NovelsRath Dothaluරත් දෝතළු - 49

රත් දෝතළු – 49

-

spot_img

රත් දෝතළු – 49

මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි.

“සර්… ආවේ…?”

මම ඇසීමි.

“මම… ආවේ තේ ටිකක් බොන්න පුළුවන්ද බලන්න… ඔයා මෙතන ඇති කියලා මං හිතුවේ නැහැ… ඔයාට නින්ද ගිහින් හිටපු නිසා මං ආපහු යන්න හැදුවේ…”

වරදකාරී හැඟීමකින් මෙන් ඔහු කීය.

“මං හදන් එන්නම්… සර් යන්න…”

“නැහැ… ඔයා ඇඳට ගිහින් ටිකක් නිදා ගන්න.. මං හදාගන්නම්… ඔයාට කරදරයිනේ…”

“නැහැ… මට දැන් නිදිමතක් නැහැ… සර් යන්නකෝ… මං හදන් එන්නම්…”

“හ්ම්ම්… කියනදේ අහන්නේ නැහැනේ… හරි එහෙනම්… ඔෆිස් රූම් එකට එන්න…”

මම හිස සැළීමි.

“ඔළුවෙන්… නෙවේ… කටින්…”

ඔහු සිනහසෙමින් කියන විට මා මුවටද සිනහවක් නැඟුණේ නිතැනිනි.

“හරි… සර්…”

ඔහු පිටව ගිය පසුව මම යළි අසුන මතට වැටුණේ ලැජ්ජාමුසු හැඟීමකිනි. අහස් බොහෝ වෙලාවක් මෙහි රැඳී සිටියාද නැතිනම් ඔහු පැමිණියේ ඒ මොහොතේමද කියා මම සිතන්නට වූයෙමි.

“මං කොහොම නිදන් හිටියද දන්නැහැ…”

පෙර ඇති වූ ලැජ්ජා මුසු හැඟීම සිරුර පුරාම දිව යන්නාක් මෙනි. නින්ද ගියේ මන්ද කියා කෝපයක් මා කෙරෙහිම ඇති විය. තේ සෑදීමට වැඩි වෙලා ගියේ නැත. මම අහස්ගේ කාර්යාල කාමරයට එන විට ඔහු සිටියේ සිය ලැප්ටොප් පරිඝණකයට හිස ඔබාගෙන යම් කටයුත්තකය. තේ කෝප්පය මේසය මත තබා මම නිහඬව හැරී ඒමට සූදානම් වන විට ඔහු මා ඇමතුවේය.

“අරවින්දි…”

මම ආපසු හැරී ඔහු දෙස බැලීමි.

“සර්…”

“තෑන්ක්ස් හොඳේ…”

“ඉට්ස් නොට් අ බිග් ඩීල් සර්…”

ඔහු අසුනින් නැඟිට ගොස් අසල වූ අසුන මත තබා තිබූ පාර්සල් කිපයක් ගෙන මා අසලට ආවේය.

“මේ අරවින්දිට… මං එනකොට අරන් ආවේ… බලන්න හොඳද කියලා…”

ඔහු ඒ පාරසල මවෙත දිගු කරමින් කියන විට මම පුදුමයෙන් ඔහු දෙස බැලීමි.

“මට…?”

“ගන්න ළමයෝ… අරන් ගිහින් බලන්න… හොඳද කියලා…”

