Newsපොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

-

spot_img

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා විශේෂ සහනාධාර වැඩසටහනක් දියත් කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ. එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පැවසුවේ පොල් අස්වැන්න වැඩි කර ගැනීමට සහ අස්වැන්න රැක ගැනීමේ අරමුණින් රුපියල් මිලියන 2,500 ක ප්‍රතිපාදන යටතේ මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.

මෙම සහනාධාර වැඩසටහන තුළින් පොල් වගාකරන ගොවීන් උනන්දු කරවීම, පොල් ඵළදාව වැඩි කරගැනීම සහ පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීම අරමුණ වන අතර මේ දක්වා පොල් වගාව සඳහා බලපෑමක් එල්ල වී නොමැති බවත් ඉදිරියේදී එල්නිනෝ තත්වයේ වර්ධනයක් පැවතියහොත් එය වගාවට බලපෑමක් එල්ල කළ හැකි බවද පෙන්වා දුන්නේය.

Coconut cultivation

අදාළ සහනාධාර වැඩසටහන යටතේ ගම්පහ, කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම වැනි දිස්ත්‍රික්කවල පිහිටි පොල් වගාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවලද පොල් වගාවන් සම්බන්ධවද මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක වන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම සහනාධාර ක්‍රමවේදය යටතේ පොල් ඉඩම්වල ජල සම්පාදනය ඉදිකර ගැනීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් බැගින් අක්කර 5ක් දක්වා සහනාධාරය ලබා දෙන බවත් මීට අමතරව ජල සංරක්ෂණය සඳහා එක් පොල් ගසකට රුපියල් 200 බැගින් ලබා දීමට ද පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තවද පොල් වගා කිරීමේ මණ්ඩලය යටතේ කප්රුක ණය යෝජනා ක්‍රමය මගින්ද පොල් වගාකරුවන් සඳහා ණය ලබා ගැනීමේ හැකියාව පවතින බවද සභාපතිවරයා අවධාරණය කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you