Newsජනාධිපතිවරයා මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි

ජනාධිපතිවරයා මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි

-

spot_img

ජනාධිපතිවරයා මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි – Mujibur Rahman

ඔස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ විසිපහක් පරිගණක හැකර්වරුන් වංචනිකව ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් මතු කිරීමට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව වාර්තාවේ. පාර්ලිමේන්තුව ලබන පස් වැනිදා රැස්වීමට නියමිතය.

මෙය භාණ්ඩාගාරය මහ දවල් කොල්ල කෑමක් බවත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මීට ඍජුව වගකිවයුතු බැවින් ඔවුහු එම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කොට ඇත. එසේම මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හඬ නැගීමට පක්ෂ ක්‍රියාකාරීන් සූදානම් වන බවද ආරංචි මාර්ග හෙළි කරයි. මේ අතර ඔස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ විසි පහක මුදල හැකරුන් අතට පත්වීම සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන්ද යම් කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

-ධාරා අබේනායක-

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you