Bill Gates – ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්රය වැඩි දියුණු කිරීම සඳහා අතහිත දීමට ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් පදනම ඉදිරිපත් වී තිබෙනවා. ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වාදෙමින් බිල්ගේට්ස් පදනම මෙරට කෘෂිකර්මය නැංවීමට ඉදිරිපත්ව සිටින අතර ඒ සඳහා වන මූලික සාකච්ඡා ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය හරහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබෙන අතර කෘෂි ක්ෂේත්රයේ දත්ත එකතු කිරීම සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි මූලික අරමුණ බවයි පැවසෙන්නේ. නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දත්වාත්,ලබාගන්නා ඵලාදව සංරක්ෂණය කිරීම උදෙසාත් අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන බව සඳහන්. බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමෙි නිලධාරීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ මුණ ගැසුණු අවස්ථාවේ මෙම ව්‍යාපෘතියට එකඟතාවය පළ කර තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.