Newsමාධ්‍යවේදියෙකුගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කල පොලීසියට වැඩ වරදි

මාධ්‍යවේදියෙකුගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කල පොලීසියට වැඩ වරදි

-

spot_img

මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කල තිළිණ රාජපක්ෂ යන අයට බැනවැදි පහරදි අමානුශිය සැලකිම්වලට භාජනය කිරිම තුලින් අලව්ව පොලිසියේ නිළධාරින් තුන්දෙනෙකු ඔහුගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කළා.

අදාල මාධ්‍යවේදියා විසින් ගොනුකල මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (22) විභාගයට ගැනිමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන,සම්පත් අභයකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

ඒ අනුව මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිම වෙනුවෙන් වරදකරුවන් කෙරුණු එවකට අලව්ව පොලිසියේ සැරයන්වරුන් ලෙස කටයුතු කල රවින්ද්‍ර කුමාර, බී.එම්.එස්.එස් විජය බණ්ඩාර හා පොලිස් කොස්තාපල් ජයසුන්දර යන නිලධාරින් සිය පුද්ගලික මුදල් වලින් රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව වඟඋත්තරකාර පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් පවත්වා චෝදනා ගොනුකිරිමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කරනු ලැබුවා.

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you