NovelsShort Storiesහැපි දිවාලි

හැපි දිවාලි

-

spot_img

හැපි දිවාලි – Happy Diwali

ඔබ තරුණ වියේදී, ලෝකය තවමත් පුදුම සහ ගවේෂණය කළ යුතු දේවල් සහ නැරඹිය යුතු ස්ථාන වලින් පිරී ඇති විට, නවයේ සිට පහ දක්වා රැකියාවක වෙහෙසකර බව නොහඳුනන විට ජීවිතය කැපී පෙනෙන ලෙස හොඳින් සිදුවනු ඇතැයි ඔබ අපේක්ෂා කරයි. ජීවිතයෙන් ස්පර්ශ නොකළ ජීවිතය දුම්මලවලින් සංරක්ෂණය කෙරුවාක් මෙනි. ආශ්චර්යයකි! දිනක්, ඔබ ටෙඩි බෙයාර් කෙනෙකු සමඟ සෙල්ලම් කරමින් බෝනික්කන් සමඟ තේ සාදයක් පවත්වන අතර, ඔබ දැනටමත් දන්නා දෙය නම්, ඔබට වයස තිස් දෙකක් බවයි. ඔබ දික්කසාද වී දෙමාපියන්ගේ නිවසින් ඈත නගරයක, ක්ෂිතිජය දෙස බලමින් ජීවිතය මෙසේ වීමට ඔබ සිදුකළ වරද කුමක්දැයි කල්පනා කරයි.

ගුවන් යානයේ ජනේලයට හේත්තු වූ අංකිතා දිගු සුසුමක් හෙළුවාය. ඇය දිවාලි උත්සවයට සහභාගී වීම උදෙසා අග්‍රා වෙත, එනම් ඇගේ දෙමාපියන්ගේ නිවස වෙත යමින් සිටියාය. ගිය වසරේ නම් ඇයට යාබද අසුනේ පරාග් හිඳගෙන සිටියේය. ඔහු ගුජරාටයේ අයෙකි. ඇය පරාග්ට ආදරය කළාය. ඔවුන්ගේ විවාහ මංගල්‍යයේදී ඔහු ඇගේ බෙල්ලේ මංගල සූත්‍රය බැන්ද මොහොතේ ගිණි උදුනේ ආලෝකයෙන් ඔහුගේ මුහුණ බැබළුණි. ඇය ඔහුට ආදරය කළාය. ඔහු ගායනා කරන විට, ඔවුන් නටන විට, ඔහු පැකිළෙන විට පවා. ඔහු කෑ ගැසූ විට ඇයද ප්‍රතිචාර වශයෙන් කෑ ගැසුවාය. ඔහු දික්කසාදය සූදානම් කරද්දී පවා ඇගේ කොටසක් තවමත් ඔහුට ආදරය කළාය.

Happy Diwali

ඔහු ඇයව රවටා ඇති නිසා හෝ වෙනත් කාන්තාවක් සමඟ ආදරයෙන් බැඳී ඇති නිසා ඇය එතරම් අපහසුතාවයට පත් නොවනු ඇත. ඔහු ඇයට වඩාත් සමාජීය වශයෙන් පිළිගත හැකි හේතුවක් ලබා දුන්නා නම්. විවාහය යනු දුෂ්කර කාලවලදීත් කෙසේ හෝ එකට සිටීම නොවේද? ඔවුන් රණ්ඩු වී කෑ ගැසුවේ ඔවුන්ට කියන්න දේවල් නැති වන තුරු සහ නිහඬතාවය වඩා හොඳ බව තීරණය කරන තුරුය. දෙවියන් වහන්සේ ඔවුන්ව බේරා ගැනීමට උපරිම උත්සාහයක් ගත් අතර ඔවුන්ගේ විවාහය විනාශ කළේ කැකෑරෙන කුණාටුව නොව දරාගත නොහැකි නිහඬතාවයයි. ඇය ඔහුට ආදරය කළ නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවුණි.

