NovelsRath Dothaluරත් දෝතළු - 15

රත් දෝතළු – 15

-

spot_img

රත් දෝතළු – 15

නිර්මාණි නැවතී සිටියේ මහල් නිවාස සංකීර්ණයක හතර වන මහලේ පිහිටා තිබූ සුව පහසු නිවසකය. මුහුද දෙසට මුහුණ ලා තිබූ එම මහල් නිවාසය මා සිත් ගත්තේය.

“මෙතන හරි ෂෝක් වගේ නේද… ඔයා තනියමද ඉන්නේ මේකේ…?”

නිවස පුරා එහෙ මෙහේ ඇවිදිමින් මම ඇසුවෙමි. කුඩා කාමර දෙකක් සමඟ නාන කාමරයත් ආලින්දය සහ කුඩා මුළුතැන්ගෙයකිනුත් යුත් එම නිවස තුළ නිදහස් බවක් දැනිණි. ඈ මෙම නිවසට විශාල මුදලක් ගෙවනවා යැයි කියා මම සිතුවද ඒ පිළිබඳව ඇගෙන් එකවරම විමසීම නොහොබිනා දෙයකැයි සිතුණු නිසා මම කිසිත් නොවිමසුවෙමි.

“දැන් තනියක් නැහැ… ඔයා ඉන්නවානේ…”

සිනහ මුවෙන් ඈ පිළිතුරු දුන්නේ මගේ පැනය මඟහැරීමටද කියා සිතුණු මුත් මම ඒ ඔස්සේ වැඩිදුර නොසිතුවෙමි. ඈ සාදා තිබූ කිරිබතත් සමඟ ලුණු මිරිස ප්‍රණීතය. දැඩි කුස ගින්නකින් සිටි නිසා මම කිරිබත් කැට කීපයක්ම කෑවෙමි. පසුව අපි කුඩා සඳලු තලයට වී තේ බොමින් කතා බස් කළෙමු. මුහුද සිපගෙන ආ සුළඟේ වූයේ අමුතු සිසිලක් වුවද මම ඒ ලවණ මුසු සුළඟ නම් ප්‍රිය නොකළෙමි. ඈත පෙනෙන නෞකාවක් මා නෙත ගැටිණි. එය පෙනුනේ හරියට එකම තැනක නතරව සිටින්නාක් මෙනි. මෙවන් දසුනක් මා දකින්නේ බොහෝ කළකිනි. පළමුවරට මුහුද දුටුවේ පාසලින් කැඳවාගෙන පැමිණි චාරිකාවේදීය. ඒද බොහෝ කලකට පෙරය.

“තනියම ඉන්නකොට පාළු ඇති නේද… මෙතන්ට ලොකු ගාණක් ගෙවනවද නිරූ…?”

“ඔව්… ටිකක්…”

ඈ කීවාය.

“හැබැයි හරි ෂෝක්… වගේ නැත්ද…?”

නිර්මාණි එවිට මදෙස බැලුවේ මුවේ රැඳුණු මඳහසකින් යුතුවය. කුමක්දෝ නොකී කතාවක් ඇගේ දෑසේ විනැයි කියා මට සිතිණි.

“දැනට නම් ෂෝක් වගේ තියෙයි… ඒත් අරවින්දි… ටික දවසක් යනකොට ඔයාට එපා වෙයි…”

කෙටි සුසුමක් පා කරමින් ඈ කීවේ තරමක ශෝකී හඬකින් බව මට එක්වරම වැටහිණි.

“ඔයාට එපා වෙලාද ඉන්නේ…?”

ඈ මොහොතක් නිහඬව මා දෙස බලා හිඳ මගේ අතින් ඇදගෙන මෙන් ඇතුළට කැඳවාගෙන ආවාය.

“ඔයා වොෂ් එකක් දාන් ටිකක් රෙස්‍ට් කරන්න… පාන්දරම ඇවිත් ඔයාට මහන්සි ඇති… හවස් වෙලා අපිට නිදහසේ කතා කරන්න පුළුවන්…”

“එතකොට ඔයා අද වැඩට යන්නේ නැත්ද…?”

“නැහැ කෙල්ලේ… මම අද නිවාඩුවක් දැම්මා… නැත්නම් ඔයා තනියමනේ… ආව ගමන් ඔයාට එපා වෙයි… මේ බිත්ති හතරට කොටු වෙලා…”

එය සැබෑවක් කියා මට සිතුණේ නම් ඒ මොහොතේදීය. මෙහි මිදුලක් නැත. ගහක් කොලක් තබා මල් පැළයක් වත් නැත. ඉදිරිපස දොර විවර කරන විටත් දිස් වන්නේ කොන්ක්‍රීට් වනාන්තරයම පමණි. නිර්මාණි කියන්නාක් මෙන් මටද ටික දවසක් යන විටම මෙම ඒකාකාරී ජීවන රටාව එපා වනු ඇතිද කියා සිතුණු මුත් මා වහා එම සිතුවිල්ල මැඩ ගතිමි. පැමිණි පළමු දිනම මම එසේ සිතා මා සිත අවුල් කරගන්නේ මන්ද කියා මම සිතුවෙමි. මා ජීවිතය ජයගත යුතුව ඇත. මා වෙනුවෙන් නොවේ නම් මගේ පවුලේ අය ගැන සිතා හෝ මා සියල්ලටම දිරිමත්ව මුහුණ දිය යුතුය.

ගාලු මුව දොර සිප හමා ආ සුළඟ සිසිලසය. එහි බොහෝ බොහෝ පිරිසක් විය. කුඩා ළමුන් කීප දෙනෙකු පා පාන්දු ක්‍රීඩා කරති. විවිධ සුවඳ වර්ග සුළඟ සමඟ මිශ්‍රව දෙනාස් පුඩු සිප ගත්තේය. ඒ අතර බදින ඉස්සෝ වඩ සුවඳද විය.

