කාඩිගෙ මිලියන තුනක උපන්දින තෑග්ග – Cardi B
ජනප්රිය ඇමරිකානු රැප් ගායිකා Cardi B පසුගියදා ඇගේ තිස් හතර වැනි බර්ත්ඩේ එක සැමරුවා. කාඩිගෙ බර්ත්ඩේ එක ගැන හැමෝගෙම අවධානය යොමු වුණේ ඇයට ලැබුණ අතිසුඛෝපභෝගී තෑගි එකතුව නිසා.
මේ තෑගි තමන් වෙනුවෙන් තමන්ම මිලට ගත්තා කියලයි Cardi B කියන්නෙ. තෑගි අතර තිබුණ ඩොලර් මිලියන තුනක් වටින රෝස පැහැ Rolex අත් ඔරලෝසුව ගැන හැමෝම කතා කළා. මේ ඔරලෝසුව “Barbie Rolex” කියලයි හඳුන්වන්නෙ. මෙම දුර්ලභ Rolex Daytona ඔරලෝසුව රෝස පැහැති සෆායර් මැණික්, දියමන්ති සහ රත්තරන්වලින් අලංකාර කරලා තියෙනවා.ඊට අමතරව කැරට් 7ක දියමන්ති මුද්දක් සහ රෝස පාට Hermès Mini Kelly බෑග් එකකුත් Cardi ගේ තෑගි ගොඩට අයත්. මේ බෑගය අත් ඔරලෝසුවට ගැලපෙන විදිහට bubblegum pink පැහැයෙන් රෝස පැහැ ඇලිගේටර් සම්වලින් නිමවා, palladium පැහැ ලෝහවලින් හැඩ කරලා තියෙනවා.