බිළිඳිය මඳක් චලනය වන විට ඇය නිත්‍යාගේ පිටට මෘදු ලෙස තට්ටු කළාය. නිත්‍යා සිය කුඩා දෙපාවලින් අංකිතාගේ බෑගයට පයින් ගැසුවාය. මාස එකොළහක් වූ ඇයට අංකිතාගේ ලොකු ඇස්, පරාග්ගේ රූපය, ඔලිව් පැහැති සම සහ පුංචිම පුංචි අත් තිබුණි. ඇගේ පැමිණීමට පෙර, අංකිතා දරුවෙක් මේ තරම් අපූරු බව දැන සිටියේ නැත. ජනේලයෙන් පිටත කාලගුණය මොහොතෙන් මොහොත නරක අතට හැරෙමින් තිබූ අතර, කැබින් එක තුළ ඝෝෂාව අධික විය. මැදිවියේ කාන්තාවක් තම සැමියාගේ අත මත අත තබාගෙන දොඩමලුව සිටියාය. දෙවියනේ..!

Happy Diwali

දෑස් පියාගත් අංකිතා කැළඹිලි සහගත හුස්මක් හෙළුවාය. වඩාත්ම රිදවන දෙය නම් කුඩා නිත්‍යාට බිඳුණු නිවහනක උස් මහත් වීමට සිදුවීමයි. ඔවුන් සම දෙමාපියන් වීමට කතාකරගෙන තිබුණි. ඇගේ නැන්දම්මා සහ මාමණ්ඩිය ඇයට වෛර කළත් පරාග්ට සහ තමන්ට දරුවා වෙනුවෙන් සමීප වීමට සිදුවනු ඇත. නමුත් දැනට ඇයට දුරස්ථ බව අවශ්‍ය විය. අංකිතාට අවශ්‍ය වූයේ දෙමාපියන් සහ දරුවා සමඟ කලකට පසු හොඳ දින කිහිපයක් ගත කිරීමටයි. පැය හතරකින් දිවාලි එලඹෙනු ඇත. ඒ වනවිට ඇය අලංකාර ලෙස සැරසූ ඇගේ දෙමාපියන්ගේ නිවසේ හිඳිනු ඇති.

නිත්‍යා ලොකු ඇස්වලින් සිය මව දෙස බැලුවාය. ඇය කුසගින්නෙනි. අවදියෙනි. අංකිතා ඇයව ළයට ලංකොට කිරි දුන්නාය. ජනේලයෙන් පිටත බැලූ ඇයට සුරංගනා ආලෝකයන් සහ මැටි ලාම්පුවලින් දිලිසෙන පහළ නගරය පෙනේ. උත්සවය සේම ආලෝකයෙන් බබළන මගීන්ගේ මුහුණු. හදිසියේම ඈට මහත් තනිකමක් දැනුණි. දරුවාගේ කම්මුල සිප ගත් ඈ කඳුළු සඟවා ගත්තාය. හැමදේම හොඳින් සිදුවනු ඇත. ඇයට අවශ්‍ය වූයේ තම දරුවාට සීයා, ආච්චි, මාමලා, නැන්දලා සහ ඥාති සහෝදර සහෝදරියන් හැමෝම කොන්දේසි විරහිතව ආදරය කරන විශාල පවුලක් තුළ ජීවත් කරවීමයි. ගිම්හාන නිවාඩුවේදී එකට එකතු වී හිරු බැස යන තුරු සෙල්ලම් කරන ඥාති සහෝදර සහෝදරියන් රැසක්. ඇය හයියෙන් හුස්ම හෙළුවාය.

Happy Diwali

“නෝනාවරුනි, මහත්වරුනි, සවන් දෙන්න. ඉදිරියේදී වේගයෙන් නරක අතට හැරෙන කාලගුණික තත්ත්වය නිසා, සෑම කෙනෙකුගේම ආරක්ෂාව සඳහා අපට නැවත ගමන් කිරීමට සිදු වී ඇත. සුළු කැළඹීමක් ඇති විය හැකි නමුත් කලබල නොවෙන්න. අපි ආසන්න වශයෙන් පැය දෙකකින් උදයිපූර්වලට ළඟම ඇති ගුවන් තොටුපළට ගොඩබසිනු ඇත. සිදුවූ අපහසුතාවයට සමාවෙන්න. ඔබේ සහයෝගයට ස්තූතියි.”

