Interviewsමම ටිකක් පිස්සු වැටිලා වගේ ඉන්නෙ

මම ටිකක් පිස්සු වැටිලා වගේ ඉන්නෙ

-

spot_img

මම ටිකක් පිස්සු වැටිලා වගේ ඉන්නෙ – Smriti Mandhana

ස්මිත්‍රි මන්දානා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම සහ ජනප්‍රියතම පිතිකාරිනියක්. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හැදී වැඩුණු ඇය ක්‍රිකට්වලට ආදරය කරේ කුඩා අවධියේ පටන්මයි. ස්මිත්‍රිගේ අලංකාර වමත් පිතිකරණ විලාසය ක්‍රීඩාලෝලීන් බෙහෙවින් අගය කරන අතර ඇය හැඳින්වෙන්නේ ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අපූරු සලකුණක් ලෙසින්. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් තම රට නියෝජනය කිරීමට සිහින දකින මිලියන සංඛ්‍යාත ඉන්දීය ගැහැණු දරුවන්ට ඇය ආදර්ශයක් වී තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ, ඇය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම ස්ථාවර ලකුණු ලබා ගත් ක්‍රීඩිකාවන් අතර සිටියි. ඉන්දියාවේ පළමු කාන්තා ලෝක කුසලාන ජයග්‍රහණය, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඔවුන්ගේ දෙවන කාන්තා ප්‍රිමියර් ලීග් ශූරතාවට මඟ පෑදීම සහ ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානය නැවත ලබා ගැනීම සහ ඇගේ වෘත්තීය ජීවිතයේ පස්වන වරටත් BCCI හි හොඳම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක (කාන්තා) සම්මානය දිනා ගැනීම වැනි වාර්තා ඈ සතුය.

Smriti Mandhana

මුම්බායි හි උපන් මන්දානා සහ ඇගේ පවුලේ අය ඇය ඉතා කුඩා කාලයේදීම සංග්ලි නගරය වෙත සංක්‍රමණය වූහ. සංග්ලි ඇයට නිවහන තරමට සමීපය.

“සංග්ලිවල ඉන්නකොට මම ජනප්‍රිය ක්‍රීඩිකාවක් නෙමේ. ස්ම්‍රිති විතරයි.”

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකාව පිටියෙන් එහා ජීවිතයේදී කුඩා දරුවන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරන, කඩචෝරු කමින් කාලය ගත කරන අයෙක්. මන්දනා සහ පවුලේ අය වසර ගණනාවක් කුඩා කුලී නිවහනක ජීවත්වුණෝය. ඒ ඇයට ක්‍රිකට් උණ තදින්ම වැළඳී තිබූ අවධියයි. ඇය දවසේ වැඩි හරියක් පුහුණුවීම් කළාය. එය අම්මාව තරහ ගැන්වූ බවත් කොල්ලෙකු මෙන් අලුත් නිවසක් අරන් දෙන බවට ඈ අම්මාට පොරොන්දු වූ බවත් මන්දනා පවසයි. ඒ පොරොන්දුව ඉටු කරමින් වසර කිහිපයකට පසු, ඇය සංග්ලි හි ඇගේ පවුලට ඔවුන්ගේම නිවසක් මිලදී ගත්තාය. තමා මේ සිටින තැනට පැමිණියේ පවුලේ උදවිය නිසා බව ඈ පවසයි.

Smriti Mandhana

පිරිමි ළමයින් සියයක් අතර පුහුණුවීම් කරන එකම ගැහැණු ළමයා වීම නිසා ඇයට තම අවස්ථාව සඳහා බොහෝ විට සටන් කිරීමට සිදු විය. නමුත් ඇගේ පුහුණුකරුවන් නොසැලෙන කඩුල්ලක් මෙන් විශ්වාසවන්තව ඇගේ පැත්තේ සිටියහ. මන්දනා, ඇගේ සහෝදරයා වන ශ්‍රවාන් අතර දැඩි බැඳීමක් තිබේ.

“හැමෝම කියන්නේ ඇය ක්‍රීඩා කිරීමට පටන් ගත්තේ මම නිසා කියලා. මම හිතන්නේ නැහැ ඒක ඇත්ත කියලා. ඇය මුල් කාලයේ මම බැට් කරනවා දැකලා ඇති. ඒත් එයාට කවදත් ක්‍රිකට් ගැන ලොකු උනන්දුවක් තිබුණා.”

ඇගේ සහෝදරයා මන්දනා ගැන එසේ පවසයි.

