NovelsRath Dothaluරත් දෝතළු - 11

රත් දෝතළු – 11

-

spot_img

රත් දෝතළු – 11

මා සිහිසුන් යාමට එන බවක් මට දැනිණි. තව දුරටත් මට ඔහු හා සටන් කරන්නට නොහැක. මා අඩපණ වී ඇත. මා මියගියත් මා ඔහුගේ ගොදුරක් නම් වන්නේ නැත. යළිත් දිරියක් දැනී මා පියවි සිහි ලදිමි. මට ඔහු හා සටන් කරන්නට නොහැකි බව දනිමි. ලිහිළ්ව තිබූ අතකින් මම ඔහුගේ ඇසකට ඇන්නෙමි. කේෂව මර හඬ දුන්නේ ඒ නිසාම නොවන බව මට අවබෝධ වූයේ මඳක් පමා වීය. ඔහු නිෂ්චලව මා සිරුර මත ඇද වැටිණි. මා තුළ ඇති වූ භීතියත් සමඟ මම දුටුවේ පාලිත මාමාත් පියසේන මාමාත් මා ඉදිරියේ සිටින බවය. පියසේන මාමා අත මුගුරු දණ්ඩකි. පාලිත මාමා ඉදිරියට පැන කේෂව ඉවතට ඇද දැමුවේය.

“නැඟිටපන් කෙල්ලේ… උඹට කරදයක් නැහැ නේද…?”

ඔහු මට නැඟිට ගැනීමට සහාය වන විට මම දුටුවේ පියසේන මාමා මගේ මගේ දෙපා වලින් ගිළිහී ගිය සෙරප්පු යුගළ එකතු කරමින් සිටින බවය.
මම පාලිත මාමාගේ දෑතේ එල්ලුණේ හඬමිනි.

“අ…න්…නේ…මා…මේ…”

කිසිත් කතා කරන්නට මට නොහැකිය. මට ඉකිගැසිණි. ඒ අතරේ මට සිතුණේ කේෂව මියගියා වන්නට ඇතැයි කියාය.

“අනේ… මාමේ… කේෂව…. එයා… මැරිලද…?”

භීතියෙන් මම අසන විට පාලිත මාමා මා හිස පිරිමදිමින් කීවේ ඔහු සිහිසුන්ව ඇති බවය.

“උඹ ගෙදර යමන් කෙල්ලේ… මෙතන මොකුත් සිද්ද වුණේ නැහැ… උඹ අපිව දැක්කේත් නැහැ… මෙන්න මේ කුඩෙත් අරන් යමන්… කාටවත් මොකුත් කියන්න එපා… උඹට කරදරයක් වෙන්න කලින් අපි ආව එක ගැන සතුටුයි… දැන් දුවපන්…”

පාලිත මාමා කීවේ මා ඔහුගේ නිවසේ අමතක කරදමා ආ කුඩයත් මා අතට දෙමිනි. මෙතෙක් වෙලා එය ඔහුගේ හිණේ සඟවාගෙන සිට ඇත. පියසේන මාමා මගේ පාවහන් යුගළ මා ඉදිරියේ දැමුවේය.

“මා…මේ…”

මම දෑත් එක්කොට ඔවුන් දෙදෙනාටම වැන්දේ දෑසින් කඳුළු කඩා වැටෙන විටය.

“උඹට තනියම යන්න පුලුවන්ද ළමයෝ…?”

පාලිත මාමා අසන විට මම හිස සැළීමි.

“දැන් දුවපන් එහෙනම්… ආයේ හැරිලා බලන්න නවතින්න එපා…”

මම එයට කීකරුව දෙපා එසවීමි. දුව යන්නට කෙසේ ශක්තියක් ලැබුණාද මම නොදනිමි. අහස ගුගුරුවමින් මහ වැස්සක් ඇද වැටෙන්නට වූයේ එවිටමය. කුඩය අතේ වුවද මට එය ඉහළාගන්නට අමතකව ගියේය. නැතිනම් එයටවත් සිහියක් නොවන්නට ඇත. පාලිත මාමාත් පියසේන මාමාත් අද එහි නොඑන්නට මගේ ජීවිතය විනාශ වී අවසන්ය. එම සිතුවිල්ල පවා මා බියෙන් වෙව්ළුවා දැමීය.
——————————————————————————————————
“අක්කේ…”

නංගීගේ හඬින් මම තිගැස්සී ගියෙමි. මා තවමත් ළිඳ අසලමය.ශීතලයෙන් මා ගත වෙවුළන බවක් හෝ මට නොදැනිණි. මා සිතමින් සිටියේ කේෂව ගැනය. ඔහු මිය ගියා වන්නට ඇත්ද.? එම සිතුවිල්ල මා ගත පමණක් නොව සිතත් අලුතින් වෙව්ළුවා දැමීය. මසිතට බියක් දැනේ. ඒ කේෂව කෙරෙහි නොව පාලිත මාමාත් පියසේන මාමාත් කෙරෙහිය. කේෂව මියගියා නම්.? ඉන්පසුව කුමක් සිදුවෙයිද? ඒ මොහොතේ ඔවුන් පැමිණියේ හොඳම වෙලාවට නොවේද කියා මම යළි යළිත් සිතුවෙමි.

