NovelsRath Dothaluරත් දෝතළු - 16

රත් දෝතළු – 16

-

spot_img

රත් දෝතළු – 16

මාවතේ ඇදී යන රථ වාහන වල ශබ්දයෙන් පරිසරය පිරී තිබිණි. මෙම ශබ්ද මට තවමත් නුහුරුය. නිර්මාණි කතා කරන තුරු මා බලා සිටියේ නිහඬවමය.

“ඕලෙවල් ඉවර වුණු ගමන් මට ඕන වුණේ ජොබ් එකක් හොයාගන්න අරවින්දි…”

කෙටි නිඬතාවයකට පසුව ඈ කීවාය.

“කඩුවෙල අපේ නෑවෙන කට්ටියක් ඉන්නවා… මං එහෙ ආවා… එයාලා මට ගාර්මන්ට් එකේ ජොබ් එකක් හොයලා දුන්නා…”

ඈ කෙටි සුසුමක් හෙළුවාය.

“නෑයෝ වුණාට මට එහෙ ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ… මොකද ඒ නැන්දලාත් හිටියේ පොඩි ගෙදරක… මං බෝඩිමක් හොයාගත්තා… අපෝ අරවින්දි… ඒ කාමර වල ඉන්න බැහැ… පෙට්ටි කඩ වගේ පොඩි කාමර… එකක තුන හතරදෙනා ගුළි වෙලා ඉන්නේ… හැරෙන්නත් ඉඩ මදි… අපේ ගෙවල් සැප පහසු නැති වුණත් අරවින්දි අපි නිදහසේ ගෙදර හිටියානේ… ඒ කාමර එක්ක බලනකොට අපේ ගෙවල් දිව්‍ය මාළිඟා කියලා හිතෙනවා අරවින්දි…”

ඈ කියනවිට මම සෙමෙන් සුසුමක් මුදාහළෙමි.

“අපි හොයන්නේ අපිට නැති දේවල්… එහෙම තැනක හිටියාම තමා තේරෙන්නේ දුප්පත් වුණත් අපේ ගෙවල් මොන තරම් නිදහස්ද කියලා… මොනවා කරන්නද…?”

එවන් අත්දැකීමක් මට නොවුණද ඈ එය පැවසූ ආකාරයට මා සිතේ ඇති වූයේ බියමුසු බවකි.

“ගාර්මන්ට් ජොබ් එක මට එපාම වුණා… මම හැම ඉරිදාම හන්දියේ කඩේන් පත්තරේ අරන් වේකන්සි මොනවද තියේන්නේ බැලුවා…එතකොට තමා මම දැක්කේ සැලෝන් එකකට ට්‍රේනර්ස්ලා ගන්නවා කියලා දාපු ඇඩ් එක…නිවාඩුවක් අරන් මම නිකමට එතන්ට ගියා බලන්න… මහරගම පැත්තේ… ට්‍රේනින් කාලෙත් හොඳ පඩියක් දෙනවා… එතන ඉන්න අයට නවතින්නත් ලැහැස්ති කරලා දෙනවා කිව්ව නිසා මං දෙපාරක් නොහිතාම ගාර්මන්ට් එකෙන් අයින් වුණා…”

“ආහ්… මං හිතුවේ ඔයා තාම ගාර්මන්ට් එකේ වැඩකරන්නේ කියලා…”

ඈ මඳහසක් පෑවාය.

“නැහැ කෙල්ලේ… මං එතන වැඩ කළේ අවුරුද්දයි… ඒ කාමර මතක් වෙනකොටත් මට බය හිතෙනවා අරවින්දි…”

ඈ කීවේ අලුතින් ඇති වූ හිරියකින් සිරුර සළිත කරවමිනි. එය කෙතරම් කටුක අත්දැකීමක් වන්නට ඇත්ද කියා මට සිතා ගන්නට අපහසු නොවීය.

“මං සැලෝන් එකේ වැඩ පුරුදු වෙලා එතන වැඩ කළා… ඒ මැඩම් හරිම හොඳයි… අපේ මහරගම බ්‍රාන්ච් එකේ විතරක් දහයක් විතර හිටියා ස්ටාෆ් එක… තව බ්‍රාන්ච් කීපයක්ම තියනවා… එතන්ට එන්නේ ඔක්කොම හොඳ සල්ලිකාරයෝ… ඔහොම ආවා අපේ කස්ටමර් කෙනෙක් මා එක්ක හුඟාක් එකතු වුණා… එයා අයුර්වෙඩික් ස්පා එකක අයිතිකාරයෙක්… එයා ඇහුවා මගෙන් එයා ගාව වැඩට එන්න කැමතිද කියලා…”

අදහාගත නොහැකි යමක් සවන් වැකුණු කලක මෙන් මා තුළ භීතියක් ඇති විය.

