Newsඅධික උණුසුම නිසා යාල වසා දැමීමේ තීරණයක්

අධික උණුසුම නිසා යාල වසා දැමීමේ තීරණයක්

-

spot_img

අධික උණුසුම නිසා යාල වසා දැමීමේ තීරණයක් 

පවතින අධික උණුසුම නිසාවෙන් සතුන්ට මෙන්ම වනජීවි නිලධාරීන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින්, යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 සහ 02 ලබන 14 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබේ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න ඊයේ (07) පැවැති ‘BIG FOCUS’ වැඩසටහනට එක් වෙමින් සඳහන් කළේ, පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් සතුන්ට ජල හිඟය මෙන්ම තාප ආතතියද දැඩිව බලපා ඇති බවය. 

yala-national-park
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න

එමෙන්ම, සංචාරක ජීප් රථ වැඩි ප්‍රමාණයක් වනෝද්‍යානය තුළ ගමන් කිරීමත් නිසා වනජීවි නිලධාරීන්ට රාජකාරි කටයුතු සිදුකිරීමේදී අපහසුතා මතුවන බවද ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ වියළි කලාපයට අයත් යාල කලාප අංක 01 සහ 02 මෙන්ම මන්නාරම සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශවල පවතින තත්වය සම්බන්ධයෙන්ද නිලධාරීන් අවධානයෙන් කටයුතු කරමින් සිටින බවත්, අවශ්‍ය අවස්ථාවලදී අදාළ වනෝද්‍යාන වසා දැමීමට හෝ සතුන්ට සහ නිලධාරීන්ට තාප ආතතියෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් මංජුල අමරරත්න වැඩි දුරටත් සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා

මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා මහකන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් ලබන 08 වැනිදා අදාළ අංශ සමග සාකච්ඡා කරන...

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද්

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද් ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියකු මෙන්ම ලංකාවේ පළමු කාටුන් චිත්‍රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් ඊයේ (03) අභාවප්‍රාප්ත විය.  මොරටුව...

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...
- Advertisement -spot_img

නිහඬවම අපිට දොර වැහිල කියල තේරෙනකොට රිදෙනවා

නිහඬවම අපිට දොර වැහිල කියල තේරෙනකොට රිදෙනවා - Yami Gautam කලා පවුලක සාමාජිකාවක වූ ඇය රූපවාහිනී නිළියක ලෙසින් රංගනයට පිවිසියාය....

දරුවන් ජංගම දුරකතන ඇබ්බැහියෙන් මුදවමු

දරුවන් ජංගම දුරකතන ඇබ්බැහියෙන් මුදවමු - Mobile Phone Addiction කොවිඩ් වසංගතයත් සමග මඟ හැරුණු ඉගෙනුම් ක්‍රියාවලිය යථා තත්වයට පත් කිරීමට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you