NovelsShort Storiesමැරුණු මුහුණක කතාවක්

මැරුණු මුහුණක කතාවක්

-

spot_img

මැරුණු මුහුණක කතාවක් – Birthday Bones

ඉටිපන්දම් දැල්වේ. මම ඒවා නිවමි. ඊළඟට කේක් කැපීම. හැමෝම හැපි බර්ත්ඩේ ගීතය ගායනා කරයි. හැම අවුරුද්දම එක වගේ. මම හිනැහෙමි. බීම කිහිපයක් බීමෙන් අනතුරුව මම ගෙදර යන්නෙමි. ඔරලෝසුවේ වෙලාව 3: 27 වන විටම ඇඳේ ඉඳගන්නා මම මගේ ඇටකටු කැබලි කැඩෙන තුරු බලා සිටිමි. එය බැලීමට අපහසු දසුනකි. මගේ අත පය ඉරිතලා යයි. මම ඇඹරෙමි. ලේ වල සුවඳ මට දැනේ. භයානකම දෙය නම් ඇටකටු පුපුරායන හඬයි. මම මරහඬ දෙමි. අවුරුදු 27 ක් ගතවී ගියද මම තවම එයට හුරු වී නැත. මගේ සිරුරේ නිරතුරු අපහසුතා හටගත්තත් මම ඒ ගැන කේන්ති නොගෙන සිටීමට උත්සාහ කරමි. අම්මා නම් කියන්නේ අපේ පවුලේ අයට මේ දේවල් සාමාන්‍ය බවයි. ෆ්‍රෙස්නෝවල සිටින ඇගේ ඥාති සහෝදරියටත් එවැනි ගැටළුවක් තිබේ. ඔසප් වෙන හැම වතාවේම ඇයට එය සිද්ධ වෙයි. ඉතින් මම හිතන්නේ මම වාසනාවන්ත බවයි. මෙයට හේතුවක් කවුරුත් දැන නොසිටියත් ජානමය දේවල්, වෘකයෝ සපා කෑම්, ශාපයක් ගැන කතා නිතර ඇසේ. ඒ කොහොම වුණත් හැම අවුරුද්දකම මම උපන් වෙලාවට මගේ සිරුර කැඩී, ඇඹරී පෙර තිබූ ලෙසම සකස් වේ. පසුදින උදයේ අවදිවන මම කැඩපතින් මදෙස බලමි. මට පෙනෙන්නේ වෙනස්ම අයෙකි. කුඩා කාලයේ අම්මා නම් කිව්වේ මම සමනලයෙක් මෙන් කෝෂයෙන් එළියට එන බවයි. මට අවුරුදු දහතුනක් වූ පසු ඇය එවැනි කතා පැවසීම නතර කළාය.

Birthday Bones

මේ මගේ 27 වෙනි උපන්දිනයයි. මගේ 27 වැනි පෙනුම. මම අවදියෙන් ඉන්න උත්සාහ කරමි. ජංගම දුරකථනය අතට ගෙන මිනිත්තු ගණන් කරමි. කලින් මෙන් නොව දැන් මම මෙයට කලින්ම සූදානමින් සිටිමි. පැල්ලම් ඇතිවෙන නිසා මගේ ඇඳ ඇතිරිලි මත ප්ලාස්ටික් ආවරණයක් අතුරා තිබේ. අවසානයේ වෙලාව පැමිණේ. එය ඇරඹෙන්නේ සුළු රිදීමකිනි. ඉන්පසු එය පමණ ඉක්මවා දැනෙන්න ගනියි. ඉළඇට නැවෙනු, දත් ඈත්වෙනු, ඇඟිලි ඇඹරෙන අයුරු මට දැනේ. වයසත් සමග ඒ වේදනාව ටිකෙන් ටික අඩුවන සෙයක් දැනේ. මේ වතාවේ මගේ සිරුර අඟල් කිහිපයකින් උස්ව ඇත. මම කැඩපතින් මගේ රුව පිරික්සමි. ගිය වසරේ මගේ මුහුණ මෘදු, මිහිරි බවක් ඉසිලීය. මෙවරනම් මගේ හකු ඇට පෙරට වඩා තියුණුව, නිකට උල්ව පෙනේ. මගේ සිනහවේ වෙනසක් තිබේ. එයට කමක් නැත. ඊළඟ අවුරුද්දේ මේ පෙනුම මැකීයනු ඇත. මෙවර මට ලැබී ඇත්තේ නපුරු පෙනුමකි. මම පෙරට වඩා සිහින්ව පෙනේ. මගේ දුරකථනය නාද වෙනු ඇසේ. තිරයේ අම්මාගේ මුහුණ පෙනෙයි. හැම අවුරුද්දකම 3: 45 ට අම්මා මට වීඩියෝ කෝල් එකක් ගැනීමට හුරුව සිටියේ මගේ අළුත් පෙනුම බැලීමටයි.

“ හායි, පැටියෝ! ඕහ්, මම මේකට කැමතියි! ඔයා හරිම සෙක්සි නේ !”

ඇගේ කටහඬ ඇසෙයි. මට කතාකරන්නවත් ශක්තිය තිබේදැයි සැක සහිතය.

“ හායි අම්මා ”

“හැමදෙයක්ම හොඳින් සිද්ධ වුණාද? මේ සැරේ ඉක්කාවක් එහෙම ආවෙ නෑනේ?”

“නෑ අම්මේ, ඉක්කාවක් ආවෙ නෑ.” 

Birthday Bones

4 වසරේදී මගේ කකුලක් දරුණු ලෙස වේදනා දුන් නිසා අම්මා මේ ගැන බොහෝ සැලකිලිමත් වුණාය.

“හොඳයි, ඒක නියමයි!”

ඇය කැමරාව ඇගේ මුහුණට ඕනෑවට වඩා සමීපව තියාගෙන පවසයි. මට ඇගේ මුහුණේ රැළි පවා දැකිය හැක. ඇය ඇඳේ වැතිරී සිටින අතර තාත්තා නින්දෙන් ගොරවන හඬ ඇසේ.

“මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි දරුවෝ”

ඇය මුමුණයි. ඇයට මාව දිරිගැන්වීම ලෙහෙසි දෙයකි. ඇයට හැමදාමත් තිබුණේ එකම මුහුණකි.

“ඔයා ටිකක් දැකලා පුරුදුයි වගේ… මීට කලින් වතාවක් මේ මූණ තිබුණද? “

අම්මා පවසයි. මම ඇසිපිය සලමි. එය අලුත් මුහුණකි. එකම මුහුණ මට යළි නොලැබේ. එසේනම් මම එකම පෙනුමක් තෝරා ගනිමි.

“අහ්, නෑ, අම්මා. මට විශ්වාසයි ඒක අලුත් කියලා,”

මම පවසමි. ඇය දිව සපමින් මා දෙස හොඳින් බලයි.

Birthday Bones

“ඔයාට විශ්වාසද? මට ඔයාව කලින් කොහේ හරි දැකලා තියෙනවා කියලා දිවුරන්න පුළුවන්.”

“මම ඔයාගේ දුව අම්මේ, ඔයා මාව මීට කලින් ඕන තරම් දැකලා තියෙනවා…අම්මා, මට හොඳටම මහන්සියි, හෙට වැඩ තියෙනවා. මම හොඳින්, හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණා, මම හොඳින් ඉන්නවා. මම ඔයාට හෙට කතා කරන්නද?”

මේ ගැන දිගටම හිතුවොත් මගේ හිත අවුල් වී යන නිසා, මම සුසුමක් හෙළා ඇයගෙන් අසමි.

“ඇත්තෙන්ම, පැටියෝ! ඔයාගේ මූණ දැක්කම මට සතුටුයි. මම ඔයාට ආදරෙයි! හෙට කෝල් එකක් දෙන්නං”

“ආදරෙයි අම්මා, තැන්ක් යූ කතාකළාට”

“රිලැක්ස් වෙන්න. ඔහ්! හැපි බර්ත්ඩේ!”

ඇය මට අත වනමින් දුරකථනය විසන්ධි කළාය. මම නාන කාමරයේ තනි වුණෙමි. අලුත් අවුරුද්දක් ඇරඹී තිබේ. මගේ අලුත් මුහුණ. එය තවම වේදනාකාරී පෙනුමක් දරයි. සුසුමක් හෙලූ මම ලයිට් නිවාදමා කාමරයට යමි. ඇඳ ඇතිරිලිවලට ගුලි වූ වහාම වෙහෙස නිසාම මට නින්ද එයි. පැය තුනකට පසුව එලාම් එකේ හඬ මා අවදි කරයි. මම දුරකථනය අතට ගනිමි. මොහොතක් කල්පනා කරමි. අලුත් අවුරුද්දක්. මම අලුත්. මොන විකාරයක්ද මේ? දැන් මගේ ඇඳුම් සිරුරට නොගැළපේ. කලිසම් ඇඟට ලොකුය. ඇඳුම් විශාලය. කුසගිනි දැනුන නිසා මම උදෑසන ආහාරය සකසමි. පරිවර්තනය වේදනාකාරී නැතිමුත් ඉදිරි දවස් ඇත්තේ එයට හුරු වීමටයි. මම ඉක්මනින් මෝටර් රථය වෙත යමි. මගේ උස වැඩි වී ඇත. මෙය අලුත් දෙයක් නොවන්නේ මගේ අසල්වැසියන් මා ගැන දන්නා නිසාවෙනි. එක් ගැහැණු ළමයෙක් මා දැක හුස්ම ඉහළට ඇදගත්තාය. ඇගේ මුහුණ රතු වී තිබේ. එය ප්‍රභල ප්‍රතිචාරයකි. ඇගේ යහළුවෝ ඇය රැගෙන එතැනින් ඉවත්ව ගියෝය. මගේ කාර් එක පරණ ලාබ වර්ගයේ එකකි. නමුත් මම එය දිගු කලක සිට පාවිච්චි කරමි. මගේ අලුත් මුහුණට වඩා මේ කාර් එක හොඳයැයි මට සිතේ. මොන මූණක් තිබුණද මගේ ඇස් වටා වන අවපැහැය හැමදාමත් එලෙසමය. වැඩට යන ගමන වෙහෙසකරය. මම රේඩියෝවට සවන් දෙමින් මෝටර් රථය පදවමි. උදෑසන ප්‍රවෘත්ති ඇසේ. මම චැනලය මාරු කර 70 දශකයේ රොක් ගීතයකට සවන් දෙමි. රැකියාව නීරසය. මහජන සම්බන්ධතා සමාගමක පහත් මට්ටමේ සහායකයෙකු වීම එපා කරපු දෙයකි. මේ උදෑසන ඔෆිස් එක කාර්ය බහුලය. කෝපි සුවඳ තදින් දැනේ. බිත්තියේ ඇති රූපවාහිනියෙන් ප්‍රවෘත්ති විකාශය වෙමින් තිබේ. ප්‍රවෘත්ති නිවේදිකාව පවා සිටින්නේ මූණ එල්ලාගෙනය. ඇය ජනප්‍රිය අයෙකුගේ මරණය ගැන පවසයි. මට දැනටමත් හිසරදය සෑදීගෙන එයි. හොලී ඔෆිස් එකේ අවුල් ජාලය මැද ඉඳගෙන, දුරකථනය අතේ තබාගෙන, සිය දෙපා මේසය මත තබාගෙන සිටියි. ඇය නිල් පැහැ රාස්ප්බෙරි බබල්ගම් එකක් හපමින් K-පොප් ගීතයක් මුමුණමින් සිටියි. දුරකථනයට නෙත් යොමාගෙනම මා සමග කතා කරමින් සිටි ඇය එක්වරම මදෙස බලයි.

Birthday Bones

“වාව් ඔයා වෙනස් වෙලා වගේ.”

