Interviewsකාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

-

spot_img

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව – Jack Nicholson

ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක අනන්‍යතාවයකි. දශක පහකට අධික රංගන දිවිය තුළදී, ජැක් නිකල්සන් නම් වූ ඔහු ප්‍රේක්ෂක හදවත්වල සදාකාලිකවම ලැගුම් ගත්තේය. නළුවෙකු ලෙස ඔහු සුවිශේෂී වනුයේ එකම රංගන රටාවකට සීමා නොවීම හේතුවෙනි. සමාජ සම්මතයන්ට අභියෝග කරන, තමන්ගේම නීති අනුව ජීවත් වන, පුද්ගලික අරගල හැලහැප්පීම් ඇති මිනිසුන්ගේ චරිත රඟපෑ ඔහු එම චරිත සියල්ල එකම ආකාරයකින් ඉදිරිපත් කළේද නැත. ඒ සෑම චරිතයකටම වෙනස් මනෝභාවයක්, රිද්මයක් සහ ඔවුන්ගේම ලෝකයක් නිර්මාණය කිරීමට නිකල්සන් සමත් වූ අතර චරිතයේ අභ්‍යන්තරය මුහුණේ, හඬේ සහ ශරීර භාෂාවේ ප්‍රකාශ කිරීමට ඔහු සතු හැකියාව අති විශිෂ්ටය. සංකීර්ණ චරිතයක සිට හාස්‍යමය චරිතයකට තත්පර කිහිපයකදී මාරු විය හැකි වූ නිකල්සන්ගේ සම්මාන ඉතිහාසයම සුවිශේෂී එකකි. රංගනය උදෙසා අවස්ථා තුනකදී ඇකඩමි සම්මානත්, BAFTA සම්මාන තුනක්, Golden Globe සම්මාන හයක් සහ Grammy සම්මානයක්ද හිමි කර ගත් මේ විශිෂ්ට රංගන ශිල්පියාට ප්‍රේක්ෂකයින් මෙතරම් ආදරය කරනුයේ ඔහුගේ රංගනයේ වූ අපූර්වත්වය නිසාය.

• මිස්ට නිකල්සන් ඔබ නිතරම වගේ මරණය ගැන හිතනවද?

ඔව්, මේවා අපි නිතරම හිතනව වුණත් වැඩිපුර කතා කරන්න අකමැති විෂයයන්. ආදාහනය කරන්න ඕනෙද, භූමදාන කරන්න ඕනෙද, නැත්තම් වෙනත් ඕනෙ දෙයක් කරනවද කියලා හැමෝම හිතනවා.

Jack Nicholson

• ඔබේ කැමැත්ත මොකටද?

මගේ සොහොන තියෙන තැන අඩි 25 ක් විතර ලොකු රෝස පාට පිළිමයක් මට ඕනෙ. නැත්තං ඉන්දියානුවොන්ගෙ විදිහට මම කැමති වෙන්නත් පුළුවන්. ඔවුන් ඔබව ගහක මුදුනෙ එල්ලලා තිබ්බම කුරුල්ලො ඔබව කාලා දානවා. නෑ… නෑ… ඇත්තටම මම ගොඩක් වෙලාවට ආදාහනය තෝර ගනීවි.

• වයසට යන එකේ ධනාත්මක දේවල් තියෙනවද?

ඕනෑ තරම්. ඔබ තවදුරටත් ඉක්මනින් ක්‍රියා නොකරන නිසා ඉස්සරට වඩා කල්පනාකාරීයි. මට වයස අවුරුදු 70 ක් වෙනකොට වයසට වඩා තරුණ බවක් දැණුනු පළමු අවස්ථාව ඒ. ගඩොල් ටොන් එකක් වගේ අවුරුදු පනහක්ම මගේ ඇඟට කඩන් ​​වැටුණා වගෙ දැණුනා. ඒක ලොකු වයසක්. නමුත් හැත්තෑවෙදි මට ඒ ගැන හොඳ හැඟීමක් දැණුනා.

• ඔබට තරුණ බවක් දැනෙන්න හේතුවක් තියෙනවද?

