More
    Featuresපිළිකා මාරයා බිලිගත් සුපිරි තරුව

    පිළිකා මාරයා බිලිගත් සුපිරි තරුව

    -

    spot_img

    පිළිකා මාරයා බිලිගත් සුපිරි තරුව – D’Angelo

    ග්‍රැමී සම්මාන ලාභී අමෙරිකානු ගායක D’Angelo පහුගිය ඔක්තෝම්බර් 14 වැනිදා මිය යනවා. මිය යනකොට ඔහුගෙ වයස අවුරුදු 51 යි. D’Angelo මෙලොව හැර යන්නෙ පිළිකා රෝගයත් එක්ක කෙරුව දීර්ඝ සටනකට පස්සෙ. ගීත රචකයෙක්, නිෂ්පාදකවරයෙක් වුණු ඔහුගෙ නික්ම යාම සංගීත ලොව අපූරු යුගයක අවසානය සනිටුහන් කරනවා. 

    D’Angelo

     

    Michael Eugene Archer ඉපදුණේ 1974 පෙබරවාරි 11 වර්ජිනියාවේ රිච්මන්ඩ්වල. ඔහුගෙ පියා දේවගැතිවරයෙක්. කුඩා මයිකල් ගායනය හුරු වෙන්නෙ පල්ලියෙ ගීතිකා කියලා. ඒ වගේම පියානෝ එක play කරන්නත්. මාර්වින් ගයේ, ස්ටීවි වොන්ඩර්, ප්‍රින්ස්, ඇල් ග්‍රීන් ඔහුගෙ ලෝකයෙ වීරයන්. දිගටම ගීත ගායනා කෙරුව ඔහු 1990 දශකය වෙනකොට නැගී එන තරුවක් වෙලා තිබුණා. 1995 දී ඔහු තමන්ගෙ පළවෙනි ගීත ඇල්බම් එක Brown Sugar රිලීස් කරා. රසිකයින්ට මේක වෙනස්ම අත්දැකීමක් වුණා. Brown Sugar, Lady වැනි සිංදු ගීත දර්ශකවල ඉහළම තිබුණා. ඔහුගේ ගැඹුරු මෙන්ම සරාගී කටහඬට රසිකයින් වසඟ වුණා.

    D’Angelo

    එයින් අවුරුදු පහකට පස්සෙ D’Angeloගෙ විශිෂ්ටම ඇල්බම් එක වුණ Voodoo රිලීස් වුණා. Untitled (How Does It Feel) ගීතය අතිශයින් ජනප්‍රිය වුණා. Voodoo Album එක ඔහුට හොඳම R&B ගීත ඇල්බමය ඇතුළු ග්‍රැමී සම්මාන දෙකක් දිනා දුන්නෙ ඔහුගේ විශිෂ්ටත්වය ඔප්පු කරමින්. නමුත් ජනප්‍රියත්වය, ඉන් ලැබුණ ආතතිය, පවුල් ප්‍රශ්න වගෙ දේවල් එක්ක ඔහු අවුරුදු ගණනක්ම අප්‍රකටව ජීවත් වුණා.

    D’Angelo

    ඒත් සැබෑ artist ල කවදාවත් මිනිස්සුන්ගෙ මතකයෙන් ඈත් වෙන්නෙ නැහැ. දශකයකටත් වඩා නිහඬව ඉඳලා 2014 අවුරුද්දෙ ඔහු නැවත ආවෙ Black Messiah එක්ක. ඔහුගෙ The Vanguard ගෲප් එකත් එක්ක රිලීස් කළ මේ ඇල්බම් එක අමෙරිකාවෙ දේශපාලන කැළඹිලි, අයුක්තිය වගේ දේ ගැන සඳහන් වුණු බලගතු දේශපාලන හා සමාජීය පණිවිඩ රැගත් එකක්. තමන්ගෙ නැවත පැමිණීමෙන් සංගීතය කියන්නෙ මිනිස්සු සුවපත් කරන සත්‍යයේ බලවේගයක් කියන එක මේ අපූරු කලාකරුව ලෝකයට මතක් කරලා දුන්නා.

    D’Angelo

     

     

    ඔහුගෙ ජීවිතේ අවසන් අවුරුදු කිහිපය ගතවුනේ බොහොම නිහඬව. ඉඳහිට ප්‍රසංගවලට ආවා. මිතුරන් සහ පවුලේ අය පැවසුවේ ඔහු අවුරුදු ගණනාවක්ම පිළිකා රෝගය එක්ක සටන් කරන බවත් බොහොම ධෛර්යයකින් එයට මුහුණ දෙන බවත්.

    D’Angelo

    D’Angelo ඇල්බම් තුනක් විතරක් රිලීස් කරත් ඒ සෑම එකක්ම තුළින් ඔහු වෙනසක් කළා. ඔහු කවදාවත් Trend පස්සෙ ගියේ නැහැ. ඔහු සංගීත ලෝකයේ සදාකාලික වෙන්නෙ ඒ නිසා. ඔහුගෙ ආදරණීයයන් ඔහුව හැඳින්වූවෙ කලාව සහ රසිකයන්ට තමන්ගෙ හදවතම දුන්නු දිදුලන තරුවක් ලෙසින්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page