්වීඩනයේ Gothenburg දක්වා, නත්තලේ ප්‍රීතිය උතුරා යන යුරෝපීය නගර කිහිපයක නත්තල් සැමරුම් පිලිබඳ සටහනකි.
Vienna – ඔස්ට්‍රියාව

වියානා හි නගර ශාලාවෙහි දර්ශනීය උස් නත්තල් ගස සහ සංකේතාත්මක නත්තල් වෙළඳපොල කැපී පෙනෙන අතර Spittelberg වෙළෙඳ සංකීර්ණය විශේෂ අවධානයක් හිමිකර ගනී. අලංකාර හස්ත කර්මාන්ත සහ අතින් සාදන ලද sweaters මෙන්ම උත්සව කුටිවල පිරිනැමෙන සංග්‍රහ සිත් ගන්නා සුළුය. මෙහි ගෘහ නිර්මාණ ශිල්පය නත්තල් නිවාඩු කාලය සඳහාම සකස් කර ඇති ආකාරය විශ්මයජනකය.

Christmas

Hallstatt – ඔස්ට්‍රියාව

Hallstätter See හි ඉවුරේ සහ ඉහළ යන ඇල්පයින් කඳු මුදුන් වලින් වටවී ඇති Hallstatt නගරය ඔබට ගෙනෙන්නේ විස්මිත භූ දර්ශනයකි. 16 වන ශතවර්ෂයේ නගර නිවාස, කුඩා මංතීරු වලින් සමන්විත මෙහි නත්තල් සමයේදී නත්තල් සීයාගේ කුටියේ නවාතැන් ගැනීමට අවස්ථාවක් ලැබීම විශේෂිතය. දේශීය දැව කර්මාන්තයෙහි විශේෂඥයින් විසින් නිර්මාණය කරන ලද උපන් දින සුබ පැතුම් සහිත සැරසිලි, හස්ත කර්මාන්ත සහ ඇඹරූ වයින් අලෙවි කරන කුටි ඔබට මෙම ස්ථානය කෙතරම් සුවිශේෂී දැයි වටහා දෙනු ඇති.

Christmas

Tromsø – නෝර්වේ

සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස ජනාදරයට සහ බුහුමනට පත්ව ඇති මෙම නගරයෙහි, විශ්මය ජනක ආක්ටික් ආසන දෙව්මැදුර ඉතා ප්‍රසිද්ධය. ආක්ටික් කවයට ඉහළින් පිහිටා ඇති නගරය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක් බවට පත්වන්නේ දිවා කාලයේ නොව රාත්‍රී උත්සව ආලෝකයෙනි. නගරයට ඉහළින් කේබල් කාරයක ගමන් කළ හැකි අතර විශාල උණුසුම් ගිණි උදුන් වලින් නගරය උණුසුම් කෙරේ. උතුරු දෙසින් Mack Brewery බීර කර්මාන්ත ශාලාව පිහිටා ඇති අතර බියර් පානය කරමින් උණුසුම් චොකලට් රස විඳින පිරිස් එහි සුලබ දසුනකි.

Christmas

Colmar – ප්‍රංශය

යුරෝපය පුරා පුදුමාකාර නත්තල් වෙළඳපොලවල් ඕනෑ තරම් තිබේ. නමුත් ප්‍රංශයේ Alsace ප්‍රදේශයේ සුරංගනා කතා පසුබිමක පිහිටි සුවපහසු ලී කුටි එකට තදින් අසුරා ඇති ආලෝකමත් වීදි මගින් සම්බන්ධ වී ඇති වෙළඳපල හයකට නොඅඩුව සොයා ගත හැකිය. බදාදා සහ සෙනසුරාදා දිනවල, සවස 5 ට පමණ, ළමා ගායක කණ්ඩායමක් Petite Venise හෝ Little Venice ලෙස හැඳින්වෙන දේශීය ඇළ වෙත කැරොල් ගායනා කරමින්පැමිණ උස්තව ප්‍රීතිය වඩවයි.

