Newsගෝඨා Can't Go 

ගෝඨා Can’t Go 

-

spot_img

ගෝඨා Can’t Go

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහේස්ත‍්‍රාත් පසන් අමරසේන විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවට අදාළව සිදු කරන පරීක්ෂණවලට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මෙම යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා රටින් පැනයෑමේ අවධානමක් පෙන්වා දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත‍්‍රාතවරයා අදාළ විදේශ ගමන් තහනම පනවා ඇතැයි පැවසේ.

පාස්කුදා ප‍්‍රහාර සිද්ධියට අදාළව ආරක්‍ෂක ලේකම්වරයා විසින් දුන් රැඳවුම් නියෝග අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව භාරයේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප‍්‍රධානී විශ‍්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී රහස් පොලිස් නිලධාරීන් විසින් දැඩි රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කරනු දක්නට ලැබිණි.

සිද්ධියට අදාළ විමර්ශන සිදු කරන පොලිස් පරීක්‍ෂක මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් සමග පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නියෝජ්‍ය පොලිස්පති ශානී අබේසේකර සිද්ධියට අදාළව කරනු ලැබු විමර්ශනවල ප‍්‍රගතිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

✍️ ධාරා අබේනායක විසිනි

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you