Newsනායයෑම් සහ ගංවතුර නිසා පහක් මියයයි දෙදෙනෙකු අතුරුදන්

නායයෑම් සහ ගංවතුර නිසා පහක් මියයයි දෙදෙනෙකු අතුරුදන්

-

spot_img

නායයෑම් සහ ගංවතුර නිසා පහක් මියයයි දෙදෙනෙකු අතුරුදන් 

පසුගිය දින දෙක තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල නිවාස, කෙත්වතු සහ මාර්ග ජලයෙන් යටවී තිබේ. රජයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, මධ්‍යම පළාතේ කඳුකර ප්‍රදේශ මෙම කාලගුණ තත්වයෙන් දැඩි පීඩාවට පත්ව ඇති අතර එම ප්‍රදේශවල ඇතැම් පාසල් අද දිනයේ (04 අඟහරුවාදා) වසා දමා තිබිණි.

මේ වන විට නායයෑම්වලින් මධ්‍යම පළාතේ නිවාස දෙකක් යටවී පස් දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් තිදෙනෙකු තුවාල ලබා, දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව රජයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි පැවසීය. එමෙන්ම වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් නිවාස 129 කට හානි සිදුවී ඇති අතර පුද්ගලයින් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගංවතුරට කොටු වී සිටින පුද්ගලයින් බේරා ගැනීමට සහ ඔවුන්ව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යෑමට නාවික හමුදාව යොදවා ඇති අයුරුද දක්නට ලැබේ. ගංවතුර හේතුවෙන් තම නිවාසවල සිරවී සිටින සහ නායයෑමේ අවධානමට මුහුණ දී සිටින පුද්ගලයින් ආරක්ෂක අංශ විසින් බේරා ගන්නා ආකාරය සහ මධ්‍යම පළාතේ ප්‍රධාන මාර්ග කිහිපයක දැවැන්ත ගල් සහ විදුලි කණු කඩා වැටීම් හේතුවෙන් ප්‍රදේශයේ සමහර ස්ථානයන්හි ගමනාගමනය අවහිර වී ඇති අයුරු මාධ්‍ය මඟින් විකාශය කරනු දක්නට ලැබේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් තවමත් රට යථා තත්ත්වයට පත්නොවී තිබියදී, මෙම ව්‍යසනයද පැමිණි අතර දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූයේ ද මධ්‍යම පළාතයි. තවමත් එහි මාර්ග, දුම්රිය මාර්ග සහ නිවාස නැවත ගොඩනැගීම නියමාකාරයෙන් සිදුව නොමැති අවස්ථාවක ඇතිවූ මෙම නවතම ස්වභාවික ව්‍යවසනය, ජීවිත හා දේපළවලට හානි දැඩි කරන අතර අධික මෝසම් වැසි බොහෝ විට මධ්‍යම කඳුකර කලාපයේ නායයෑම් ඇති කර පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුකොටගෙන, දහස් ගණනක් ජනයාට තම නිවාස වලින් ඉවත් වීමට සිදුවීමේ ප්‍රවනතාවය වැඩිය.

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you