“ඉතින්…?”

මා සිතේ ඇති වූ බිය මුහුණින් පළවන්නට ඇත. මට එය සඟවාගත නොහැකි විය.

“ඔයා බය වුණාද…?”

මඳ සිනහා මුවෙන් ඈ අසන විට මා සිතේ ඉහිර ගියේ ලැජ්ජා මුසු හැඟීමකි.

“න්…නැත්තෙමත් නැහැ…”

මම වහා කීවෙමි.

“හ්ම්ම්… එයා කිව්වා… මට සැලෝන් එකේ සැලරි එකට වඩා ඩබල් ගෙවන්නම් කියලා… මාව හොඳට බලාගන්නම් කියලා.

“ඉතින්…?”

“ඉතින් මම කැමති වුණා…”

ඉහළට ගත් හුස්ම මම පහළට හෙළුවේ අපහසුවෙනි.

“එත…කො…ට…?”

“මං දැන් වැඩකරන්නේ එතන… එතන හොඳ තැනක්… ගොඩක් තැන්වල ස්පා කියලා කරන්නේ වෙන දේවල්… ඒත් මෙතන්ට එන්නේ සේරම සල්ලිකාරයෝ… ෆොරීනස්ලා… ලංකාවේ අයත් එනවා… ගැහැණු පිරිමි භේදයක් නැහැ… සැලරි එකට අමතරව අපිට හම්බෙන ටිප් එකෙන් තමා ගොඩාක් දේවල් කරගන්නේ… ගෙවල් වලට යවන්නේ…”

මේ මා අසන්නට සිතා සිටි කතාවක් නොවේ. පුදුමය මට සඟවාගන්නට නොහැකි වූයේ ඒ නිසාය. බොහෝ විට එවන් තැන්වල සිදුවන්නේ පිටින් පෙනෙන දේට වඩා හාත්පසින්ම වෙනත් දේ බව මම අසා තිබුණෙමි.

“ඒත් නිරූ… මං අහලා තිබුණේ…”

පැකිළෙමින් මම කීවෙමි.

“ඔව්… එහෙම තැන් ඕන තරම් තියනවා අරවින්දි… ඒත් අපේ තැන හොඳම තැනක්… ලංකාවේ හොඳම ස්පා අතරින් එකක්…”

“ඒත් නිරූ… අම්මලා දන්නවද… ඔයා…?”

“නැහැ…”

ඈ වහා කීවේ මට බාධා කරමිනි.

“එයාලා තාම හිතන් ඉන්නේ මං වැඩ කරන්නේ සැලෝන් එකේ කියලා…”

එය නම් හොඳය.

“ඉතින් ඔයාට වෙන ජොබ් එකක් හොයාගන්න බැරි වුණාද…?”

ඇගේ මුවේ ඇඳුණේ දුක්බර සිනහවකි.

“ඕලෙවල් වත් හරියට පාස් නොවුණ මට වෙන මොන ජොබ්ද අරවින්දි… අනික හොඳ සැලරි එකක් හම්බෙනකොට වෙන එකක් හොයාගන්න හිත හදාගන්න පුළුවන්ද…?”

“හ්ම්ම්… ඒත් ඉතින් ඔයා මෙතන්ටම බර ගානක් ගෙවනවා ඇතිනේ… පොඩි තැනක් හොයා ගත්තා නම් ඒකත් ඉතුරුයි…”

නිර්මාණි කිසිත් නොකියා නැඟිට ඉවත ගියේ මා කියූ දේ මඟහරින්නට මෙනි. ඈ මා හා නොකියන තවත් යමක් ඇතැයි කියා මට නිකමට සිතිණි.
————————————————————————————————————————————
දහවල වූ පරිසරයේ කලබලකාරී බව රාත්‍රියේදී තරමක් දුරට හෝ සමනය වූ බවක් පෙනෙන්නට තිබිණි. ගාලු පාරේ ඇදි යන රථ වාහන ශබ්ද නම් ඉඳහිට ඇසිණි. අපි දෙදෙන රාත්‍රී ආහාර ගන්නට සූදානම් වන විටම මෙන් නිර්මාණීගේ ජංගම දුරකථනය හැඬවෙන විට ඈ එයත් රැගෙන සඳළුතලයට පිවිසෙන විට මම මුළුතැන්ගෙය පිරිසිදු කළෙමි. කාමරයට යෑමට සූදානම් වන විටම ඈ එහි පිවිසුණාය.

