Newsඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

-

spot_img

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා අල් කමේනි පවසනවා.ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වීමෙන් පසු සිය පළමු ප්‍රකාශය සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඔහුගේ පණිවිඩය ඉරාන රාජ්‍ය රූපවාහිනියේ විකාශනය කරන ලද නමුත් ඔහු පෞද්ගලිකව එහි පෙනී සිට නැහැ.ඔහුගේ පණිවිඩය ප්‍රවෘත්ති කියවන්නෙකු විසින් කියවන ලද බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.ඉරානය ”හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමේ ලීවරය” භාවිතා කළ යුතු බවත්, එය ”සතුරා බෙහෙවින් අවදානමට ලක්විය හැකි” ප්‍රදේශයක් බවත් එහිදී ඔහු පවසා තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමඟ යුද්ධයේදී මියගිය ඉරාන ජාතිකයින්ගේ ”ලේ පළිගැනීමට” ඉරානය කටයුතු කරන බව කමේනි සිය ප්‍රකාශයේ සඳහන් කළ අතර අසල්වැසි රටවලට ඇමරිකානු කඳවුරු සඳහා සත්කාරකත්වය සැපයීම නවත්වන ලෙස ද අනතුරු අඟවා තිබෙනවා.

අමෙරිකාව සහ ඊශ්‍රයලය ඉරානයට පහර දීම ආරම්භ කළ පළමු දිනයේදී අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු පසුගිය මාර්තු 8 වනදා ඉරාන නව උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා අල් කමේනි නම් කරනු ලැබුවා

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you