මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා
මහකන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් ලබන 08 වැනිදා අදාළ අංශ සමග සාකච්ඡා කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවැසීය. එහිදී ගන්න තීරණ මත ලබන 18 වැනිදා සියලු පාර්ශ්ව සහභාගී කරවාගෙන මහකන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.