සියලුම මගීන් නොඉවසිල්ල පළකරමින් කතාබහ කරනු ඇසුණි. කුණාටුවක් එනු ඇත. අංකිතාට තවදුරටත් එය දරාගත නොහැකි විය. ඇය අතින් කට වසාගෙන වෙව්ලුවාය. ඇගේ දැඟලීම නිසා කලබල වූ නිත්‍යා විලාප දීමට පටන් ගත්තාය. අංකිතා ඇයව නිහඬ කිරීමට උත්සාහ කළ නමුත් මව සහ දියණිය දෙදෙනාම අඬමින් සිටියදී හැමෝම ඔවුන් දෙස බැලුවෝය. දෙවියනේ, කරුණාකරලා හැමෝම බලන එක නවත්වන්න පුළුවන්ද…? රතු පැහැති හිස්වැස්මක් පැළඳ, රැළි වැටුණු සමක් සහ සුදු රැවුලක් ඇති ඇය සමීපයේ සිටි වියපත් මිනිසා සිය උපැස් යුවළ අතරින් ඈ දෙස බැලුවේය. ඔහුගේ වියපත් මුහුණේ තිබුණේ කාරුණික පෙනුමකි.

“දුව, ඔයාට උදව්වක් ඕනෙ නම්, අපි බබාව වඩාගන්නම්. මටත් මිණිබිරියක් ඉන්නවා.”

ඔහුගේ බිරිඳ අංකිතා හා සිනාසෙමින් දැරිය ඔසවා ගැනීමට දෑත් දිගු කළාය. අංකිතා කෘතඥතාවයෙන් යුතුව සිය දෑස් පිසදැමුවාය. කාන්තාව බිළිඳිය ඔසවාගෙන මෘදු හඬින් නැලවිලි ගීයක් ගැයූ අතර මිනිසා දැරියගේ දෙපා අල්ලාගෙන සුරතල් බස් දෙඩුවේය. හැඬීම නැවැත්වූ නිත්‍යා ඔවුන් හා හිනැහුණේය. ඇගේ හිනා හඬ ඇසී, අසළ අසුන් පේළියක සිටි කුඩා පිරිමි දරුවෙක් “අම්මා, බබා..” යනුවෙන් පවසමින් සිය මවගේ උරහිසට තට්ටු කළ අතර මව පැවසුවේ ඔහුත් කුඩා කාලයේ එලෙස බවයි. අවිශ්වාසයෙන් මව දෙස බැලූ දරුවා නිත්‍යා අසළට පැමිණ සිටියේය.

Happy Diwali

“මට එයාගෙ අත අල්ලන්න පුළුවන්ද?”

“ඔව්.. එයා නංගි බබෙක්”

නිත්‍යා ඔහු හා හිනැහුණාය. පිරිමි ළමයාද හිනැහුණි.

“එයාගෙ අත් ගොඩක් චූටියි”

අහස හරහා අකුණු සැරයක් හමා යද්දී ගුවන් යානය මඳක් සෙලවුණි. පිරිමි ළමයාගේ මව ඔහුව රැගෙන යාමට පැමිණි විට නිත්‍යා හයියෙන් කෑගැසුවාය. මේ මොහොත වන විට, ගුවන් යානයේ සිටි සෑම කෙනෙකුම පාහේ මේ දෙදෙනා දෙස බලා සිටියහ. අපූරු දෙන්නෙක්. හැමෝම සිනාසෙමින් සිටියහ. ගුවන් සේවිකාවක් බිළිඳිය වෙනුවෙන් සෙල්ලම් බඩුවක් රැගෙන ආවාය. ටිකෙන් ටික, මුළු කැබින් එකම දරුවා කෙරෙහි ආදරයෙන් බැඳී ඇති බවක් පෙනෙන්නට තිබුණි: ඇය සිනාසෙන ආකාරය, හඬන ආකාරය.

