NovelsRath Dothaluරත් දෝතළු - 17

රත් දෝතළු – 17

-

spot_img

රත් දෝතළු – 17

නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා නොදන්නා අඳුරු පැතිකඩක් ඇගේ ජීවිතයේ ඇතිද? එම සිතුවිල්ල පවා මා බියගැන්වූ අතර මම මා සිතටම ඒත්තු ගන්වමින් සිටියේ එවැන්නක් සිදුවිය නොහැකි බවය. නිදාගැනීමට සිතා යහනට පැමිණියද නින්දක් මා වෙත නොවීය. ඈ පිටතට ගියේ කා සමඟද?

“ඒ කොල්ලෙක් නෙවේ…”

ඈ එවැන්නක් පැවසුවේ ඇයි.? දෙවියනේ මට මේ කිසිත් වැටහෙන්නේ නැත. ඈ මෙවන් සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන්නේ කෙසේද? මා ගත වෙව්ළා ගියේ බියෙනි. මෙහි අඟක් මුලක් තෝරාබේරා ගත හැකි වූවා නම්? සියල්ලටම පිළිතුරු ඇත්තේ ඈ ඈ ළඟමය. එය ඇගෙන් විමසා දැනගත යුතුවා මිස මා සිතන්නට යෑමෙන් සිදුවන්නෙ මා අතරමං වීමය. නමුත් මා සිතේ කුහුළ නම් දැඩිය.
————————————————————————————————————————————
පසු දින මා අවදි වූයේ පමාවය. නිර්මාණි නිවසට පැමිණි බවක් හෝ ඈ පිටව ගිය බවක් හෝ මට නොදැනීම පුදුමයකි. සමහරවිට ඈ නිවසට නොපැමිණියාද කියා සිතුණු මුත් කන්නාඩි මේසය මත වූ කුඩා සටහන මා නෙත ගැටිණි.

“මම වැඩට යනවා… තේ හදලා බෝතලේ ඇති… දවල්ට එක්ක මොනවා හරි හදාගන්න… හවසට ආවාම රෑට මොනවා හරි හදාගමු…”

නිරූ.

මා මුවින් සුසුමක් පිටවිය. උණුවතුර බෝතලයෙන් කෝප්පයට තේ දමාගෙන මම සඳළුතලයට පැමිණ එය රස බැලීමි. අව් රශ්මිය දැඩි වුවද මුහුදු සුළඟ නිසාදෝ එය තදින් නොදැනිණි. හූ හඬක් නංවමින් දුම්රියක් ඇදී ගියේය. මා සිත පිරී තිබුණේ මේ යැයි පැවසිය නොහැකි ශෝකී හැඟීමකිනි. එය කුමක් නිසා ඇති වූවක්ද කියා තේරුම් බේරුම් කරගැනීම අපහසු වූයේ බොහෝ කරුණු කාරණා මා සිත පාරවා තිබූ නිසාය. මගේ පැමිණීමෙන් නිර්මාණිගේ වුවද නිදහසට බාධාවක් වී ඇතැයි කියා මට සිතුනේ එර දිනයේමය. ඉක්මනින් රැකියාවක් සොයාගත යුතුය කියා මා සිතුවද එය සිතන තරම් ඉක්මනින් වේ යැයි කියාද විශ්වාසයක් මා සිතේ නැත. සුසුමක් වා තලයට මුදාහළ මා සඳළුතලයෙන් මෑත්ව ඇතුළට පැමිණියෙමි. සිතට පාළුවක් දැනිණි. අම්මා මේ මොහොතේ කුමක් කරනවා ඇතිද? නිවසේ ඉස්තෝප්පුවට වී හිඳගෙන පාර බලා සිටින තාත්තාගේ රුව මා මනසේ ඇඳී මහා ශෝකයකින් හද ඇවිළිණි. එපමණක් නොව කේෂවට කෙසේද කියාත් මට සිහි නොවුණා නොවේ. මටද සාක්ෂිකාරියක වීමට සිදුවෙනු ඇතිද කියාත් මට ඒ අතරේ සිතී අලුත් බියක් සිතට දැනිණි. නිර්මාණි එනතුරු මා සිටියේ නොඉවසිල්ලෙනි.

“අනේ… කෙල්ලේ… ඔයාට එපා වෙන්නැති… නේද…?”

අනුකම්පාව මුසුවූ හඬකින් ඈ ඇසුවාය. ඇගේ මුහුණින් පළවූයේ විඩාබර බවකි. අතපය සතර දිගහැර ඈ සැටියේ හිඳගත්තා නොව එයට ඇද වැටුණාය.

“මොකද කළේ අද ඔයා…?”

ඈ යළි මා විමසුවාය.

“මොනවා කරන්නද…? මං හොඳට නිදාගත්තා… ගෙදර හිටියා නම් වැඩ කෝටියක් කරලා…”

“හ්ම්ම්… ඒකනේ මම ඔයාට මුලින්ම කිව්වේ…”

“හ්ම්ම්… ඔයාට තේකක් හදන්නද… මහන්සි පාටයි…”

ඈ විසල් කරගත් දෑසින් මදෙස බැලුවාය.

“අනේ… උඹ පව් කෙල්ලේ…”

ඈ එය කියූ ආකාරයට මා මුවට සිනහ නැඟිණි.

“තේකක් හදන්නම්… උඹ මට පින් දීපන්කෝ එතකොට පව් කැපෙයි…”

මා කියනවිට ඈ කළේ උස් හඬින් සිනහසීමය.