මා පැකිළෙමින් සිටින විට ඔහු නැවත කීය. මම ඒවා අතට ගත්තේ ඔහුට ස්තූති කරමිනි. ඔහු කුමක් රැගෙන ආවාදැයි සිතමින් මම පහළට දිව ආවේ කුහුල් සිතිනුත්, ඒවා දිග හැර බැලීමේ දැඩි ආශාවකිනුත් යුතුවය. මතක ඇති කාලයක තිළිණයක් කියා කිසිම දෙයක් නොලැබ තිබූ මා මේ මොහොතේ නම් පසුවූයේ සැබෑම සතුටකිනි. කාමරයට දිව ආ මම පාර්සල කීපයම යහන මත දමා ඒවා එකිනෙක විවර කර බැලීමි. ඒවා තුළ වූයේ අනර්ඝ තත්වයේ ඇඳුම් සහ පාවහනුත් විවිධ වර්ගයේ සුවඳ විළවුන් කීපයකුත්ය. ඇඳුම් කීපය හැඳ බැලීමට උපන් ආශාව නම් මට මැඩගත නොහැකි විය. මම ඒ සියල්ල එකිනෙක හැඳ බැලීමි. සියල්ල ගානට මිම්මට ඇත. පාවහන්ද එසේමය. ඔහු මේ සියල්ල ගානට මිම්මට සරිළන සේ කෙසේ මිලදී ගත්තාදැයි කියා මම සිතුවේ මවිතයෙනි. මේ සියල්ල මා විනිෆ්‍රීඩා මහත්මියට පෙන්විය යුතුයැයි සිතා මම ඇගේ කාමරයට පැමිණියේ ඈ තවමත් නින්දේ දැයි සැකයෙනි. ඈ නින්දෙන් අවදිව සිටි අතර රෝද පුටුවට වී හිස පීරමින් සිටියාය.

“මැඩම් ඇහැරියද…?”

“ආහ්… දැන් ඇහැරියේ අරවින්දි…”

“මැඩම්… මේ… අහස් සර් ගෙනත් තියෙන්නේ…”

ඇගේ යහන මත සියල්ල තබමින් මම කීවෙමි.

“ෂා… හරි ෂෝක්නේ…”

ඈ පනාව පසෙක තබා රෝද පුටුව යහන අසලට ගනිමින් කීවේ මුවේ ඇඳුණු මඳහසකින් යුතුවය.

“ඒත් මැඩම් මම මේ වගේ හොඳ ඇඳුම් කොහාට අඳින්නද…?”

“කොහේ හරි යනකොට අඳින්න…”

“ඒත් මැඩම්… මං කොහේ යන්නද…?”

“අපි අහස් පුතාට කියමුකෝ අපිව කොහේ හරි එක්ක යන්න කියලා… දැන් ඔයා මට ඔය ඇඳුම් ටික ඇඳලා පෙන්නන්නේ නැත්ද…?”

ඈ සිනහවෙමින් විමසන විට මම නැවත වරක් එම ඇඳුම් එකිනෙක හැඳ ඇයට පෙන්වූයෙමි.

“ඇඳුම් සේරම ලස්සනයි සර්… ගොඩක් ස්තූතියි…”

මම ඔහු සමඟ කීවේ රාත්‍රී ආහරයට ඔහු කෑම කාමරයට පැමිණි විටය. ඔහු එයට මඳහසක් පෑවේය.

“ස්තූති කරන්න තරම් දෙයක් නැහැනේ…”

ඔහු නිහතමානීව කීවේය.
————————————————————————————————————————————
අහස් සිය රාජකාරී කටයුතු සමඟ බොහෝ කාර්යබහුල වී සිටි අතර ඔහු මේ දින කීපයේම නිවසට පැමිණෙන විටත් රාත්‍රී දහයට ආසන්න විය. විනිෆ්‍රීඩා මහත්මිය ඒ වන විටත් නින්දට ගොස් සිටි නිසා මම ඔහු පැමිණෙන තුරු ආලින්දයට වී හෝ කෑම කාමරයේ මේසයට හිඳගෙන පොතක් කියවමින් සිටියෙමි.

“අරවින්දි… ඇහැරන් ඉන්න වුවමනා නැහැ… ඔයා නිදාගන්න… මං නිසා ඔයාට කරදරේ… මං කෑම බෙදාගන්නම්…”

ඔහු බොහෝ විට එසේ පැවසුවද මට එසේ කිරීමට සිත් නොවීය. මා නින්දට ගියේ ඔහු කෑම කා අවසන්ව පිටව ගියාටත් පසුවය.

“ශීලා අද හෙට එයි… එතකොට ඔයාට කරදරයක් නැහැ අරවින්දි…”

මේ කිසිත් මට කරදරයක් නොවේ යැයි කීමට වුවමනා වුවද මම මුණිවත පිරුවෙමි.