මම දන්නේ නැහැ. මම කියන්නේ ඇයි අපි අංකයකට බැඳිලා ඉන්නෙ කියලා? මම ඉස්සර හරිම කඩිසරයි. කාමරෙන් එළියට ගිහින් ඔයාට පේන්න කලින් ආපහු එන්න පුළුවන්. ඔයාට තවදුරටත් ඒක කරන්න බැරි වුණාම දේවල් කරන විදිහ වෙනස් කරන්න ඕනේ. නමුත් මම ජීවිතය ගැන ගොඩක් උනන්දුයි, ඒක නැති කරගන්න ඕනෙ නෑ.

Jack Nicholson

• ඔබේ ජීවිතයේ අමතක නොවෙන අවස්ථා මොනවාද?

කෑන්ස් වල ඊසි රයිඩර් චිත්‍රපටයේ පළමු ප්‍රදර්ශනය. මොකද මම හොරෙන් එහාට මෙහාට යන්න කලින් එතනට ගිහින් හිටියා. තිරගත වීමේදී එතැන ඉඳගෙන ඉන්නකොට මට තේරුණා මම ඇත්තටම චිත්‍රපට තරුවක් වෙන්න යන බව. මම එතනට ගියාම අධ්‍යක්ෂණය ගැන ගොඩක් දුරට හිතාගෙන හිටියා. මොකද මම ඒ වෙනකොට අවුරුදු 10ක් 12ක් චිත්‍රපට කරලා තිබුණා. හැමෝම කිව්වා මම හොඳයි කියලා. නමුත් ප්‍රසිද්ධ වීම සහ සාර්ථකත්වයක් නොලැබීම සම්පූර්ණයෙන්ම අලුත් කෙනෙක් වෙනවට වඩා අමාරුයි. ඒක මගේ ජීවිතේ ටිකක් වෙනස් කළා, ඒක නිසැකවම කැපී පෙනෙන දෙයක්.

• දැන් ඔබට කවදා හරි ඒ වගේ හැඟීමක් දැනෙනවද ?

මම විශිෂ්ට නළුවෙක් කියලා කිව්වම, මම මගේ කන් වහගන්නේ ඔබ එහෙම හිතන්න හොඳ නැති නිසා.

• ඔබ ලොකු විශ්වාසයකින් ඉන්න බව පේනවා.

හොඳයි, ඔයා දන්නවා ඇති. මම හොඳ රංගනයක් ඉදිරිපත් කළා!

• ඔබ හිතනවද ඔබ මිනිස්සුන්ට නපුරු වුණා කියලා?

මම චිත්‍රපට කර්මාන්තයේ ඉන්නේ. ඒක හරිම කපටි විදිහට කරන්න ඕන දෙයක්. නමුත් මම කවුරුහරි රවට්ටලා කියලා හෝ හසුරුවලා කියලා කියන කෙනෙක් ඔයාට කවමදාවත් හොයාගන්න බැහැ.

Jack Nicholson

• ගැහැණු ළමයිවත් නැද්ද?

ගැහැණු ළමයි එහෙම කළේ එයාලා හිතුවට වඩා මාව මග හැරිය නිසා විතරයි.

• ඔබ ස්ත්‍රී ලෝලියෙක්ද?

අනිවාර්යයෙන්ම.

• ඔබ ඔබගේ රංගන කුසලතා ගැහැණුන් වෙනුවෙන් පාවිච්චි කරනවද?

වෙන්න පුළුවන්

• ගැහැණුන් පිළිබඳව ඔබ වැඩිපුරම කැමති දේ මොකක්ද?

මට ඕන එයාලා පුද්ගලයෙක් වෙන්න විතරයි. මම දැන් වෙනස් සංවාද දෙකක, ස්ත්‍රී පුරුෂ භාවය කොහොමද කියලා පොතක් කියවන්න පටන් ගත්තා. මේ පොත මටම විරුද්ධව විශේෂයෙන් ලියලා තියෙනවා වගේ දැනෙනවා. පොතේ පිරිමි චරිතය කියන්නෙ මගේ පරම්පරාව. ඔයා හිතන්නේ ඔයා ඒ වගේ පිරිමියෙක් වෙන්න ඕනේ කියලා. නමුත් ගැහැණුන්ට ඕනෙ සම්පූර්ණයෙන්ම වෙනස් සංවාදයක්. ඇයට සහතිකයක් අවශ්‍යයි. සහයෝගය ලැබීම අවශ්‍යයි, නමුත් ඒක සිද්ධ වුණාම ඔවුන් අපිව හසුරුවන්න ගන්නව. පොතේ අදහස නම් අපි හැමෝටම අනන්‍ය භාෂා තියෙන බව.

