Newsදුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

-

spot_img

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම සඳහාත් බෞද්ධ විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට සංඝ සභාවන්හි ලේඛකාධිකාරී හිමිවරුන්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න පැවසීය. 

Monks who violate the rules

එම වාර්තාව ලැබුණු වහාම බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන බවද හෙතෙම අවධාරණය කළේය. ලේඛකාධිකාරී හිමිවරුන්ගේ වාර්තාව අද හෙටම තමන් අතට පත් වීමට නියමිත අතර මේ කාරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ තමා පසුගිය දිනවල දීර්ඝව සාකච්ඡා කළ බවද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පැවසීය. තවද එම සාකච්ඡාවලදී පැහැදිලි එකඟතා කිහිපයකටම පැමිණීමට හැකිවුණු බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.

Monks who violate the rules
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න

එහිදී ඇති කරගත් එකඟතා සියල්ලම ලේඛකාධිකාරී හිමිවරුන්ට භාරදී ඇති බවත් ඒ අනුව නායක හිමිවරුන්ගේ අදහස් ද ලබාගෙන පනත් කෙටුම්පත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමට කටයුතු සූදානම් කරන බවද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළේය . ඒ අනුව විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්‍ෂූන් සම්බන්ධයෙන් ඒ ඒ සංඝ සභාවන් මගින් විනය ක්‍රියාමාර්ග ගත්තද, එකී භික්‍ෂූන් චීවරය දරාගෙන තවදුරටත් කටයුතු කරන තත්වයක් දක්නට ලැබෙන හෙයින් සංඝාධිකරණයක් වැනි යාන්ත්‍රණයක් මගින් දඩුවම් කිරීමට හැකිවන පරිදි බෞද්ධ විහාර දේවාලගම් පනතට සංශෝධන එක් කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you