“උඹේ කට තමා කට…”

ඈ සිය ජංගම දුරකථනය අතට ගන්නා විට මම කුඩා මුළුතැන්ගෙයට පැමිණියෙමි. නිවසේ මෙන් මෙහි ළිප අවුළුවන්නට මහන්සි වීමට වුවමනා නැත. විදුලි කේතලයට අපි දෙදෙනාට පමණක් සෑහෙන සේ වතුර පුරවා මම ඉක්මනින් තේ සාදාගෙන එන විටත් නිර්මාණි සිටියේ පෙර ඉරියව්වෙන්මය.

“අනේ… උඹට පින්…”

වහා ජංගම දුරකථනය පසෙක තැබූ ඈ අසුනේ හරි බරි ගැසී හිඳගනිමින් කීවේ දෝතින්ම තේ කෝප්පය පිළිගනිමිනි.

“ආහ්… දැන් එහෙනම් පව් කැපෙයි…”

ඈ පසෙක හිඳගනිමින් මම කීවෙමි. තේ උගුරක රස බැලූ නිර්මාණි මා දෙස බැලුවේ අමුතු බැල්මකිනි. එය රස නැතිද කියා මට එක්වරම සිතිණි.

“ඇයි නිරූ… තේක රස නැත්ද…?”

“පිස්සු… පට්ට රසයි තේක… සීනි කහට ගානට…”

“අනේ යමන්… බටර් නොගා…”

“බටර් නෙවේ… ඇත්තටම රසයි… මට කවදාවත් බැහැ රසට තේකක් හදාගන්න… එක්කො කහට වැඩියි… නැත්නම් සීනි වැඩියි… ඔයා උදේ තේ කොහොම බිව්වද මන්දා…”

“සීනි නම් මදි වගේ තේරුණා… ඒත් මට ගාණක් නැහැ… සීනී නැතුව තේ බීලා හුරුයි නේ…”

මඳහසක් පාමින් මා කීවද නිර්මාණි කළේ සුසුමක් පිට කිරීමය. ඇයට අතීතය සිහි වූවා වන්නට ඇතැයි කියා මම අනුමාන කළෙමි.

“ජොබ් එක නිසා දැන් කාලා ඇඳලා ඉන්නවා අරවින්දි… අපි විඳපු දුක් දන්නේ අපිනේ… නේද…?”

මසිත අලුත් දුකකින් ඇවිළිණි. කුසගින්න ගැන දන්නේ කුසට අහරක් නොලද කුසගින්නේ සිටි අයෙකුම පමණි. දිනකට එක් වේලක් පමණක් කා බඩගින්නට වතුර බී කුසගින්න සඟවාගෙන ගෙවූ දින නම් අතීතයේ අනන්තවත් තිබිණි.

“ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නිරූ…”

“අපිටත් හඳ පායන දවසක් එයි අරවින්දි…”

නිර්මාණි කීවේ මගේ සුරතක් දැඩිව අල්ලා ගනිමිනි.

“නිරූ…”

ඈ අමතා මම නිහඬ වූයේ කීමට ගිය දේ නොකියා ගිල ගනිමිනි.

“මොකෝ අරවින්දි… මොනවද ඔයා කියන්න හැදුවේ…?”

මම සුසුමක් හෙළීමි. ඈ මා දෙස වඩා වුවමනාවෙන් බැලුවාය.

“මොකෝ කෙල්ලේ… මොකක් හරි ප්‍රශ්නයක්ද…?”

“ඔව්… නැහැ… ඒත්…”

“ඔව්… නැහැ… ඒත්… මොකක්ද බං ඒ හතර බීරි කතාව…?”

පිළිතුරක් නොදුන් මම කළේ මොහොතක් නිහඬව හිඳීමය.

“මම මෙහෙ ඇවිත් ඔයට කරදරයක් වුණාද කියලා මට හිතෙනවා…”

ඈ තිගැස්මට පත් බැල්මකින් මදෙස බැලුවාය.

“ඇයි කෙල්ලේ… උඹ එකපාරටම එහෙම කිව්වේ…?”

“න්… නැහැ… මං නිසා ඔයාගේ නිදහසට බාධා වුණාද දන්නැහැ කියලා මට නිකමට හිතුණා…”

“පිස්සු ඒක මහ විකාර කතාවක් නේ… මගේ නිදහසට බාධාවක් නම් මං කවදාවත් ඔයාව මෙහෙට ගෙන්න ගන්නේ නැහැ… මාත් මේ බිත්ති හතරේ තනිවෙලා හිටියේ අරවින්දි… ඔයා ආව එක කොච්වර දෙයක්ද… ළඟ තැනකින් ජොබ් එකක් හම්බ වුණොත් ඔයාට හැමදාම මා එක්ක මෙහේ ඉන්න පුළුවන්… ඔයා ආවෙ බලෙන් නෙවේනේ… මමනේ එන්න කිව්වේ… ඔයා මගේ හොඳම යාළුවා… ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් ඕනම දෙයක් මං කරනවා… මොකද ජොබ් එකක් නැතුව මම කාපු කට්ට මට හොඳටම මතකයි…”

ඈ එක දිගටම කියවගෙන ගියාය.

“ඒත් නිරූ… ඔයාගේ…”

“මගේ…?”

“බෝයි ෆ්‍රෙන්ඩ්…?”

ඈ එවිට උස් හඬින් සිනහසුණේ මා අවුලකට පත්කරමිනි.

“මං කිව්වේ ඒ බෝයි කෙනෙක් නෙවේ…”

මා අපහසුතාවයට පත්කරමින් ඈ කීවේ පෙර කතාවමය.

-හෙටත් හමුවෙමු-

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you