“ඔයාට දැන් හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නේද නිරූ…?”

අප අසලට පැමිණි විදෙස් යුවළක් සමඟ චතුර ලෙස ඉංග්‍රීසි කතා කළ නිර්මාණිගෙන් මා විමසුවේ සිතේ උපන් සතුටකිනි.

“හ්ම්ම්…. ඔයාට මතකද ඉස්සර මට ඉංග්‍රීසි පෙන්නන්න බැහැ… මිස් පන්තියට එනකොටත් මට තරහයි… ටර්ම් ටෙස්ට් එකේ ලකුණු කීයද…?”

ඈ එසේ කියා තරමක් හඬින් සිනහසුණාය.

“ඔව්… ඔව්… මට මතකයි…”

“ඔයා කොච්චර මහන්සි වුණාද ඒ දවස් වල අපි තුන් හතර දෙනාට ඉංග්‍රීසි උගන්වන්න…”

“හ්ම්ම්… ගඟට කපපු ඉණි වගේ… සංදීපා විතරයි ටිකක් හරි මහන්නන්සි වුණේ… ඒත් ඒකත් අතරමඟ නැවතුණා… අන්තිමේදි ඒකි විභාගේ කළෙත් නැහැ…”

මම කීවේ අලුත් වූ ශෝකයකිනි.

“ඒකි නම් පව්… අරූ දැන් කෝ…? ඕකව මතක් වෙනකොටත් තරහයි… ඉස්සර ඉස්කෝලේ ළඟ කැරකුණු හැටි මතකද…?”

“හ්ම්ම්… මට මතකයි… කේෂව රට ඉඳන් ආවා… ඌ මටත් කරදර කරන්න හැදුවා නිරූ ඊයේ…”

එය පවසන විට මා දෑසින් කඳුළු රූරා වැටිණි.

“දෙවියනේ අරවින්දි… උඹට කරදරයක් වුණේ නැහැ නේද…?”

ඈ මා උරමතින් දැඩිව අල්ලාගත්තේ මවිතයෙන් කළ කෑ ගැසීමකිනි. මම නැතැයි හිස සැළීමි.

“කොහොමද එහෙම දෙයක් වෙන්න ගියේ… ඌ උඹලා ගෙදර ආවාද… කවුරුත් හිටියේ නැත්ද…?”

ඈ එක දිගට ඇසුවාය. මම පෙරදින සිදුවීම ඈ හා පැවසීමි.

“ඕකගේ කකුල් නෙවේ කඩන්න තිබ්බේ අරවින්දි… අහවල් එක කපලා දාන්න තිබ්බේ… එහෙනම් ඔය සෙල්ලම් ඉවරයි…”

ඈ කීවේ පහව නොගිය කෝපයෙනි.

“මාමා කිව්වේ කේෂවට ආයේ දෙපයින් නම් නැඟිටින්න බැරි වෙයි කියලා…”

“කවුරු හරි දැක්කා නම්…?”

“ඒ වෙලාවට කවුරුවත් ඒ හරියේ ගැවසෙන්නේ නැහැනේ… අනික හොඳටම වහින්න ළංවෙලා තිබ්බේ… කවුරුවත් දැක්කත් කියන එකක් නැහැ… මිනිස්සු හැමෝම ඒ පවුලෙ අය එක්ක තරහයි… පාලිත මාමාට ගමේ අය ආදරෙයි…”

ඇයද එය අනුමත කරමින් හිස සැළුවාය. අප අතර මොහොතකට පැවතියේ නිහැඬියාවකි. මගේ බලවත් විරෝධය මැද ඈ නැඟිට ඉවත ගියේ අයිස් පලම් රැගෙන ඒමටය.

“අපරාදේ සල්ලි නාස්ති කරනවා…”

මම කීවද ඈ ඒ ගැන කිසිදු තැකීමක් නොකළාය.

“අපිත් මොහොතක් හරි සතුටින් ජීවත් වෙන්න ඕන අරවින්දි… ආස දෙයක් කරලා… ආස දෙයක් කාලා බීලා… එතකොටනේ අපිත් ජීවත් වෙනවා කියලා දැනෙන්නේ… අපේ ජීවිත කොයි මොහොතෙද කියන්න දන්නේ නැහැනේ අරවින්දි… මරුණට පස්සේ ලක්ෂ ගණන් වටින පෙට්ටියක දාලා වැළළුවට වැඩක් තියනවද ඉන්න කාලේ කාලා ඇඳලා ඉන්නේ නැතුව…”

ඈ පවසන්නේ සත්‍යයකි. මම නිහඬව අයිස් පලම රස බැලීමි. මට අතීතය සිහි විය. පාසැල අසල අයිස් පැකට් විකුණන වෙළෙන්දාගෙන් අයිස් පැකට් මිලදී කෑ හැටි සිහි විය. එයට වඩා මෙය කෙතරම් රසවත් වුවද එකල අපට එය මහ මෙරක් තරමට වඩා වටිනා දෙයක් විය. අපි යළි පැමිණියේ ඇඳිරි වැටීගෙන එන විටය. නිර්මාණි මා හා නොකී බොහෝ දේ කීමට සූදානමින් සිටින බව මට වැටහිණි. නවාතැනට පැමිණි අපි ගාලු මුවදොර පිටියෙන් මිලදී ගත් ඉස්සො වඩේ කා තේ බීවෙමු. අපට කතා කිරීමට බොහෝ දෑ විය. පාසල් කාලයේ දෑ ඒ අතරින් ප්‍රමුඛ විය.

-26 වෙනි සඳුදා නැවත හමුවෙමු-

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you