Christmas

Budesheim – ජර්මනිය

ජර්මනියේ රයින් නිම්නයේ ගං ඉවුරක පිහිටි මෙම නගරය නත්තල් සමයේදී සංචාරය කිරීමට කදිම ගමනාන්තයකි. මෙය වයින් නිෂ්පාදනයේ හදවත ලෙසින්ද හඳුන්වනු ලබයි. විශේෂයෙන්ම නත්තල් උදාවන රාත්‍රියේ Frankfurt හි සිට කෙටි බෝට්ටු සවාරියක් හෝ දුම්රිය ගමනක් ලබාගත හැකිය. බෝට්ටු මඟින් පැමිණෙන අයට, තෑගි සහ සාම්ප්‍රදායික උත්සව කෑම අලෙවි කරන කුටිවලින් පිරී ඇති අයුරු දැකගත හැකි අතර, ක්‍රීම් සහ චොක්ලට් මුසු බ්‍රැන්ඩි වලින් සාදන ලද Bodenheimer coffee එකක් තොලගාමින් මෙම සංචාරයේ උණුසුම රඳවා ගත හැකිය.

Christmas

Bruges, බෙල්ජියම

මධ්‍යතන යුගයේ ගෘහනිර්මාණ ශිල්පය,ගල් කැටයම්,වීදි සහ ඇළ මාර්ග වලින් පිරී ඇති Bruges නගරය උත්සව සමයේ වඩාත් අලංකාර වේ. උත්සව විදුලි පහන් දැල්වූ පසු එහි ඇති Gingerbread පන්නයේ ගොඩනැගිලි ඉතාමත් දකුම්කළුව දර්ශනය වේ. සෑම වසරකම, පැවැත්වෙන Winter Glow උත්සවය මුළු නගරයම උත්සවශ්‍රීයෙන් බබළවයි. වොෆ්ල් සමඟ රසවත් බෙල්ජියම් චොකලට් කමින්, සැහැල්ලු මාවතක ආදර විල මත පාවෙන අයිස් වළල්ල දෙස බලා සිටීම මෙහි පැමිණෙන සංචාරකයින්ගේ කදිම විනෝදාංශයකි.

Christmas

Gothenburg – ස්වීඩනය

ඓතිහාසික විනෝද උද්‍යානයක පිහිටුවා ඇති Lisberg නත්තල් වෙළඳපොළ, Gothenburg හි කැපී පෙනෙන උත්සව ආකර්ෂණ ස්ථානය වේ. ස්වීඩනයේ අවසාන නත්තල් නගරය වන ගොතන්බර්ග් වලින් උතුරට ගමන් කිරීමට කැමති අයට සහ Scandinavian සීතලෙන් මිදීමට කැමති අයට මෙය උත්සව විශ්මයෙන් පිරී තිබේ. 2023 දී සිය ශත සංවත්සරය සමරන විනෝද උද්‍යානයක, අච්චාරු දමන ලද හුරුල්ලන්, ස්වදේශික රින්ඩර් එඬේරුන් විසින් පිළියෙළ කරන ලද රින්ඩර් සහ ග්ලෝග් කුළුබඩු සහිත වයින් ඇතුළු රට පුරා ඇති ප්‍රණීත ආහාර රස විඳිය හැකිය. ලිස්බර්ග් සිට වරාය දක්වා විහිදෙන නගරයේ කිලෝමීටර් තුනක ආලෝක තීරුව ද සිත් ගන්නා සුලුය.

Christmas

Tbilisi – ජෝර්ජියාව

නත්තල් උත්සවය පහසුවෙන් මඟහැරිය නොහැකියැයි සිතෙන ඕනෑම අයෙකුට යෝජනා කළ හැකි උත්සව ගමනාන්තය වන්නේ ජෝර්ජියාව සහ එහි අගනුවර වන ටිබිලිසියයි. රටේ බහුතරය Orthodox Christian වන අතර ජූලියන් දින දර්ශනයට වඩා අනුගමනය කරනුයේ ජෝර්ජියන් ක්‍රමයයි. ඔවුන්ගේ විශ්වාසය වන්නේ නත්තල් දෙසැම්බර් 25 වනදා නොව ජනවාරි 7 වෙනිදා බවයි. උත්සව නව අවුරුදු උදාව තෙක්ම පවතින අතර, ප්‍රධාන සැමරුම් දිනය දෙසැම්බර් 31 වෙනිදාය. Rustaveli මාවතේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත ඇති විශාල අලුත් අවුරුදු ගස සහ නත්තල් ගම්මාන ටිබිලිසියේ විශේෂයන් අතර වේ.

