NewsMinister Diana Gamage හඬ පටය ඉවත් කරන්න පොලිසියෙ සහය...

Minister Diana Gamage හඬ පටය ඉවත් කරන්න පොලිසියෙ සහය ඉල්ලයි

-

spot_img

Minister Diana Gamage මහත්මිය දුරකථනයෙන් පුද්ගලයකුට අසභ්‍ය ලෙස බැන වදින බව පවසමින් සමාජ මාධ්‍ය තුල සංසරණය වන හඬ පටයක් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා තිබේ.

සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ වෙත ලිපියක් යවමින් රාජ්‍ය අමාත්‍යවරියගේගේ මාධ්‍ය ලේකම්වරයා විසින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන හඬ පටය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා තිබේ.

ශාන් ගනේගොඩ නමැති පුද්ගලයෙකු බදාදා (5) දින නැවත නැවතත් රාජ්‍ය අමාත්‍යවරියට දුරකථනයෙන් කරදර කළ බවත් අමා අමාත්‍යවරියගේ ආරක්‍ෂක නිලධාරියා අදාළ පුද්ගලයා නැවත අමතා මේ පිළිබඳව සොයා බැලීමේදී දෙපාර්ශ්වය අතර බහින් බස්වීමක් සිදුවී ඇත.

මෙම සංවාදය අතරතුර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ කෝපයෙන් එම පුද්ගලයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව පැවසේ.

මේ වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන හඬ පටය රාජ්‍ය අමාත්‍යවරියට අපකීර්තියක් ගෙන දෙන බැවින් එම හඬ පටය සංසරණය වීමෙන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඇයගේ කාර්යාලය පොලිසියෙන් ඉල්ලා සිටී.

Diana Gamage Letter

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you