InterviewsEmma Watson : මගේ අත්වැරදීම් මට පාඩමක් ඉගැන්වූවා.

Emma Watson : මගේ අත්වැරදීම් මට පාඩමක් ඉගැන්වූවා.

-

spot_img

Emma Watson : ඇය බුද්ධිමත් රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රකටයි. ඇය  විශාල ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් හිමි කරගත් තරුවක්. Hermione Granger ව නොදන්නා අයෙක් සොයාගැනීමත් අසීරු දෙයක්. මේ Emma Watson සමගින් Jessica Chastain සිදුකළ කතාබහක්.

• විලාසිතා සහ Photo shoots සමග ඔබට තියෙන්නෙ කොහොම බැඳීමක් ද?

ඒ දෙකම මම කැමතිම දේවල්. ඡායාරූප කියන්නෙ නිර්මාණයශීලී දෙයක්. ප්‍රකාශන මාධ්‍යයක්. Photo shoot එකක දීත් චරිතයක් රඟ දැක්වීම සිදුවෙනවා. එය සිදුකරන්න තරමක් අපහසු දෙයක් මට.

• ඔබ රංගනයට පිවිසියේ ළමා කාලයේදී. ඔබ තරුණියක් වෙන ආකාරය දෙස මිනිසුන් බලාසිටියා. ඒ නිසා ඔබ හිතනවද ඔබ ඔවුන්ට අවශ්‍ය පරිදි ඔබේ ප්‍රතිරූපය පවත්වාගත යුතුයි කියලා ?

මම මගේම අනන්‍යතාවයක් හදාගන්න කැමතියි. මිනිස්සු ,චිත්‍රපටවලින් පිටත, මගේ ජීවිත කතාව ගැන උනන්දුයි. මම පෞද්ගලිකත්වයට කැමතියි. ක්ෂේත්‍රයේ අය මට ලොකු නිදහසක්, සහයෝගයක් ලබා දෙනවා.

• ක්ෂේත්‍රය තුළ ඔබට නිදහසක් දැනෙනවා ද?

ඔව්. අත්වැරදීම් සිදුවෙනවට මම කැමතියි. සමහර දේවල් කරන්න මම බයයි. ඒත් ඒ බය ඇතුලෙ ජීවත් වුනොත් මගේ කලා ජීවිතේ ඉවරයි. ඒක මාව නිහඬ කරාවි.

• අනිත් අය අපි කරන්න ඕන දේවල් ගැන පවසන විට දැනෙන්නේ ආතතියක්. මං හිතන්නෙ ඔබ,ඔබටම ඇහුම්කන් දෙන කෙනෙක්?

මගේ අත්වැරදීම් මට පාඩමක් ඉගැන්වූවා. මාව ගොඩාක් ශක්තිමත් කළා. හැමදෙයක්ම අවසානයේ ඔබ බිඳවැටී නැති වග දැනගැනීම වටිනවා. මම වැරදීම් තුලින් පාඩම් ඉගෙනගන්න කැමතියි.

• ඔබ බොහොම විවෘත අයෙක්. ඔබ කතාකරන්නේ හදවතින්මයි.

ඒ වචන ටික මට ලබා දුන් ලොකු ගෞරවයක් .

• රංගනය, වෙනත් අයෙක් ලෙස පෙනීසිටීම. බොරුවක් කියලා හිතිලා නැද්ද ?

කොහෙත්ම නැහැ. රඟපෑම කියන්නේ මනඃකල්පිත තත්වයන් යටතේ සත්‍යය පැවසීමක් කියලයි මට හිතෙන්නේ. සැබෑ ජීවිතයේදී ත් අපි බොරු කරනවා.

Emma Watson

• චරිතයක් තෝරාගැනීමේදී ඔබ සැලකිලිමත් වෙන දේවල් මොනවද ?

මම පිටපත කියවා බලනවා. මගේ අම්මටත් එය කියවලා බලන්න දෙනවා. එය මගේ හිතට දැනෙනවනං ම ඒක කරනවා. මං එක්ක වැඩ කරන අනිත් අය කවුද කියන දේ ගැනත් මම සැලකිලිමත් වෙනවා.

• සමාජ මාධ්‍යයවලට වඩා අධ්‍යාපනය, අව්‍යාජත්වයට මුල්තැන දෙන ගැහැණු ළමයින්ට ඔබ වගේ කෙනෙක්ගෙන් ලැබෙන්නෙ ආදර්ශයක්. ශක්තියක්.

අන්තර්ජාලය කියන්නෙ පාලනය කරන්න ඕන දෙයක්. මම පෞද්ගලිකත්වයට කැමතියි. අලුත් පරම්පරාවේ අය සමාජ මාධ්‍යය තුළ තමන්ගෙ ජීවිතය ප්‍රසිද්ධ කරනවා. ඔවුන් ගැන මට දුකයි. සමාජ මාධ්‍යය නිසා මිනිස්සු මිත්‍රකම් ඇතිකරගන්නවට මම කැමතියි. ඒත් අන්තර්ජාලය අනවශ්‍ය අයුරින් භාවිතා කිරීම භයානක දෙයක්. අපි තාක්ෂණය පරිස්සමින් භාවිතා කළ යුතුයි. තාක්ෂණයට අපිව හැසිරවීමට ඉඩ නොදිය යුතුයි .

• විවේක වෙලාවට ඔබ මොකද කරන්නෙ?

මම Chocolate Chip Banana Bread හදනවා. ඒක හරිම රසයි. ඒ වගේම මගේ සුරතල් පූසත් එක්ක කාලය ගතකරනවා. මං සංචාරය කරන්න ආසයි. dance කරන්නත් කැමතියි .

• ඔබ music වලට කැමතියි ?

ඔව්. Hip Hop සංගීතයට. මම Beyonce සහ Lady Gaga ට කැමතියි .

-Interview Magazine ඇසුරෙනි –

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you