NewsPayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

-

spot_img

 

ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක වනවා.

මෙම පද්ධතිය සක්‍රීය වීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙන්ම නිදහස් වෘත්තිකයන්ට (Freelancers) තම ගෙවීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, එමඟින් මෙරටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණය ද ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.

PayPal හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමට මීට පෙර පැවති නීතිමය සහ තාක්ෂණික බාධා ඉවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ PayPal India ආයතනය එක්ව කටයුතු කළා.

ඒ සඳහා මෙරට බැංකු පද්ධතිය නියෝජනය කරමින් සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ ලංකා බැංකුව එක්ව පසුගිය කාලසීමාව පුරා සිදු කළ සාකච්ඡා සාර්ථක වීමත් සමඟ මෙම අවස්ථාව උදා වී තිබෙන බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ බැංකුවකින් නිකුත් කරන Debit හෝ Credit වැනි ගෙවීම් කාඩ්පතක් PayPal ගිණුමට සම්බන්ධ කර ගෙවීම් ලබා ගැනීමට හැකි අතර, ආරම්භක අවස්ථාවේදී සම්පත්, කොමර්ෂල් සහ ලංකා බැංකු ගිණුම් මේ සඳහා සම්බන්ධ කළ හැකියි.

විදේශයක සිටින අයෙකුට මෙරට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමේ හැකියාව ද මින් ඉදිරියට හිමි වන බව සඳහන්.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you