More
    BusinessDilmah Tea ලොව ප්‍රකට තේ සන්නාමයක් කළ මෙරිල් ජේ....

    Dilmah Tea ලොව ප්‍රකට තේ සන්නාමයක් කළ මෙරිල් ජේ. ප්‍රනාන්දු

    -

    spot_img

    Dilmah Tea – ශ්‍රී ලාංකේය තේ රසය ජාත්‍යන්තරයට රැගෙන ගිය ලොව ප්‍රකට තේ සන්නාමයක් වන Dilmah තේ නිර්මාතෘ Merrill J. Fernando මහතා අද උදෑසන (ජුලි 20) අභාවප්‍රාප්ත වී තිබෙනවා. Ceylon Tea ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් කිරීමට මූලික වූ ඔහු, යුරෝපය ඇතුළු රටවල් සියයකට වඩා Dilmah Tea හඳුන්වා දෙමින් එය ලෝකය පුරා තේ රසවතුන්ගේ මුවඟ රැව්දෙන නාමයක් බවට පත් කිරීමට පුරෝගාමී වූ චරිතයක්.

    1930 මැයි 6 වෙනිදා මීගමුවේදී උපත ලද ඔහු, Tea Assistant කෙනෙකු ලෙසින් AF Jones සමාගමේ සේවයට එක් වන්නේ 1954 දීය. ඉතා කෙටි කලකින්ම එහි කළමනාකර අධ්‍යක්ෂක තනතුරට උසස්වීම් ලබන Merrill J. Fernando සිව් වසරකට පසු AF Jones සමාගමෙන් ඉල්ලා අස්ව, Tea Services නම් සමාගම අරඹා යුරෝපය ඇතුළු රටවල්වලට තේ අපනයනය ආරම්භ කරනවා.

    Dilmah Tea

    “තේ එක්ක මගේ ගමන පටන් ගන්න කොට මට අවුරුදු 20 යි. දැන් මට අවුරුදු 91යි. එදා තේ එක්ක බැඳෙනකොට මම කුඩා ධීවර ගම්මානයක කොල්ලෙක්. ඒත් තේ වත්තක ගතවූ පළමුවන දවස මගේ ජීවිතේ ඊළඟ අවුරුදු 70 ක කාලය ඉතාමත් වාසනාවන්ත සහ ආශිර්වාදාත්මක තැනකට රැගෙන යයි කියල මං දැනගෙන හිටියේ නෑ. මට ලැබුණු සියලුම දේටත්, මට ලෝකයට, රටට, පරිසරයට දෙන්න පුළුවන් වුණු සියලු දේ ගැනත් මට ඇත්තේ කෘතඥතා පූර්වක සතුටක් “

    Dilmah Tea

    ඒ ඔහුගේ වචන. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ සන්නාමය වූ Dilmah ආරම්භ කළේ 1985 වසරේදී. තම පුතුන් දෙදෙනා වූ Dilhan සහ Malik ගේ නම් දෙකෙහි කොටස් එක් කොට තැනූ Dilmah නාමය කෙටි කළකින්ම ජාත්‍යන්තරය තුළ විශාල ඉල්ලුමක් හිමි කරගත් අතර ISO 9002 තත්ව සහතිකයද ලබා තිබුණා. Dilmah Tea 2001 වසරේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය පවා දක්වා තිබෙනවා. 2002 වසරේදී MJF පුණ්‍යායතනය ආරම්භ කරමින් (MJF Charitable Foundation) ඔහු, අප රටෙහි ජනතාව වෙනුවෙන්ද නොමඳ සේවයක් ඉටු කොට ඇති වග සඳහන් කළ යුතුයි. මෙරට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගමක් ලෙසින් සම්මානයන්ගෙන් පිදුම් ලබමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දෙන්නට ඔහු සමත් වූ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

    Dilmah Tea

    Merrill J. Fernando මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ජුලි මස 22 වන සෙනසුරාදා පස්වරු 4 ට මීගමුවේදී සිදුකිරීමට නියමිතයි.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page