Newsඅධික උණුසුම නිසා යාල වසා දැමීමේ තීරණයක්

අධික උණුසුම නිසා යාල වසා දැමීමේ තීරණයක්

-

spot_img

අධික උණුසුම නිසා යාල වසා දැමීමේ තීරණයක් 

පවතින අධික උණුසුම නිසාවෙන් සතුන්ට මෙන්ම වනජීවි නිලධාරීන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින්, යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 සහ 02 ලබන 14 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබේ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න ඊයේ (07) පැවැති ‘BIG FOCUS’ වැඩසටහනට එක් වෙමින් සඳහන් කළේ, පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් සතුන්ට ජල හිඟය මෙන්ම තාප ආතතියද දැඩිව බලපා ඇති බවය. 

yala-national-park
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න

එමෙන්ම, සංචාරක ජීප් රථ වැඩි ප්‍රමාණයක් වනෝද්‍යානය තුළ ගමන් කිරීමත් නිසා වනජීවි නිලධාරීන්ට රාජකාරි කටයුතු සිදුකිරීමේදී අපහසුතා මතුවන බවද ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ වියළි කලාපයට අයත් යාල කලාප අංක 01 සහ 02 මෙන්ම මන්නාරම සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශවල පවතින තත්වය සම්බන්ධයෙන්ද නිලධාරීන් අවධානයෙන් කටයුතු කරමින් සිටින බවත්, අවශ්‍ය අවස්ථාවලදී අදාළ වනෝද්‍යාන වසා දැමීමට හෝ සතුන්ට සහ නිලධාරීන්ට තාප ආතතියෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් මංජුල අමරරත්න වැඩි දුරටත් සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you