අංකිතා, බිළිඳිය සහ රතු හිස්වැස්ම පැළඳ සිටි මිනිසා දෙස, ඔහු ඇගේ සීයා වූ ආකාරය දෙස බලා සිටියාය. ආච්චි කෙනෙකු මෙන් ඇගේ ලාලිත්‍ය, ගීත සහ කතා ගායනා කළ කාන්තාව සහ ඇගේ ඥාති සහෝදරයා බවට පත් වූ පිරිමි ළමයා දෙසත්. ඇගේ නැන්දලා විනෝදජනක ගුවන් සේවිකාවන් වූ අතර ඔවුන් තල්ලු කළ ට්‍රොලිවල ඇසුරුම් කළ ආහාර වර්ග ඇයට පෙන්වූ අතර, ඇගේ මාමලා F1, G1 සහ H1 ආසනවල වාඩි වී සිටි රජයේ කනස්සල්ලට කරුණ පැවසූ මිනිසුන් විය. උදයිපූර් බලා යන ගුවන් යානය ඉදිරියට ගියේය. කැබින් එක බිළිඳියකගේ සිනහවෙන් සහ ඇයට ආදරය කළ විශාල පවුලකින් පිරී තිබුණි.

අහමදාබාද්හි ඇගේ බෑණාගේ නිවසේ සිට පැමිණි මැදිවියේ කාන්තාවක්, දිවාලි උත්සවයට නියමිත වේලාවට ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ට නිවසට යෑමට නොහැකි බව වටහා ගත්තාය. ඉතින්, ඇය තම අසුනෙන් නැඟිට, කැන්වස් බෑගයක් පහතට ඇද ගත්තාය. අනතුරුව බෑගය ලිහා විශාල රසකැවිලි පෙට්ටියක් එළියට ගනිමින් ගුවන් සේවිකාවන් දෙස බලා හිනැහුණාය. “හැපී දිවාලී” එසේ පවසමින් ඇය වටකුරු රසකැවිලි පෙට්ටිය විවර කළාය. මිනිත්තු දහයක් ඇතුළත, කැබින් එක මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගොස් ඔවුන් සතුව තිබූ රසකැවිලි සහ ආහාර සෑම මගියෙකුම සමග බෙදා ගනිමින්, එකිනෙකා වැළඳගනිමින් දිවාලි සුබපැතුම් බෙදා ගත්තෝය. ඔවුන් එදින ගුවන් යානයට ගොඩ වූ විට හෝ ගුවන් යානය නැවත හරවා යවන විට, මෙම දිවාලි සැමරුම මතක තබා ගත යුතු එකක් වනු ඇතැයි ඔවුන්ගෙන් කිසිවෙකුත් නොසිතන්නට ඇත. රතු හිස්වැස්මක් පැළඳ සිටි මිනිසා අංකිතා දෙසට හැරී, ඇය දෙසට රසකැවිලි දිගු කරමින්, පන්ජාබි භාෂාවෙන් මෙසේ පැවසීය.

Happy Diwali

“හැමදෙයක්ම හොඳට සිද්ධවේවි දුවේ. ඕනෙවට වඩා හිත කරදර කරගන්න එපා.”

අංකිතා සැනසීමෙන් හිස වැනුවාය. ඇතිතරම් ආදරය ලැබූ නිත්‍යා නැවතත් සිය මවගේ තුරුලට වී සිටියාය. ලෝකය සමහර අවස්ථාවලදී අසාධාරණ ලෙස පෙණුනත්, අවශ්‍යම මොහොතේ ආදරය අප ලඟට කෙසේ හෝ එවන ක්‍රමයක් විශ්වය සතුය. බොහෝ කාලයක් තිස්සේ ඔබ ශක්තිමත්ව සිටින විට, කුණාටු නතර නොවන බව පෙනෙන විට, ජීවිතය ඔබව පුදුම කිරීමට ක්‍රමයක් සොයා ගනී. වියපත් මිනිසාගේ කටහඬ ඇගේ සිතුවිලි බිඳ දැමීය.

“දැන් මේ කැවිලි මොනවහරි කාලා ඉන්න”

අංකිතා කැවිලි කමින් කඳුළු අතරින් හිනැහුණේ තම ස්වෙටරයේ අත්වලින් දෑස් පිහිදමමිනි.

“හැපි දිවාලි….!!! “

කෘතඥතාවයෙන් හදවතම පිරී යමින් තිබියදී ඇය ඔවුන්ට සුබ පැතුවාය.

[Reedsy වෙබ් අඩවියෙහි පළවූ Akhilesh Mehra විසින් රචිත Diwali කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි]

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you