Foodහදවත් රෝගවලට ඖෂධයක්

හදවත් රෝගවලට ඖෂධයක්

-

spot_img

හදවත් රෝගවලට ඖෂධයක් – නෙළුම් අල කරිය

නෙළුම් අල කියන්නෙ රස වගේම පෝෂණ ගුණයෙන් ඉහළ කෑමක්. විටමින් C, B, තන්තු, පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරක බහුල නෙළුම් අල ආහාර ජීර්ණය පහසු කිරීමට, සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට සහ හෘද සෞඛ්‍යය වර්ධනය කිරීමට උපකාරී වෙනවා. පහසුවෙන්ම නෙළුම් අල කරියක් හදාගන්න හැටි බලමු. 

Nelum Ala Kariya

• අවශ්‍ය ද්‍රව්‍ය

නෙළුම් අල 200g

ලුණු තේ හැඳි 1ක්

Nelum Ala Kariya

විනාකිරි තේ හැඳි 1ක්

අබ ඇට තේ හැඳි ¼ක්

උළුහාල් ඇට කිහිපයක්

වියළි මිරිස් කරල් 5ක්

කරපිංචා ඉත්තක්

සිහින්ව කපාගත් ලූනු කෝප්ප ¼ක්

සුදුලූනු බික් 2ක්

ගොරකා කැබැල්ලක්

තුනපහ කුඩු තේ හැඳි 1ක්

මිරිස් කුඩු තේ හැඳි 1ක්

කහ කුඩු තේ හැඳි ¼ක්

දියකිරි කෝප්ප 1ක්

මිටිකිරි කෝප්ප ¾ක්

පොල්තෙල් තේ හැඳි 2ක්

රස අනුව ලුණු

• සාදන ක්‍රමය

නෙළුම් අලයේ දෙපස කපලා ඉවත් කර හොඳට සෝද ගන්න. නෙළුම් අලවල ඇතුලෙත් මඩ තියෙන්න පුළුවන් නිසා හොඳට සෝද ගැනීම වැදගත්. ඊට පස්සෙ පිට පොත්ත ඉවත් කර ගෙන සිහින්ව පෙති කපා ගන්න. දැන් භාජනයකට ලුණු සහ විනාකිරි ටිකක් එකතු කරලා කපාගත් නෙළුම් අල ටික දාලා ටික වෙලාවක් තියෙන්න ඇරලා වතුර ටික මිරිකගන්න.

Nelum Ala Kariya

ඊළඟට භාජනයක් ලිපේ තියලා පොල්තෙල් ටික රත් කරගන්න. මේකට අබ ඇට සහ උළුහාල් එක් කරන්න. අබ ඇට පුපුරනකොට කරපිංචා, කෑලිවලට කැඩුව වියළි මිරිසුත් එකතු කරලා ටිකක් බැදගන්න. ඊටපස්සෙ කපාගත් ළූණු, සුදුලූනු සහ ගොරකා එකතු කරලා ළූණු ටික මෘදු වෙනකං තෙම්පරාදු කරගන්න. තුනපහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු සහ ලුණු ටිකත් එකතු කරන්න.

දැන් මේකට නෙළුම් අල ටික එකතු කරලා හොඳට කලවම් කරන්න. ඊට පස්සෙ දියකිරි එකතු කරලා මද ගින්දරේ පිසගන්න. නෙළුම් අල මෘදු වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 20–30ක් විතර යනවා. අවශ්‍ය නම් වතුර ටිකක් එකතු කර ගන්නත් පුළුවන්. නෙළුම් අල හොඳින් පිසී කරියේ දියර ගතිය අඩු වුණාට පස්සෙ මිටිකිරි එකතු කරගෙන තවත් ටික වෙලාවක් පිසගන්න.

Latest news

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...
- Advertisement -spot_img

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you