ශ්‍රී ලංකා දේපළ වෙළෙඳපළට ජපන් ආයෝජන
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳ සන්නාමයක් වන හෝම්ලෑන්ඩ්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ ගෝලීය ආයෝජක හමුවක් පසුගිය මස ඔක්තෝබර් 10 වනදා ජපානයේ ටෝකියෝ නුවර ග්‍රෑන්ඩ් හයට් ටෝකියෝ හෝටලයේදී පැවැත්විණි. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවට ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ තුළ පවතින ආයෝජන අවස්ථා හඳුන්වාදීම මෙහි ප්‍රධාන අරමුණ විය.




එමෙන්ම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආයෝජන දිරිගැන්වීම, රටේ ආර්ථික සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ ජාත්‍යන්තර අවධානය වැඩිදියුණු කිරීම ද මෙවැනි වැඩසටහන් ඔස්සේ අපේක්ෂා කෙරේ. මෙම උත්සවයට සහභාගි වූ ආයෝජකයන් වෙනුවෙන් විශේෂ වට්ටම් ද හඳුන්වා දී තිබූ අතර, ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට සහ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීමට ද අවස්ථාව සැලසිණි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික හා ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආයෝජන මව්බිම වෙත ආකර්ෂණය කරගැනීම සඳහා මෙවැනි හමුවීම් වැදගත් වේ.
