ArtGoing In Style: අරමුණු කරා ළඟාවෙන්න වයස බාධාවක්ද?

Going In Style: අරමුණු කරා ළඟාවෙන්න වයස බාධාවක්ද?

-

spot_img

Going In Style: වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියලා කියනවනේ. ඒ කතාවෙ ඇත්තක් තියෙනවා කියලා ඔප්පු කරන්න පුලුවන් කතාවක් තමයි මේ. Going In Style හොඳට හිනාවෙමින් නරඹන්න පුලුවන් වගේම හිතන්න දේවලුත් ඉතිරි කරන කතාවක්.

විනෝදයෙන් ජීවිතය ගත කරන්න, අරමුණු කරා ළඟාවෙන්න වයස බාධාවක්ද? ඇත්තෙන්ම නැහැ!

මේ කතාව Joe, Willie සහ Albert කියන වියපත් මිතුරන් තිදෙනා ගැන. ජීවිතයේ හැම අවධියකටම පොදු දෙයක් තමයි ප්‍රශ්න.මේ තුන්දෙනාටත් තම තමන්ගේ ප්‍රශ්න තිබුනා. පවුල්වල ප්‍රශ්න. මුදල් ප්‍රශ්න.

දවසක් Joe බැංකුවට යනවා. මේ අවස්ථාවේ බැංකුවට කඩාවදින වෙස් මුහුණු පැළඳි හොරුන් තිදෙනෙක් එහි තිබූ මිලියන ගණනක මුදල් රැගෙන පළායනවා. මර බියෙන් බිම වැතිරී මේ දර්ශනය බලා සිටින වයසක Joe ට අදහසක් එනවා.

බැංකු මංකොල්ලයක් සිදු කරන්න!

Willie සහ Albert මුලින් මේ අදහසට එකඟ නොවුනත් තමන්ගේ ප්‍රශ්න ගැන සිතාබලා එයට එකඟ වෙනවා. තුන්දෙනා මුලින්ම කරන්නේ supermarket එකකින් බඩු හොරකම් කිරීම. කිසිම සැලසුමක් නැති මේ වැඩේ නිසා මේ තුන්දෙනා ඉතාම හාස්‍යජනක සිදුවීම් පෙළකට මුහුණ දෙනවා.

මේක හරියන්නෙ නෑ. හොරකමක් උනත් සැලසුම්සහගතව සිදුකල යුතු බව හිතන මේ තුන්දෙනා ඒ සඳහා උපදෙස් ගන්න සුදුසු කෙනෙක් මුණගැහෙනවා. ඔහු Jesus..Professional අපරාධකරුවෙක්.

ඊට පස්සෙ මොකද වෙන්නෙ? මේ යාළුවො තුන්දෙනාට පුලුවන් වෙයිද බැංකු මංකොල්ලය සිදු කරන්න?

මේ තිදෙනාගේ දිගු කාලීන මිත්‍රත්වය අපූරුයි.මිත්‍රත්වය යනු සම්පතක්. අපි අපේ සමීපතමයන් වෙනුවෙන් කාලය වෙන් කළ යුතු වග, පවුලක ඇති වටිනාකම ගැන මේ කතාව පහදා දෙනවා.

එතකොට ප්‍රේමය?

ප්‍රේමයත් මේ කතාවේ තියෙනවා. ජීවිතයට සහකරුවෙක්, සහකාරියක් අවශ්‍යයි. Love, sex මේ හැමදෙයින්ම නොඅඩු බැඳීමක්. ඉතින් එහෙම බැඳීමක් ඔබ සතු කරගන්න ඔබේ වයස බලපාන්නෙ නෑ..

ජීවිතය යනු සුන්දර විහිළුවක් බවත්,බැරෑරුම්ව සිතීමට තරම් දෙයක් එහි නොමැති බවත් මා අසා තිබෙනවා. එය සත්‍යයක් වග මේ කතාව පසක් කර දෙනවා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you