“හැබැයි ඉතින් අරවින්දිගේ කෑම තරම් ශීලාගේ කෑම රස නැහැ… ආයේ ඒවා කනවා කියලා හිතනකොටත් බයයි…”

ඔහු අපුළෙන් මෙන් කීවේය.

“කෑම ටික මම උයන්නම් සර්…”

“ඒත්… ඔයා ආවේ ඒ වැඩ කරන්න නෙවේනේ අරවින්දි… වළං පිඟන් සෝදන එකටවත් මං කැමති නැහැ…”

ඒ මන්දැයි කියා ඇසීමට සිතුණද මම එම සිතුවිල්ල සිත තුළම සිරකළෙමි.

“ඒකට කමක් නැහැ… සර්…”

“ශීලා ආවාම ඔයා ඕවා කරන්න එපා… මං එයා ආවාම කියන්නම්… ගෙවල් අස්කරලා එයා රෙදි ටික වොෂින් මැෂින් එකට දායි… ඔයා ඔෆිස් එකේ වැඩ ටික කරන්න රෙඩි වෙන්න ඕන… අනික ඔයා ඉගෙනගත්ත කෙනෙක්නේ… සුදු මම්මා වුණත් කැමති නැහැ ඔයාව මෙහෙම තියන්න… එයා මට කිව්වා ඔයාව ඔෆිස් එකේ වැඩට ගන්න කියලා… මෙහෙ නෙවේ… ෆැකටරි එකේ…”

ඒ ඇසූ මම මවිත වූයෙමි.

“අනේ… ඕන නැහැ සර්… මං මෙහෙ ඉඳන් සර්ට වැඩ ටික කරලා දෙන්නම්…. මට කියලා දෙන්නකෝ… එතකොට මට මැඩම් ගාව ඉන්නත් පුළුවන්නේ…”

“හ්ම්ම්… අපි එහෙම කරමු එහෙනම්…”

ඔහු සුබ රාත්‍රියක් පතා යන්නට ගිය පසුව මම මුළුතැන්ගෙය අස්පස් කොට කාමරයට ආවෙමි. විහඟ නම් අහස් මෙන් නොවේ ඔහු රෑ බෝ වී එනදාට පිටතින් ආහාර ගෙන පැමිණෙයි. එය නම් සිතට යම් අස්වැසිල්ලකි. ඔහු වෙනුවෙන් අවදිව ඉන්නට වූවා නම් මධ්‍යම රාත්‍රිය වන තුරුම බලා සිටින්නට සිදුවනු ඇත.

“අම්මගේ පුරුදු තමා චූටි පුතාටත් පිහිටලා තියෙන්නේ…”

දිනක් විනීෆ්‍රීඩා මහත්මිය මා හා කීවේ විහඟ මෙසේ උදෑසන ආහාර ගත් සැණින් පිටව යන විටය.

“ඇයි මැඩම් එහෙම කියන්නේ…?”

ඇගේ හඬේ නොසතුට හඳුනාගත් නිසා මම ඇසීමි.

“එයාගේ අම්මාත් ඉතින් ඔය වගේ තමා… කොයි වෙලේද ගෙදර හිටියේ… බැඳපු ගමන්ම මිනිහට නාස් ලණුව දාන් තමන්ට වුවමනා දේවල් කරගත්තා… තමුන් හිටියේ කොහොමද කියලාවත් මතක නැති වුණු ගෑණියක්… සහෝදරී වුණත් ඇත්තම කියන්න එපැයි…”

එවර ඇගේ හඬේ වූයේ ශෝකයකැයි කියා මට සිතිණි.

-හෙටත් හමුවෙමු-

Latest news

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

තමන් අසනීප තත්වයෙන් පසුවෙද්දී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට කෘතඥතාවය පළකරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක...
- Advertisement -spot_img

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...

රත් දෝතළු – 78

රත් දෝතළු - 78 මා සිතේ වූ කුතුහළය ඔඩු දුවන්නට වූයේ අම්මා කිසිත් නොකියා නිහඬව සුසුම් හෙළන්නට වූ බැවිනි. "මොකක්ද අම්මේ...?" "තාත්තා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you