InterviewsJacqueline Fernandez නිළියෙකුට කටකතා, ඕපදූප සහ අසාධාරණය දරා ගන්න...

Jacqueline Fernandez නිළියෙකුට කටකතා, ඕපදූප සහ අසාධාරණය දරා ගන්න වෙනව

-

spot_img
Jacqueline Fernandez සෑම දෙනාම පාහේ හඳුනාගන්නේ ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති බොලිවුඩ් නිළියක ලෙසයි. රූ රැජිණකගේ කිරුළද අතැතිව බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය, ඉතා කෙටි කාලයකින් ලෝකය පුරා පුවත් මවන නිළියක බවට පත්වුණා. එය කෙතරම්ද යත් පසුගිය කාලයේදී ඇයට ඉන්දීය පාතාල කල්ලි නායකයෙකු සමඟ ප්‍රේම සබඳතා ඇති බවට පවා පුවත් පළ වෙමින් තිබුණා. මේ, ඇය සමඟ Anahita Ghai විසින් Harper’s Bazaar සඳහා සිදුකළ කතාබහක්.
• ඔබ රංගනයට අවතීර්ණ වෙන්න හිතුවේ ඇයි?

ඒක මම පුංචි කාලෙ ඉඳලම දැකපු හීනයක්. අනිත් අයව සතුටු කරන්න,හිනස්සවන්න මං කැමතියි.

• 2006 Miss Sri Lanka කිරුළ ජයග්‍රහණය කළේ ඔබ?

ඇත්තටම එය හරි අපූරු අත්දැකීමක්. නිළියක් වීමේ හීනය වගේම, මගේ තවත් හීනයක් තමයි ඒක. මං ඒ වගේ තරඟාවලි ගැන ගොඩක් උනන්දු වුණා. අයිශ්වර්යා රායි, ප්‍රියංකා චොප්රා වගේ ආසියානු කාන්තාවන් රූ රැජිණියන් වීම මගේ ඒ ආශාව වැඩි දියුණු කළා. මටත් අවශ්‍ය වුණා රූ රැජිණක් වෙන්න. එතකොට මට අවුරුදු 19 යි. ඒක වටින අත්දැකීමක්. ඒ තුළින් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.

Jacqueline Fernandez

• රංගන ශිල්පිණියකට තිබෙන ලොකුම අභියෝගය මොකක්ද?

නිතරම අනිත් අය අපි ගැන අවධානයෙන් පසුවන වග අපි තේරුම් ගන්න ඕන. අපි කවුරුත්ම ආස නෑ අනිත් අය අපි ගැන නරක දේවල් කියනවට. ඒත් ඔබ ඒ දේවල් වලට හුරුවෙන්න ඕන. කටකතා, ඕපදූප, අසාධාරණය දරා ගන්න වෙනවා.‍ රංගන ශිල්පියෙකුට,ශිල්පිණියකට කීර්තිය ගොඩක් වැදගත්. අපේ පෞද්ගලිකත්වයත් ගොඩක් සීමාවෙලා තියනවා.

• ඔබ ශ්‍රී ලාංකිකයෙක්. හැදී වැඩුණේ බහරේන්වල. ඉන්පසුව ඔබ ඉන්දියාවට ආවා. නිවස ලෙසින් ඔබ හඳුන්වන්නේ කොතැන ද?

දැන් නම් අනිවාර්යයෙන්ම ඉන්දියාව. අවුරුදු දහතුනකට වැඩි කාලයක් මම ඉන්දියාවෙ රැකියාව කරමින් ජීවත්වෙනවා. දෙමව්පියන් මාව බලන්න එනවා. බහරේන් මගේ හදවතට ගොඩක් සමීපයි. මම හැදුනෙ වැඩුණේ බහරේන්වල. ලංකාව සමගත් මතක ගොඩක් තියනවා. මේ තුනෙන් එකක් තෝරාගැනීම තරමක් අසීරුයි.

Jacqueline Fernandez

• සුපිරි තරු කිහිපයක්ම සමගින් වැඩ කරන්න ඔබට අවස්ථාව ලැබුණා. ඒ අතරින් ඔබට හොඳම අත්දැකීම ලැබුණෙ කා සමග වැඩ කිරීමෙන්ද?

මගේ පළමු චිත්‍රපටය අමිතාබ් බච්චන් සමග. ඔහුගෙන් මම වෘත්තියභාවය, වෙලාවට වැඩ කිරීම, නිරන්තර පුහුණුවීම්වල වැදගත්කම වගේ ගොඩාක් පාඩම් ඉගෙන ගත්තා. සල්මන් ඛාන් සමගින් කිහිප වතාවක්ම වැඩ කරන්න ලැබුණා. ඔහු Icon එකක්. අක්ෂේ කුමාර් සමගින් වැඩ කරන එක හරිම විනෝදජනකයි. මේ හැම කෙනෙක්ගෙන්ම මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා.

• ඔබ වැඩ කිරීමට සිහින මවන අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවද?

අවංකවම කිව්වොත්, සංජේ ලීලා බන්සාලි. මං හිතන්නෙ ඔහු සමගින් වැඩ කිරීම ඕනෑම රංගන ශිල්පියෙකුගේ,ශිල්පිණියකගේ හීනයක්.

Jacqueline Fernandez

• ඔබ රඟපෑ චිත්‍රපට අතරින් කැමතිම චිත්‍රපටය ?

ඇත්තටම මම මං රඟපෑව චිත්‍රපට බලන්න එච්චර කැමති නෑ. හැමෝම මට බලකරනව ඒව බලන්න කියලා. සල්මන් ඛාන් සමගින් වැඩ කළ , Murder 2 චිත්‍රපටය විශිෂ්ඨයි කියලා මං හිතනවා.

• විලාසිතා ගැන ඔබේ අදහස?

එය මොහොතින් මොහොත අලුත් වෙන, ප්‍රතිචක්‍රිකරණය වෙන විෂයක්. මං කැමතියි වෙනස් විදිහේ විලාසිතා කරන්න.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you