ArtPapillon සොඳුරුම බැඳීම් ඇතිවන්නේ අසීරුම අවස්ථාවලදී

Papillon සොඳුරුම බැඳීම් ඇතිවන්නේ අසීරුම අවස්ථාවලදී

-

spot_img

Papillon – ඔහු ප්‍රංශ ජාතිකයන්ටම උරුම වූ කඩවසම් බවේ අපූර්වතම සංකේතයක් බඳු පිරිමියෙක්. ඒ පපුව මත කෙටූ සමනළයෙකුගේ ටැටූව ඔහුට අනන්‍යතාවයක් එක් කළා. සමනළ ටැටූව නිසාම මිනිසුන් ඔහුව හැඳින්වූයේ Papillon යන සුරතල් නාමයෙන්. සමනළයෙකු ලෙසින්ම මේ හිතුවක්කාර පිරිමියාත් හැමදේකටම වඩා නිදහසට පෙම් කළා. ඔහු අපූරු ප්‍රේමවන්තයෙක්.

PapillonPapillon

ඔහුගේ සැබෑ නම Henri Charriere. ප්‍රංශ පාතාලය සමගින් කටයුතු කළ ඔහු මිනීමැරුම් චෝදනාවක් හේතුවෙන් සිරදඬුවමකට යටත් වෙනවා. එය ප්‍රංශයෙන් බොහෝ දුරස්ව පිහිටි අපායට නෑකම් කියන තැනක් වැනි සිරගෙදරක්. දහස් ගණනක සිරකරුවන් සමගින් නෞකාවකින් සිරගෙදර වෙත යන ගමනේදී ඔහුට Louis Dega නම් සිරකරුවා මුණගැසෙනවා. Louis Dega යනු සුප්‍රකට ධනවතෙක්. එක්තරා අවස්ථාවකදී Papillon විසින් Dega ගේ ජීවිතය බේරා ගන්නවා. ජීවිතය පවතින තුරාවටම අමතක නොවන සුවිශේෂී මිතුදමක ආරම්භය සනිටුහන් වෙන්නේ එලෙසින්.

Papillon

නාහෙට නාහන,හිතුවක්කාර,ඉවසීම ගොඩක් අඩු Papillon වගේ නෙමෙයි Louis Dega නම්. ඔහු බොහොම සන්සුන් සහ සාමකාමී කල්පනාවෙන් වැඩ කරන කෙනෙක්. ඔහු චිත්‍ර ඇඳීම ප්‍රිය කළා. උද්ගත වූ තත්වයන්ට ඉවසීමෙන් මුහුණ දුන්නා. නමුත්,සිරගත වූ මොහොතේ සිටම Papillon ට වුවමනා වූයේ එයින් පැනයාමයි. එකිනෙකට හාත්පසින්ම වෙනස් ගතිගුණ සහිත මේ දෙදෙනාගේ මිත්‍රත්වය මහ පුදුමාකාර බැඳීමක්.

බියකරු සිහිනයක් බඳු ජීවිතයක් – පාවාදීම් – පලායාමේ සැලසුම් – පැන යාම් – නැවත සිරගත කිරීම් සමගින් වසර ගණනාවක් පුරාවට ඔවුන්ගේ ජීවිත කතාව ඉදිරියට ගලා යනවා. ඉදිරියට කුමක් සිදුවේද? Papillon සහ Dega නිදහස පතා සිදුකරන උත්සාහයන් සාර්ථක වෙයිද?

Papillon

දැඩි බැඳීමක් ඇතිකරගනිමින් ඔබ හා ජීවිතය බෙදාගත් අයෙක් කෙදිනක හෝ ඔබට සමුගන්නම් යැයි පවසාවි. ඒ මොහොතේ ඔබට ඔබවත් අහිමි උනාක් බඳු හැඟීමක් ඇතිවේවි.ඉතින් ඔබ ඒ කෙනාට ඔබ හැර යන්න දෙනවාද? නැතිනම් ඔබ හා ඉන්න යැයි ආයාචනා කරනවාද? මේ කතාවේ අවසානය පපුව හිරකරන්නාක් වැනි හැඟුමක් ඔබට දනවාවි. සොඳුරුම බැඳීම් ඇතිවන්නේ අසීරුතම අවස්ථාවලදී බැව් වටහා දේවි.

Papillon

ප්‍රංශ ජාතික ලේඛක Henri Charriere නොහොත් Papillon ගේ ස්වයං චරිතාපදානය යනු, අලෙවි වාර්තා අතරට එක් වූ කෘතියක්. ලොව පුරා භාෂා තිහකින් පිටපත් මිලියන 13කට අධික ප්‍රමාණයක් අලෙවි වූ Papillon කෘතිය ඇසුරින් Papillon (2017) චිත්‍රපටය නිමැවී තිබෙනවා. Michael Noer ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි Charlie Hunnam සහ Rami Malek ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. Charlie Hunnam – Rami Malek මුසුව අමතක නොවන අන්දමේ අත්දැකීමක් ඔබ වෙත ගෙන දෙනු නිසැකයි.

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you