More
    spot_img
    InterviewsJacqueline Fernandez නිළියෙකුට කටකතා, ඕපදූප සහ අසාධාරණය දරා ගන්න...

    Jacqueline Fernandez නිළියෙකුට කටකතා, ඕපදූප සහ අසාධාරණය දරා ගන්න වෙනව

    -

    spot_img
    Jacqueline Fernandez සෑම දෙනාම පාහේ හඳුනාගන්නේ ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති බොලිවුඩ් නිළියක ලෙසයි. රූ රැජිණකගේ කිරුළද අතැතිව බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය, ඉතා කෙටි කාලයකින් ලෝකය පුරා පුවත් මවන නිළියක බවට පත්වුණා. එය කෙතරම්ද යත් පසුගිය කාලයේදී ඇයට ඉන්දීය පාතාල කල්ලි නායකයෙකු සමඟ ප්‍රේම සබඳතා ඇති බවට පවා පුවත් පළ වෙමින් තිබුණා. මේ, ඇය සමඟ Anahita Ghai විසින් Harper’s Bazaar සඳහා සිදුකළ කතාබහක්.
    • ඔබ රංගනයට අවතීර්ණ වෙන්න හිතුවේ ඇයි?

    ඒක මම පුංචි කාලෙ ඉඳලම දැකපු හීනයක්. අනිත් අයව සතුටු කරන්න,හිනස්සවන්න මං කැමතියි.

    • 2006 Miss Sri Lanka කිරුළ ජයග්‍රහණය කළේ ඔබ?

    ඇත්තටම එය හරි අපූරු අත්දැකීමක්. නිළියක් වීමේ හීනය වගේම, මගේ තවත් හීනයක් තමයි ඒක. මං ඒ වගේ තරඟාවලි ගැන ගොඩක් උනන්දු වුණා. අයිශ්වර්යා රායි, ප්‍රියංකා චොප්රා වගේ ආසියානු කාන්තාවන් රූ රැජිණියන් වීම මගේ ඒ ආශාව වැඩි දියුණු කළා. මටත් අවශ්‍ය වුණා රූ රැජිණක් වෙන්න. එතකොට මට අවුරුදු 19 යි. ඒක වටින අත්දැකීමක්. ඒ තුළින් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.

    Jacqueline Fernandez

    • රංගන ශිල්පිණියකට තිබෙන ලොකුම අභියෝගය මොකක්ද?

    නිතරම අනිත් අය අපි ගැන අවධානයෙන් පසුවන වග අපි තේරුම් ගන්න ඕන. අපි කවුරුත්ම ආස නෑ අනිත් අය අපි ගැන නරක දේවල් කියනවට. ඒත් ඔබ ඒ දේවල් වලට හුරුවෙන්න ඕන. කටකතා, ඕපදූප, අසාධාරණය දරා ගන්න වෙනවා.‍ රංගන ශිල්පියෙකුට,ශිල්පිණියකට කීර්තිය ගොඩක් වැදගත්. අපේ පෞද්ගලිකත්වයත් ගොඩක් සීමාවෙලා තියනවා.

    • ඔබ ශ්‍රී ලාංකිකයෙක්. හැදී වැඩුණේ බහරේන්වල. ඉන්පසුව ඔබ ඉන්දියාවට ආවා. නිවස ලෙසින් ඔබ හඳුන්වන්නේ කොතැන ද?

    දැන් නම් අනිවාර්යයෙන්ම ඉන්දියාව. අවුරුදු දහතුනකට වැඩි කාලයක් මම ඉන්දියාවෙ රැකියාව කරමින් ජීවත්වෙනවා. දෙමව්පියන් මාව බලන්න එනවා. බහරේන් මගේ හදවතට ගොඩක් සමීපයි. මම හැදුනෙ වැඩුණේ බහරේන්වල. ලංකාව සමගත් මතක ගොඩක් තියනවා. මේ තුනෙන් එකක් තෝරාගැනීම තරමක් අසීරුයි.

    Jacqueline Fernandez

    • සුපිරි තරු කිහිපයක්ම සමගින් වැඩ කරන්න ඔබට අවස්ථාව ලැබුණා. ඒ අතරින් ඔබට හොඳම අත්දැකීම ලැබුණෙ කා සමග වැඩ කිරීමෙන්ද?

    මගේ පළමු චිත්‍රපටය අමිතාබ් බච්චන් සමග. ඔහුගෙන් මම වෘත්තියභාවය, වෙලාවට වැඩ කිරීම, නිරන්තර පුහුණුවීම්වල වැදගත්කම වගේ ගොඩාක් පාඩම් ඉගෙන ගත්තා. සල්මන් ඛාන් සමගින් කිහිප වතාවක්ම වැඩ කරන්න ලැබුණා. ඔහු Icon එකක්. අක්ෂේ කුමාර් සමගින් වැඩ කරන එක හරිම විනෝදජනකයි. මේ හැම කෙනෙක්ගෙන්ම මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා.

    • ඔබ වැඩ කිරීමට සිහින මවන අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවද?

    අවංකවම කිව්වොත්, සංජේ ලීලා බන්සාලි. මං හිතන්නෙ ඔහු සමගින් වැඩ කිරීම ඕනෑම රංගන ශිල්පියෙකුගේ,ශිල්පිණියකගේ හීනයක්.

    Jacqueline Fernandez

    • ඔබ රඟපෑ චිත්‍රපට අතරින් කැමතිම චිත්‍රපටය ?

    ඇත්තටම මම මං රඟපෑව චිත්‍රපට බලන්න එච්චර කැමති නෑ. හැමෝම මට බලකරනව ඒව බලන්න කියලා. සල්මන් ඛාන් සමගින් වැඩ කළ , Murder 2 චිත්‍රපටය විශිෂ්ඨයි කියලා මං හිතනවා.

    • විලාසිතා ගැන ඔබේ අදහස?

    එය මොහොතින් මොහොත අලුත් වෙන, ප්‍රතිචක්‍රිකරණය වෙන විෂයක්. මං කැමතියි වෙනස් විදිහේ විලාසිතා කරන්න.

    Latest news

    Trade Minister පළමු ලුණු තොගය බදාදා දිවයිනට

    Trade Minister -  ආනයනය කරන ලද ලුණු තොගයෙහි පළමු කොටස ලබන බදාදා දිවයිනට පැමිණෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ...

    At Bandaranaike Airport තායිලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට

    At Bandaranaike Airport - බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි තායිලන්ත ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින්...

    Warrant issued – මහින්දානන්දට වරෙන්තු

    Warrant issued - හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක්...

    Jose Mujica ලොව දුප්පත්ම ජනාධිපතිවරයා මිය යයි

    Jose Mujica - "ලොව දුප්පත්ම ජනාධිපතිවරයා " ලෙසින් හැඳින්වූ 2010 - 2015 කාල සීමාවේ උරුගුවේ ජනපතිව සිටි Jose Mujica...
    - Advertisement -spot_img

    Cannes රතු පලස මත මී මැසි ප්‍රහාරයක්

    Cannes - පසුගිය සිකුරාදා පැවති ( මැයි 16) 78 වන වාර්ෂික කාන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස මත ඇවිදිමින් සිටියදී...

    Forbes 30 Under 30 Asia 2025 අතර සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනා

    Forbes 30 Under 30 Asia 2025 - Forbes සඟරාව විසින් නම් කරන ලද ආසියාවේ වයස අවුරුදු 30 න් පහළ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page