Maharagama Apeksha Hospital – මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර අංශයේ විකිරණවේදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් පිළිකා රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මඟින් දැනගන්නට ලැබෙනවා. විකිරණ ප්‍රතිකාර සඳහා වැඩිවෙමින් පවතින පොරොත්තු ලේඛනය පිළිබඳව ගැටළු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කමිටුවක් පත් කළද, ගැටළුවට මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නොමැති බව වාර්තා වනවා. මීට පෙර පැයකට රෝගීන් අටත්,දහයත් අතර සංඛ්‍යාවක් සඳහා විකිරණ ප්‍රතිකාර ලබා දුන්නද, දැන් එම සංඛ්‍යාව පැයකට හතරත්, පහත් අතර අගයක් ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. රෝගීන් 4900 කට අධික සංඛ්‍යාවක් පොරොත්තු ලේඛනවල රැඳී සිටින අතර හදිසි ප්‍රතිකාර නියමිත වේලාවට ලබා නොදීම හේතුවෙන් මරණ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ.