Interviewsමම මේකප් දාන්නෙ නෑ

මම මේකප් දාන්නෙ නෑ

-

spot_img

මම මේකප් දාන්නෙ නෑ – Sai Pallavi

සායි පල්ලවී කොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම තාරකාවක්. දෙමළ, තෙළිඟු, මලයාලම් චිත්‍රපටවල රංගනයේ නියැළෙන ඇය ෆිල්ම් ෆෙයාර් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබුවා. එමෙන්ම ඇය කොලිවුඩ් සිනමාවේ ඉහළම ගෙවීම් ලබන රංගන ශිල්පිනියන් අතරට අයත්. රසිකයින් සායිගේ ස්වභාවික පෙනුමට ගොඩක් කැමතියි. තමන් මේකප් භාවිතා නොකරන බව ඇය මෑතකදී පැවසුවා. 

Sai Pallavi

ස්වභාවික පෙනුමට වැඩිපුර කැමති නිසා චිත්‍රපටවලදී මේකප් පාවිචිචි කරන්නේ නැති බවත්, eye liner පමණක් යොදන බවත් සායි පැවසුවා. Shyam Singha Roy චිත්‍රපටයේ රඟපෑමේදී eye liner වැඩිපුර දැමූ බවත් Premam චිත්‍රපටයේ මංගල දර්ශනයට පවා සහභාගී වූයේ මේකප් නැතිව බවත් ඇය පවසනවා. ඇය Fidaa චිත්‍රපටයේ රඟපාන විටත් eyeliner දමා තිබෙනවා.

Sai Pallavi

රූගත කිරීම් අතරතුර දීප්තිමත් ලයිට් නිසා ඇස් කුඩා විය හැකි බැවින්, eyeliner ඒ සඳහා උදව් වෙන බව ඇය පවසනවා. මේකප් නොමැතිව තමාට පහසුවක් සහ ආත්ම විශ්වාසයක් දැනෙන බව පවසන ඇය, ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ පටන්ම මෙය තමාගේ පුරුද්දක් බවත් තමා sunscreen ආලේප කරන්නේ නැති අතර නලළේ කුඩා තිලකයක් පමණක් තබන බව සඳහන් කළා ය.

Sai Pallavi

“ඒ සැබෑ මම. මම දන්නෙ නැහැ ඒක අනිත් අයට කොහොම පෙනෙනවද කියලා. ඒත් perfect විදිහට පෙනී සිටින එක සමහර වෙලාවට ලොකු stress එකක්. මම කියන්නෙ නැහැ මේකප් අනවශ්‍යයි කියලා. මේකප් ඔයාගෙ ආත්ම විශ්වාසය වැඩි කරනවනං ඔයා මේකප් දාන්න ඕනේ. මට මේකප් නැතිව හොඳයි. මේ විදිහට මට විශ්වාසයක් දැනෙනවා.”
මෑතකදී ඇය දකින්න ලැබුණේ Major Mukund Varadarajan ජීවිත කතාව ඇසුරින් නිමවූ Amaran චිත්‍රපටයෙන්. එහි ඇය රඟපෑවේ Sivakarthikeyan සමගින්. Amaran විශාල සාර්ථකත්වයක් හිමි කරගත් චිත්‍රපටයක්. සායි ගැන අලුත්ම ආරංචිය තමයි එලඹෙන වසරේ ඇය බොලිවුඩයට පා තබන බව. ඒ Nitesh Tiwari අධ්‍යක්ෂණය කරන Ramayana චිත්‍රපටයෙන්. ඇය සමගින් රන්බීර් කපූර් රඟපානවා.
– Times Of India ඇසුරිනි –

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you