“මොනවද අනේ මෙච්චර වෙලා කරන්නේ…? එන්නකෝ… දැන් රෑත් වුණා…”

නංගී කෑ ගසන විට මම වතුර බාල්දියේ වූ වතුර හිස දමාගෙන ඉවතට ආවෙමි. වැසි දියෙන් මා හොඳටම නෑවී සිටියෙමි. කොපමණ වෙලා මා නෑවාද කියා මට මතක නැත. නංගී තුවාය මවෙත දිගු කරගෙන මදෙස බලා සිටියේ මවිතයෙනි.

“මොකද අනේ මේ ඔයාගේ මූණ… හරියට හොල්මනක් දැකලා වගේ… ඔය ඔළුව පිහදාන් ඉක්මනට ගෙට එන්න… අම්මා හිටියා නම් හොඳටම බැනුම් අහගන්නවා…”

නංගී කෑ ගසමින් ගෙතුළට වැදුණාය. මා නා තිබුණේ හැඳ සිටි ගවුම පිටින්මය. එය ගළවා දමන්නට සූදානම් වන මොහොතේයි මට සිහි වූයේ එහි දැමූ මුදල් නෝට්ටු කීපය. එය පිටතට ගන්නා විට දියෙන් පෙඟී තිබිණි. තුවාය හැඳගෙන මම වහා ගෙතුළට විත් මුදල් නෝට්ටු කීපය වියළෙන්නට තැබුවෙමි.
ඒ අතරේ නංගී කෝපි සාදා තිබුණාය.

“මෙන්න මේක බොන්න…”

ඈ කෝපි කෝප්පයක් මවෙත දිගු කරන විට මම එය දෝතින්ම ගෙන මුළුතැන්ගෙයි වූ දිගු බංකුවේම හිඳගත්තේත් පහව නොගිය ශීතලයෙන් වෙව්ළමිනි.

“ඔයා කොච්චරවෙලා නෑවද දන්නවද…?”

නංගී අසනවිට මම කෝපි උගුරක් බොමින් යටැසින් ඈ දෙස බැලීමි.

“පැයක් විතර… නෑවා නෙවේ… හිටන් බලන් හිටියා…”

මම කිසිත් නොකීවෙමි.

“අනේ මන්දා ඔයා නම් ඇත්තමයි… පොඩි උන් වගේ හැසිරෙන්නේ…”

ඈ මට දොස් පවරන්නට වූයේ වයසින් මුහුකුරා ගිය අයෙකු ලෙසිනි. වෙන මොහොතක මෙසේ පැවසුවා නම් මම ඇයට සිනහසෙන්නට ඉඩ තිබුණද මේ මොහොතේ මා සිටියේ ළමැද මැද ගිනි අවුළුවාගෙනය. කේෂව මියගියා නම් කුමක් සිදුවනු ඇතිද කියා මම සිතමින් සිටියෙමි. එම සිතුවිල්ල මා සිතේ සැනසුමත් සහනයත් මා වෙතින් ඉවත පා කළේය.

“අම්මා මොකෝ දන්නැහැ තාම නැත්තේ…?”

කෝපි කෝප්පයේ උණුසුම නිසා මගේ ශීතලය තරමක් පහව ගියාක් මෙනි. මම නංගී විමසුවේ තරමක දෙගිඩියාවෙනි. වෙනදා මේ වන් විට නම් අම්මා පැමිණය. අද ඇයගේ පමාවත් මා සිතේ බිය උත්සන්න කළේය.

“දැන් එයි… වැස්සට කොටු වෙලා වෙන්නැති…”

කාරණය එයද නැතිනම් කේෂව පිළිබඳව ඔවුනට දැනගන්නට ලැබුණාද කියා සිතාගත නොහැකිය. නංගී මා කෙරෙන් ඉවතට යන විට මම එලෙසම හිඳ කල්පනා කරන්නට වූයෙමි. පාලිත මාමාත් පියසේන මාමාත් නොඑන්නට අද මට කුමක් සිදුවන්නට ඉඩ තිබුණාදැයි කියා සිතන විටත් මා ගත අලුතින් හිරි වැටී ගියේ ශීතලයට නම් නොවේ. කේෂව පිළිබඳව සිතන විටත් මා සිතේ ඉපදුණේ වෛරයකි. ඔහු තමාට මාරක අපළයක් ඇති බව කියා සිනහසුණ හැටි මට සිහි විය. එය සැබෑ වූවා නොවේද ? ඔහුට ලැබෙන්නට ඇත්තේ කිනම් දඬුවමක්ද වන්නට ඇතිද? එය කුමක් වුවත් එය මා සිතේ ඔහු කෙරෙහි අනුකම්පාවක් නම් ඇති නොකළේය. සිතේ බිය ඇති වූවා නම් ඒ පාලිත මාමාත් පියසේන මාමාත් කෙරෙහි මිස කේෂව කෙරෙහි නම් නොවීය.

-හෙටත් හමුවෙමු-

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you