ArtDiary Of a wimpy kid - දඬුවම් කරල විතරක්...

Diary Of a wimpy kid – දඬුවම් කරල විතරක් දරුවො හරියට හදාගන්න පුළුවන්ද?

-

spot_img

Diary Of a wimpy kid – මේ ඔබට බොහොම හුරුපුරුදු පුංචි පවුලක් ගැන කතාවක්. මේ පවුලේ ඉන්නෙ අම්මා,තාත්තා සහ පුතාලා තුන්දෙනා. වැඩිමලා Rodrick Heffley. දෙවැන්නා Greg Heffley. දඟකාරකම්වලට නම් දැරුව,දඟවැඩකට ඕනම වෙලාවක ඔට්ටු,යන යන තැන කරදර දාගන්න අපිව ගොඩක් විනෝදයට පත් කළ මේ දෙන්නා ලෝකය පුරාම ගොඩක් ප්‍රසිද්ධයි. Diary Of a Wimpy Kid චිත්‍රපට මාලාව ගැනයි මේ සටහන.

2010,2011,2012 සහ 2017 වසරවල තිරගත වූ මේ චිත්‍රපට මාලාව Family/Comedy ගණයට අයත්. අමෙරිකාවේ ජීවත් වූ මධ්‍යම පාන්තිකයන් වන Heffley පවුලේ පියා Frank Heffley,ඔෆිස් එකක වැඩ කළා. අම්මා Susan ගෘහණියක්. බාලම දරුවා Manny, වැඩිමලා Rodrick. ඔහු High school එකේ අධ්‍යාපනය හැදැරුවා, Loded Diper සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට පිස්සු වැඩ කළා. කතා නායකයා පවුලේ දෙවැන්නා Greg Heffly. Middle school එකේ ඉගෙනගත්ත මෙයා අනිත් අයව අමාරුවෙ දාන්න දක්ෂයි.

Diary Of A Wimpy Kid

මේ තමයි වැදගත්ම දේ. මේ කතාව නිකම්ම නිකං Comedy එකක් විදිහට අත්හැර දමන්න බැහැ. පවුලක් තුළ එකිනෙකා හා සබඳතා පවත්වා ගන්නා ආකාරය (බුද්ධිමත්ව) සහ එකිනෙකා තේරුම් ගන්නා ආකාරය පිළිබඳව ලොකු පාඩමක් මේ කතාවෙන් කියා දෙනවා. දෙමාපියන් දරුවන්ට දඬුවම් ලබා දෙනවා.බැණ වදිනවා,පහර දෙනවා. නමුත් Frank සහ Susan තම දරුවන්ට දඬුවම් දෙන ආකාරය දෙමව්පියන්ට පාඩමක්. ඔවුන් දරුවන්ව ප්‍රසිද්ධියේ අපහසුතාවට පත් කරන්නේ නැහැ, යළි එම වරද නොකරන්නට,තම වරද ඔවුන්ට අවබෝධ වන්නට ඔවුන් දෙදෙනා ඉඩ හරිනවා. අනිත් දේ තමයි සහෝදර බැඳීම. එකට දඟකාරකම් කරල හරි කමක් නෑ,සහෝදර බැඳීම් ගොඩාක් වටින බව තේරුම් ගන්නවනං.

Diary Of A Wimpy Kid

Diary Of a wimpy kid චිත්‍රපට මාලාව නිම වී ඇත්තේ අමෙරිකානු ලේඛක Jeff Kinney ගේ Diary Of a wimpy kid කතා මාලාව ඇසුරෙන්. පොත් 19 කින් සමන්විත මේ කතා මාලාව පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීමටත් ඉතාම සුදුසුයි.

Diary Of A Wimpy Kid

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you