SportsChris Gayle predicts: ICC ලෝක කුසලාන අවසන් පුර්ව වටයට...

Chris Gayle predicts: ICC ලෝක කුසලාන අවසන් පුර්ව වටයට එන කණ්ඩායම් ගැන ක්‍රිස් ගේල් ගෙන් අනාවැකියක්

-

spot_img

Chris Gayle predicts: හිටපු බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් ICC ලෝක කුසලාන 2023 අවසන් පුර්ව වටයට එන කණ්ඩායම් ගැන අනාවැකි පළ කර තිබෙනවා.

පකිස්ථානය, ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇති බවටයි Universe Boss විශ්වාස පළකරන්නේ .

43 හැවිරිදි ඔහු ක්‍රිස් ගේල් Press Trust of India (PTI) සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ දෙරට අතර පවතින එදිරිවාදිකම් හේතුවෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර තරඟය මුළු ලෝකයම නරඹන බැවින් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් තරඟාවලියේ අදායමෙන් වැඩි මුදලක් ඉල්ලා සිටිය යුතු බවයි.

“එම කණ්ඩායම් (ඉන්දියාව සහ පාකිස්තානය) විශේෂයෙන් ලෝක කුසලාන තරඟාවලියකට ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම ඔවුන්ගේ ආදායම අති විශාලයි. එක් ක්‍රීඩාවකට සම්පූර්ණ ICC තරඟාවලියාම බලා ගත හැකිය. පකිස්තාන් සහ ඉන්දීය ක්‍රීඩකයින් එම ක්‍රීඩා සඳහා විශාල මුදලක් ඉල්ලා සිටිය යුතුය, මන්ද එම තරඟ රූපවාහිනි විකාශනයන් වලදී වැඩිම අදායම් ලබන තරඟ වේ” ගේල් PTI වෙත පවසා තිබේ.

ලෝක කුසලාන තරඟාවලියේ වඩාත්ම ප්‍රේක්ෂක ආකර්ශනය සහිත තරඟය ඔක්තෝම්බර් 15 වනදා ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟයයි. එය නරඹන්නන් 132,000 ක් පමණ රැස්විය හැකි ලොව විශාලතම ක්‍රීඩාංගනය වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. (PTI)

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you