“අනේ… ඔයා අස්කරලා… පව් කෙල්ල…”

ඈ මගේ කම්මුල් පෙත්තක් මිරිකමින් කීවාය.

“ඌයී… රිදුණා බං…”

මම කෑ ගැසීමි.

“අම්මෝ… බං… රතු වුණා…”

ඈ කෑ ගැසුවාය. මගේ අත කම්මුලට ගියේ ඉබේමය.

“මේ… කෙල්ලේ…”

මම ඈ කෙරෙන් මෑත්වීමට සැරසෙන විටම ඈ යළිත් මා ඇමතුවේ ඇගේ ජංගම දුරකථනයට පැමිණි කෙටි පණිවිඩයක් වෙත අවධානය යොමු කරමිනි. මම නැවතී නිර්මාණි දෙස බැලීමි.

“මම ටිකක් එළියට යනවා…”

ඈ එසේ කියන විට මා සිතේ තිගැස්මක් හටගති. නිර්මාණිට පිටුපසින් බිත්තියේ වූ ඔරලෝසුව වෙත මගේ දෑස් යොමු වූයේ නිතැනිණි. දහයට තව ඇත්තේ විනාඩි පහළොවකටත් අඩු කාලයකි.

“මේ දැන්… දහයටත් ළඟයිනේ…”

පුදුමය නිසා මා මුවින් පිටවන්නට ඇත. කෙටි සුසුමක් හෙළූ නිර්මාණි මා අසලා විත් මගේ උරමතින් දෑත තබා මූණට එබුණේ යමක් කියන්නට මෙනි.

“මට අෆෙයාර් එකක් තියනවා අරවින්දි…”

එවන් දෙයක් මම අනුමාන නොකළෙමි. නමුත් මෙතරම් රෑ බෝ වී ඈ සිය පෙම්වතා හමුවන්නට යෑම නම් මට අනුමත කළ නොහැකි වුවත් මට එයට විරුද්ධව කිසිත් කිව නොහැකිය.

“බෝයි ෆ්‍රෙන්ඩ්ද දැන් කෝල් කළේ…?”

මඳහසක් පාමින් මම ඇසීමි.

“එයා කොල්ලෙක් නෙවේ අරවින්දි…”

ඈ එසේ කියා කාමරයට වැදුණේ සූදානම් වීමටය. කිසිත් සිතාගත නොහැකිව මම හුන් තැනම සිටගෙන බලා සිටියේ ඈ කී දේ වටහාගන්නට නොහැකිවය.
මම එලෙසම අසල වූ අසුනකට ඇද වැටුණේ මා දෙපා අප්‍රාණිකව ගිය බවක් දැනුණු බැවිනි. ඈ සූදානම්ව පිටතට එන විටත් මා සිටියේ එලෙසමය. ඈ ගැල්වූ විළවුන් සුවඳින් මුළු නිවසම පිරීගියාක් මෙනි. ඒ සමන්පිච්ච සුවඳය.

“අරවින්දි… මම ගිහින් එන්නම්… ඔයා නිදාගන්න… යතුර මං අරන් යන්නේ…”

ඈ මා අසලට පැමිණ මගේ කම්මුලකට තට්ටුවක් දමා පිටව ගියේ ඈ ගැල්වූ විළවුන් සුවඳ එහි හැරදමාය.
සියල්ල මට ප්‍රහේළිකාවකි.මා සිටියේ තවමත් කම්පනයෙන් මෙනි.ඈ කී දේ අර්ථය කුමක්දැයි කියා සිතන්නට මම දැඩි වෙහෙසක් දැරීමි.

-හෙටත් හමුවෙමු-

Latest news

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක්

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක් ඩොලරයේ අගය තව දුරටත් ඉහළ යාම හේතුවෙන් ඖෂධ වර්ග හැටක උපරිම මිල සංශෝධනයක් සිදුවන...

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...
- Advertisement -spot_img

අවන් එකක් නැතිව කේක් එකක්

අවන් එකක් නැතිව කේක් එකක් - No Bake Blueberry Cheesecake අවන් එකක් නැතිව හදන්න හොඳ dessert එකක් හොයන කෙනෙක්ට හරිම...

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you