Newsවාහන මිල ලක්ෂ ගණනින් ඉහළට

වාහන මිල ලක්ෂ ගණනින් ඉහළට

-

spot_img
  1. වාහන මිල  ලක්ෂ ගණනින් ඉහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (sscl) සියයට 2.5 කින් ඉහළ යෑම හේතුවෙන් පසුගියදා (01)   සිට වෙළඳපොලේ ආනයනික වාහන මිල ඉහළ ගොස් ඇතැයි අනුමාන කෙරේ.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසන පරිදි බදු ඉහළ යෑමත්, විදෙස් විනිමය අනුපාතවල සිදුවන හදිසි වෙනස් වීම් හේතුවෙනුත් වාහන වෙළඳපළේ ජනප්‍රිය වාහන මාදිලි කිහිපයකම මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව වෙසෙල් රුපියල් ලක්‍ෂ 300,000කින් සහ ටොයොටා රේස් රුපියල් 250,000කිනුත්, සුසුකි වැගන්ආර් රුපියල් 150,000කින් පමණ මිල ඉහළ යා හැකිය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපතිවරයා, වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙරටේ ගැනුම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය වාහන මාදිලි කිහිපයකම මිල ආසන්න වශයෙන් මෙයාකාරයට ඉහළ යනු ඇති බවයි.

අපේ රටේ තවමත් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ වාහන වෙළඳපොළ තුළ මෙසේ  මිල ඉහළ යෑම අපේ රටේ වාහන ගැනුම්කරුවන්ට දරා ගැනීම අපහසු නිසා ඉදිරියේදී වාහන වෙළඳපොළ තුළ ඉල්ලුම නොසිතූ ලෙස පහත වැටිය හැකි බවට ආනයනකරුවෝ සඳහන් කර සිටිති.

ධාරා අබේනායක විසිනි.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you