“ඊයෙ මගේ උපන් දිනයනෙ හොලී. මගේ තත්වය ටිකක්… අමුතු බව මම දන්නවා, නමුත් මම අවුරුදු පහක් මෙතන වැඩ කරනවා”

ඇය ඇගේ බබල්ගම් එක හපමින්, කල්පනාකාරීව මදෙස බලයි.

“ඔයා දැකලා පුරුදුයි වගේනේ”

“ඇත්තටම?” අද මම එහෙම අහපු දෙවෙනි වතාව..”

“ඔව්, මට ෂුවර් ඔයාව මීට කලින් කොහේ හරි දැකලා තියෙනවා කියලා…”

ඇය ඇස් සිහින් කර මදෙස බලා සිටියාය.

“හරි ! ඔයා මගේ ඥාති සහෝදරී හැනා වගේ.”

“ඒක හොඳයි ද?”

මම අසමි.

“ඒක නරකයි කියලා මට හිතෙන්නෙ… ඔහ්, ලුසී ඔයාට එන්න කිව්වා… මට ඔයාට කියන්න අමතක වුණානේ.”

නියමයි. මගේ හිසරදය තවත් වැඩි විය. ලුසී එන්නට කියන්නේ හොඳ දෙයකට නොවේ. නමුත් ඇය හමුවට යාම හැර වෙන විකල්පයක් නැත. මම ඇගේ කාර්යාලයට යන විට, දොර විවර වූ අතර කියර්ස්ටන් කඳුළු සලමින් ඉන් පිටතට ආවාය. හිසරදයට අමතරව මට ඔක්කාරයක්ද දැනෙන්න පටන් ගත්තේය. ෂුව එකටම ලුසීට හොඳටම කේන්ති ගිහින් ඇති.

“ඇතුළට එන්න!”

ඇගේ හඬ උද්යෝගිමත්ය. මම සිංහ ධේනුවගේ ගුහාවට ඇතුල් වුණෙමි. ලුසීගේ කාර්යාලය පිරිසිදු හා නැවුම්ය. එතුළින් ඇසෙන්නේ ජලය ගලා යන හඬ රැගත් හිත නිවන සංගීතයකි. මා කාමරයට ඇතුල්වන විට ඇය ජනේලයෙන් පිටත බලාගත්වනම සිටියාය. මගේ රැකියාව අහිමි වෙන බව ඇසීමට මම සූදානම් වුණෙමි. ඇය මවෙත හැරී කඳුළු සැලීමට ගත්තාය. මම තිගැස්සුනෙමි.

“දෙවියන්ට ස්තූතියි ඔබ හොඳින්.”

ඇය පුටුවෙන් පැන මාව වැළඳ ගත්තාය. මම අපහසුවෙන් ඇයව වැළඳ ගත්තෙමි..

“ඔව්, ඔව්, හැමදේම හොඳින් ”

මම කියමි. ලුසී මගේ ප්‍රශ්නය ගැන දැන සිටියත් කවදාවත් මා ගැන ඒ තරම් කරදර වෙන බවක් නොපෙනුණි. ඇය මගේ නමවත් දන්නවාදැයි සැක සහිතය.

Birthday Bones

“මම ගොඩක් දුකෙන් හිටියේ ”

ඇය හඬා වැලපුණි.

“ඔයා මොනවා ගැනද කතා කරන්නේ?”

මම ඇගේ මුහුණ දෙස බැලුවෙමි.

“මේක හැම අවුරුද්දෙම වෙනවනෙ ලුසී. ඊයේ මගේ උපන්දිනය.”

ලුසීගේ ඇහි බැම රැලි වෙයි.

“ඔයාගේ උපන්දිනය…?”

ඇය අඩි කිහිපයක් පසුපසට ගියාය. ඇගේ හකු විවෘත වී ඇස් බියෙන් පළල් වේ. මම අපහසුතාවයට පත් වෙමි. ලුසී මේ සියල්ලටම මින් පෙර මුහුණ දී ඇති නිසා ඇගේ හැසිරීමේ පුදුම සහගත බවක් පෙනේ.

