More
  • ව්‍යාපාර
  • About Us
  • Privacy Policy
spot_img
BusinessDilmah Tea ලොව ප්‍රකට තේ සන්නාමයක් කළ මෙරිල් ජේ....

Dilmah Tea ලොව ප්‍රකට තේ සන්නාමයක් කළ මෙරිල් ජේ. ප්‍රනාන්දු

-

spot_img

Dilmah Tea – ශ්‍රී ලාංකේය තේ රසය ජාත්‍යන්තරයට රැගෙන ගිය ලොව ප්‍රකට තේ සන්නාමයක් වන Dilmah තේ නිර්මාතෘ Merrill J. Fernando මහතා අද උදෑසන (ජුලි 20) අභාවප්‍රාප්ත වී තිබෙනවා. Ceylon Tea ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් කිරීමට මූලික වූ ඔහු, යුරෝපය ඇතුළු රටවල් සියයකට වඩා Dilmah Tea හඳුන්වා දෙමින් එය ලෝකය පුරා තේ රසවතුන්ගේ මුවඟ රැව්දෙන නාමයක් බවට පත් කිරීමට පුරෝගාමී වූ චරිතයක්.

1930 මැයි 6 වෙනිදා මීගමුවේදී උපත ලද ඔහු, Tea Assistant කෙනෙකු ලෙසින් AF Jones සමාගමේ සේවයට එක් වන්නේ 1954 දීය. ඉතා කෙටි කලකින්ම එහි කළමනාකර අධ්‍යක්ෂක තනතුරට උසස්වීම් ලබන Merrill J. Fernando සිව් වසරකට පසු AF Jones සමාගමෙන් ඉල්ලා අස්ව, Tea Services නම් සමාගම අරඹා යුරෝපය ඇතුළු රටවල්වලට තේ අපනයනය ආරම්භ කරනවා.

Dilmah Tea

“තේ එක්ක මගේ ගමන පටන් ගන්න කොට මට අවුරුදු 20 යි. දැන් මට අවුරුදු 91යි. එදා තේ එක්ක බැඳෙනකොට මම කුඩා ධීවර ගම්මානයක කොල්ලෙක්. ඒත් තේ වත්තක ගතවූ පළමුවන දවස මගේ ජීවිතේ ඊළඟ අවුරුදු 70 ක කාලය ඉතාමත් වාසනාවන්ත සහ ආශිර්වාදාත්මක තැනකට රැගෙන යයි කියල මං දැනගෙන හිටියේ නෑ. මට ලැබුණු සියලුම දේටත්, මට ලෝකයට, රටට, පරිසරයට දෙන්න පුළුවන් වුණු සියලු දේ ගැනත් මට ඇත්තේ කෘතඥතා පූර්වක සතුටක් “

Dilmah Tea

ඒ ඔහුගේ වචන. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ සන්නාමය වූ Dilmah ආරම්භ කළේ 1985 වසරේදී. තම පුතුන් දෙදෙනා වූ Dilhan සහ Malik ගේ නම් දෙකෙහි කොටස් එක් කොට තැනූ Dilmah නාමය කෙටි කළකින්ම ජාත්‍යන්තරය තුළ විශාල ඉල්ලුමක් හිමි කරගත් අතර ISO 9002 තත්ව සහතිකයද ලබා තිබුණා. Dilmah Tea 2001 වසරේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය පවා දක්වා තිබෙනවා. 2002 වසරේදී MJF පුණ්‍යායතනය ආරම්භ කරමින් (MJF Charitable Foundation) ඔහු, අප රටෙහි ජනතාව වෙනුවෙන්ද නොමඳ සේවයක් ඉටු කොට ඇති වග සඳහන් කළ යුතුයි. මෙරට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගමක් ලෙසින් සම්මානයන්ගෙන් පිදුම් ලබමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දෙන්නට ඔහු සමත් වූ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

Dilmah Tea

Merrill J. Fernando මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ජුලි මස 22 වන සෙනසුරාදා පස්වරු 4 ට මීගමුවේදී සිදුකිරීමට නියමිතයි.

Latest news

Vibhushan Award – මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබු ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි

Vibhushan Award -ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම තමාට මහත් ගෞරවයක්...

Defense Agreement අපේ කැබිනෙට්ටුවත් නොදන්නා මෝදිගේ ආරක්ෂක ගිවිසුම

Defense Agreement - ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණීමෙන් පසු අත්සන් කිරීමට නියමිත ආරක්ෂක ගිවිසුම පිළිබඳ මෙරට කැබිනට් මණ්ඩලය...

Former Presidents හිටපු ජනාධිපතිවරුන්ගේ හදිසි හමුවක්

Former Presidents - ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනකු ලබන සතියේ කොළඹදී හමුවීමට තීරණය කර ඇති බව සඳහන් වෙනවා....

Illegally registered vehicles – නීති විරෝධී ලෙස ලියාපදිංචි කළ වාහන 12 ක් අල්ලස් කොමිසම භාරයට

illegally registered vehicles - රේගුවේ නිශ්කාෂනය නොවී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් දූෂණ අක්‍රමිකතා සිදුකිරීම සම්බන්ධ චෝදනා යටතේ...
- Advertisement -spot_img

Illegally registered vehicles – නීති විරෝධී ලෙස ලියාපදිංචි කළ වාහන 12 ක් අල්ලස් කොමිසම භාරයට

illegally registered vehicles - රේගුවේ නිශ්කාෂනය නොවී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් දූෂණ අක්‍රමිකතා සිදුකිරීම සම්බන්ධ චෝදනා යටතේ...

Welcome ceremony – ඉන්දීය අගමැති මෝදිගේ නිල පිළිගැනීමේ උත්සවය අද පෙරවරුවේ

Welcome ceremony - තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ කොළඹ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you

You cannot copy content of this page