Jack Nicholson

• කාන්තාවන් ඉස්සර වෙනවට ඔබ කැමතිද?

ඒක හොඳයි, නමුත් මට එහෙම වෙන්නේ නැහැ. ගැහැණු මම ගාවට එන්නෙ motorcycle gangs වගේ. එයාලා ලැජ්ජාශීලියි. උවමනාවටත් වඩා ආචාරශීලීයි. මම දන්නෙ නෑ ඒ ඇයි කියලා.

• ඔබේ රහස කුමක්ද?

මම හැමතිස්සෙම සූදානමින් ඉන්නේ.

• ඔබ එක් රැයක් ගැන හිතනවද? නැත්තම් දිගු කාලීන සබඳතාවලට කැමතිද?

ඇත්ත වශයෙන්ම මට කවුරුහරි එක්ක රැයක් ඉන්න පුළුවන් කමක් තියෙනව. නමුත් මම ඒක එහෙම පටන් ගන්නෙ නැහැ. .

• ඔබට ‘ ඔබේ ජීවිතයේ ආදරයක්’ තියෙනවද?

අවාසනාවට එකකට වඩා තියෙනවා. අවුරුදු පනස්පහේදී මම කිව්වා මට තව සම්බන්ධතාවක් තියෙන්නෙ නැතිවෙයි කියලා. මට තවත් පවුලක් ඕනෙ වුණේ නැහැ. මගේම අමුතු නිර්ණායක, රුචි අරුචිකම් වගේ ගොඩක් දේවල් නිසා එහෙම වෙන එකක් නැහැ කියලා මම හිතුවා. ඔයා ඒ ගැන තියරිය දැනගත්තට පස්සෙ ආදරේට මුහුණ දෙනකං දිගුකාලීන සම්බන්ධතාවයකට කැපවෙලා ඉන්න එක ගැන වදවෙන්න ඕනේ නෑ කියලා මම හිතනවා.

Jack Nicholson

• ඒ සඳහා කොච්චර කාලයක් ගතවෙනවද?

මාස 18 ක්. පටන් ගැනීමේ ඉඳලා මුකුත් වෙනස් වෙන්නෙ නැහැ. පළවෙනි මාස දහ අටේදි ඕනෙම දෙයක් වෙන්න පුළුවන්. ඔයා ඒ ගැන කරදර නොවී ඉන්නව. දිග කාලයක් මාත් හිතුව මම කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියලා. නමුත් පස්සෙ මට තේරුණා ඒක බොරුවක් වග.

• ඔබ සඳහන් කළ අමුතු නිර්ණායක ගැන මොනවද කියන්න පුළුවන්?

ඒ අර්ථයෙන් මම ආත්මාර්ථකාමී පුද්ගලයෙක් කියලා මට විශ්වාසයි. මමත් වතාවක් විවාහ වුණා. මගේ පළමු දරුවාගේ අම්මා බදාදා දවසක වෙඩින් එක ගන්න කැමති වුණත් අපේ වෙඩින් එක සිකුරාදා තිබුණේ. මේ ක්ෂේත්‍රයෙදි ප්‍රතිපත්තියක් තියෙන එක වැඩකට නෑ කියලා මම කවදත් හිතුවා. පුද්ගලයෙක් විදිහට ඔබව තේරුම් ගන්න එක අමාරුනම් ජෝඩුවක් විදිහට ඒක මහ සංකීර්ණ දෙයක් වෙනවා. ඉතින් ඔබ “අනේ මම මේ වගේ කෙනෙක්ට කැමතියි,” කිව්වොත්, ඔබට ගැලපෙන එකම කෙනා දැක බලා ගැනීමේ හැකියාව ඔබ විසින්ම නැති කර ගන්නවා.

• ඔබේ ජීවිතයේ පසුතැවීම් ති‍යෙනවද?

මට හිතාගන්නවත් බැහැ. සමහරක් තියෙනව කියල මට විශ්වාසයි, නමුත් මම මනසින් එතනට යන්නේ නැහැ. ජීවිතය දිහා ආයෙම හැරිලා බලනකොට ඔබ කළ ගොඩක් දේවල් පිළිබඳව කලාතුරකින් හරි පසුතැවෙනවා. ඒ වගේම ඔබ නොකළ දේවල් ගැනත් පසුතැවෙන්න පුළුවන්.

The Talks ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you