“ඇත්තෙන්ම මේ මම තමයි ලුසී…”

ප්‍රතිචාරයක් දක්වනු වෙනුවට, ඇය මේසය වෙත ගොස් මට අතට අත දෙමින් කෝපයෙන් යමක් ටයිප් කරයි. ඉන්පසු අද උදෑසන පත්තරය මට පෙන්වයි. එහි මෝටර් රථ අනතුරක් ගැන විස්තර සඳහන්ව තිබේ.

“තරුණ නිරූපිකාවක් රිය අනතුරකින් ජීවිතක්ෂයට”

සිරස්තලයේ සඳහන් වේ. මගේ තොල කට වියළී යයි.

“අද අලුයම 3:15 ට පමණ බීමත් රියදුරෙකු නිසා සිදුවුණ රිය අනතුරකින් සුපිරි නිරූපිකාවක වන මේගන් රොජර්ස් මිය ගොස් ඇත. පොලිසිය තවමත් සැකකරු සොයමින් සිටියි.”

මම ඇයව දැන සිටියෙමි. මේගන් රොජර්ස් අපේ සේවාදායකයිකාවකි. මට ඇයව පුද්ගලිකව මුණගැසී නොතිබුණ නමුත් හැමෝම ඈ ගැන ලොකු උනන්දුවක් දැක්වුවේය.

“මේක පැහැදිලි කරන්න”

ලුසී කියයි. මම ඇය දෙස බලමි. ඇගේ මරණය දුකක් නමුත් ඇත්තටම මම ඒ ගැන කිසිවක් නොදනිමි.

“ඔයා මොනවා ගැනද කතා කරන්නේ කියලා මට තේරෙන්නෙ නැහැ.”

මම කනස්සල්ලට පත්ව පවසමි.

“ඔයාව තත්පරයකින් එයි ඉන්නකෝ “

ලුසී පවසයි. ඇය පුවත්පතේ පිටු පෙරලයි. එවිට මට ඇයව දක්නට ලැබුණි. දිගු නාසය, සිහින් දුඹුරු ඇස්, උඩුතොලේ පුංචි ඇදයක්, දෙවියනි ඇගේ උරහිස්, නාස්පුඩු, ඇහිබැමේ හැඩය. ඒ මුහුණ හුරුපුරුදුය. මේගන් රොජර්ස් මියගිහින්. වෙන්න බැහැ! මේ මගේ අළුත් මුහුණමයිනේ.! මගේම මුහුණ මාදෙස බලා ඉන්නවාක් මෙනි.

“දැන්, මම ඔයාගේ තත්වය ගැන දන්නවා.. නමුත් මේක ලොකු ප්‍රශ්නයක්නේ.”

මම මගේ මුළු ජීවිත කාලය පුරාම විවිධ මුහුණු සහ ශරීරවලින් යුක්තව ජීවත්වුණෙමි. උස, මහත, ශක්තිමත්, දුර්වල, කැත. ඇත්තටම මට ඒ සියල්ල විඳගැනීමේ සතුට ලැබුණි. හරියට නැවත නැවත ඉපදෙනව වගේ. නමුත් කවදාවත් මෙවැනි දෙයක් සිදුවී නැත. මෙය තනිකරම විකාරයකි. මේගන් රොජර්ස් පුවත්පතේ සිට චෝදනාත්මක දෑසින් මදෙස බලා සිටියාය. අවසානයේ එකම එක ප්‍රශ්නයක් මගේ මනසේ රැව් පිළිරැව් දුන්නේ, මගේ සිරුර සීතල කරවමිනි.

“එතකොට… එතකොට… සැරින් සැරේ මට ලැබුණේ මැරුණු අයගෙ මුහුණුද ?

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ A’maurie Duckwitz විසින් රචිත Birthday Bones කතාව ඇසුරෙන් සිදුකළ අනුවර්තනයකි ]

Latest news

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක්

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක් - Income Tax මෙතෙක් ආදායම් බදු නොගෙවු අය මාස හයක් ඇතුළත ඒ...
- Advertisement -spot_img

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you