Christmas

Valkenburg – නෙදර්ලන්තය
මෙම ලන්දේසි ගම්මානය වඩාත් ජනප්‍රියව ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Christmas Caves සඳහාය. දකුණු නෙදර්ලන්තයේ Valkenburg, සංචාරක ආකර්ෂණය සහිත විදුලි පහන්, ගස්, කුටි ඇතුළු බොහෝ දෙයින් සමන්විත අතර එහි විශේෂත්වය වන්නේ ඒවා සියල්ලම භූගතව පිහිටා තිබීමයි.
යුරෝපයේ විශාලතම ගෘහස්ථ නත්තල් වෙළඳපොළ මෙහි පිහිටා ඇති අතර 11 වන 12 වන සියවස තරම් ඈතට දිවෙන වෙල්වට් ගුහාව Valkenburg මාලිගාව තැනීමට භාවිතා කරන ලද ගල් සඳහා පතලක් ලෙස භාවිතා කර තිබේ. මෙම ස්ථානය දෙවන ලෝක යුද්ධ සමයේදී නවාතැන් පලක් ලෙසද භාවිතා කළ බව කියවේ.

Christmas

Rovaniemi – පින්ලන්තය

නත්තලේ පියා ලෙස සැළකෙන නත්තල් සීයා වසරේ සෑම දිනකම නිල වශයෙන් හමුවිය හැකි Santa Claus ගම්මානය පිහිටා ඇත්තේ පින්ලන්තයේ Rovaniemi හිය. විස්මිත සංදර්ශන, ආදිවාසී සාමි ජනයාගේ සම්ප්‍රදායන් සහ පින්ලන්තයේ විශ්මිත සෝනා සංස්කෘතියට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක් වන මෙය නත්තල් සීයාගේ නිවහන ලෙසින්ද හැඳින්වේ. විශේෂයෙන්ම නත්තල සමරන මායාකාරී සහ ඉන්ද්‍රජාලික නගරයක් ලෙස පින්ලන්තයේ Rovaniemi යුරෝපය පුරා ප්‍රසිද්ධය.

Wroclaw – පෝලන්තය

Wroclaw පෝලන්තයේ ලස්සනම නගරවලින් එකක් ලෙස සැළකේ. නගරයේ නත්තල් වෙළඳපොල, Plac Solny සහ Market Square පුරා පැතිරී ඇති අතර, වෙළඳ කුටි 250 කට අධික සංඛ්‍යාවක් මෙන්ම සුපිරි පොළක්ද පවතී.

Christmas

Rothenburg ob. der Tauber – ජර්මනිය

Rothenburg ob. der Tauber යනු Reiterlesmarkt හි නිවහනක් වන අතර එය මිථ්‍යා “Reiterle” රූපය අනුව නම් කරන ලද නත්තල් වෙළඳපොලකි. බැවේරියාවේ හදවතේ පිහිටි මෙම ජර්මානු නගරයේ කැපී පෙනෙන ගෘහ නිර්මාණ ශිල්පය ඔබ සංචාරය කරන වසරේ ඕනෑම වේලාවක නත්තල් හැඟීමක් ලබා දීමට ප්‍රමාණවත් වේ. කුඩා අශ්වාරෝහකයා ලෙසද හැඳින්වෙන “රයිටර්ල්” යනු වසර දහස් ගණනක් ශීත ඍතුවේ දී නගරයට පැමිණි බව කියන මිත්‍යා චරිතයකි. ඔහුගේ පැමිණීම නත්තල් සම්ප්‍රදායේ කොටසක් වන බැවින් වෙළඳපොළ ඔහුට ගෞරවයක් ලෙස නම් කර ඇත. මෙය ඉතිහාසය සමඟ ප්‍රීතිය වඩවන අපූරු අවකාශයක් සහ හෘදයාංගම ආහාර සහ උණුසුම් මධ්‍යසාරවල සරල සතුට එකතුවූ තැනකි.

-CNN News ඇසුරෙනි- by Joe Minihane

Image Source: CNN News

 

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 66

රත් දෝතළු - 66 නිවස තුළ වූයේ දැඩි පාළුවකි. අහස් විදෙස්ගතව දැන් දින කිහිපයක් ගෙවී ගොසිනි. මා සිතට පාළුවක් දැනුණේ...

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you