“මම හරිම සැහැල්ලුවෙන් හා සන්සුන්ව ඉන්න කෙනෙක්, ඒත් මම ටිකක් පිස්සු වැටිලා වගේ ඉන්නේ. මිනිස්සුන්ට මාව බාහිරෙන් සන්සුන්ව පේනවා. නමුත් මම ඇත්තටම ආක්‍රමණශීලීයි. ක්‍රීඩිකාවක් විදිහට මම ගොඩක් ආත්මාර්ථකාමීයි. මට පහර දෙනවට මම කොහොමත්ම කැමති නැහැ. මගේ ෆෝන් එකේ මගෙ වෙන ෆොටෝස් නැහැ. බැට් කරන ඒව විතරයි තියෙන්නෙ. මගෙ හැමදේටම උත්තරේ තමයි බැට් කරන එක. ඒක මට බෙහෙතක් වගේ. ක්‍රිකට් කියන්නෙ කණ්ඩායම් ක්‍රීඩාවක්. මම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා. නමුත් මම බැට් කරනකොට, ඒ මම විතරයි. කාටවත් මම වෙනුවෙන් බැට් කරන්න බෑ. මොකද සමහර සටන් තනිවම කරන්න ඕනෙ.” 

Smriti Mandhana

මන්දනා පවසයි. වසර ගණනාවක් පුරා, එම සටන් විවිධ හැඩයන් ගෙන ඇත. ජයග්‍රහණය සේම පරාජයන්ද එක සේ පැවතුණි. වරක් ඉන්දියානුවන් සිය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට මුළුතැන්ගෙයට යන ලෙස පැවසූහ. මිනිසුන් ඔවුන්ව Chokers ලෙසින් හැඳින්වූහ.

“අපි සෙල්ලම් කරන්න පටන් ගත්තම, අපි හැමෝටම ඕන වුණේ මේක නෙමෙයිද? අපි වෙනුවෙන් ක්‍රීඩාංගණ පිරෙනවා දකින්න ඕන වුණා. රසිකයන් කෑ ගහලා අපිට සහයෝගය දෙනවා දකින්න ඕන වුණා. ඊට පස්සේ ඉතින් අපි විවේචනත් පිළිගන්න සූදානමින් ඉන්න ඕනේ. කිසිම දෙයක් කොහොමත් ගොඩක් කල් පවතින්නේ නැහැ.”

ඇත්ත වශයෙන්ම, නවසීලන්තයට එරෙහිව මන්දනා ශතකයක් රැස් කළ විට, ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රතිචාර වහාම වෙනස් වුණේ ඇය නැවතත් ඉන්දියාවේ ක්‍රිකට් වීරවරිය බවට පත් වෙමිනි. විසි නව හැවිරිදි මන්දනා මහා භාරතයේ කථාංග කිහිපයකට සවන් දෙන අතර ඇය අසල නිරතුරුවම භගවත් ගීතාවේ කුඩා පිටපතක් ඇතායි පැවසේ.

Smriti Mandhana

“මට මගේ හැම ප්‍රශ්නෙකටම උත්තර එයින් සොයාගන්න පුළුවන්. ඒක තමයි මගෙ therapy එක”

එමෙන්ම ඇය පාසල් අවධියේදී වෙඩි තැබීම සහ මීටර් 200 ධාවන තරඟ සඳහාද පදක්කම් කුසලාන දිනා තිබේ. ලෝක කුසලාන ජයග්‍රාහිකාවක් වූ නමුත් ඇය ජීවිතයේ නිදහස සහ සැනසීම අගයන්නියකි. සංග්ලි හි ඇගේ ජීවිතය සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩිකාවකට වඩා බෙහෙවින් වෙනස් ලෙස පෙනෙන්නේ එබැවිනි. බොලිවුඩය කෙරේ ඇගේ ඇත්තේ සුවිශේෂී ආදරයකි. සංග්ලිහි ඔවුන්ගේ ඉඩම මුලින්ම සති අන්තයේ කඩුලු පුහුණුවීම් සඳහා යොදාගත් අතර, පසුව ජිම් එකක් ඉදිවිණි. අනතුරුව පිහිනුම් තටාකයක් සහ sandpit එක. නිවස නිමවුණේ ඉන් පසුව බව ඇය පවසයි.

Smriti Mandhana

“මම තව තවත් ඉන්දියාව වෙනුවෙන් තරඟ දිනනවා. අපි හැදුණෙ ගැහැණු ළමුන් ක්‍රීඩාවට යොමු කරනව අඩු පසුබිමක. නමුත් ඊළඟ පරම්පරාවට එහෙම වෙන්න නොදී ඔවුන්ව දිරිමත් කරන්න ඕනේ. අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම.”

ඒ ලොවක් හඳුනන ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපනායිකාවගේ අනාගත බලාපොරොත්තුවයි. ඉන්දීය ගැහැණු ළමුන් ජාත්‍යන්තර ජයග්‍රහණ තම රටට ගෙන එනු දැකීම ඇගේ සිහිනයයි.

Vogue India ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you