Foodඅපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

-

spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි – Black Pork Curry

බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න ආස කෑමකට. බත්, රොටි, ඉඳි ආප්ප වගේ ඕනෙම කෑමක් එක්ක ගැළපෙන බ්ලැක් පෝක් කරිය කටට රහට ගෙදරදිම හදාගන්නෙ කොහොමද බලමු. 

Black pork curry

අවශ්‍ය ද්‍රව්‍ය

පෝක් 1.3 – 1.5 kg

ගොරකා කෑලි 5–6ක්

උණු වතුර කෝප්ප ¼ක්

සුදුළූණු බික් 6ක්  Black pork curry

ඉඟුරු අඟල් 2ක කෑල්ලක්

කරපිංචා අතු 2–3ක්

රම්පේ

ලොකු ළූණු ගෙඩියක් (සිහින්ව කපාගත්)

කුරුඳු කෑලි 2–3ක්

එනසාල් කරල් 5–6ක්

කරාබුනැටි 5–6ක්

ගම්මිරිස් ඇට තේ හැඳි 1ක්

බැදපු තුනපහ තේ හැඳි 4ක්

බැදපු මිරිස් කුඩු තේ හැඳි 1ක්

ලුණු රස අනුව

පොල් තෙල් මේස හැඳි 2ක්

වතුර කෝප්ප 1ක්

සාදන ක්‍රමය

මුලින්ම ගොරකා කෑලි ටික උණු වතුරේ විනාඩි 15ක් විතර පොඟවලා තද ගතිය නැති කරගෙන බ්ලෙන්ඩර් එකට දාලා පේස්ට් එකක් හදාගන්න. එනසාල්, කරාබුනැටි සහ ගම්මිරිස් හොඳට කුඩු කරගෙන ඒකට සුදුළූණු, ඉඟුරු සහ කරපිංචා එකතු කරලා පේස්ට් එකක් වෙන්න අඹර ගන්න. දැන් පෝක් ටික මැරිනේට් කරගමු. පිරිසිඳු කර ගත් පෝක් ටිකට ගොරකා පේස්ට් එක කුළුබඩු පේස්ට් එක සහ ලුණු එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. පෝක් ටික විනාඩි 30 ක් වත් මැරිනේට් කර ගන්න. (ගොඩක් වෙලා මැරිනේට් වුනාම කරි එකේ රසය වැඩි වෙනවා)

Black pork curry

දැන් භාජනයකට තෙල් දාලා තෙල් ටික මද ගින්දරේ රත් වෙන්න ඇරලා ඒකට කුරුඳු එකතු කරන්න. ඊළඟට බැදපු තුනපහ, බැදපු මිරිස් කුඩු, ලුණු, ළූණු සහ රම්පේ එකතු කරලා බැදගන්න. ඊළඟට මැරිනේට් කෙරුව පෝක් එකට වතුර එකතු කරලා හොඳට කවලම් කරන්න. ඊට පස්සෙ වතුර කෝප්පයක් දාලා වළඳේ මූඩිය වහලා පෝක් මද ගින්දරේ පැයක් පමණ පිසගන්න. මේක වැඩි වෙලාවක් උයද්දි තමයි රසය වැඩිවෙන්නෙ. මස් ටික මෘදු වුණාට පස්සෙ මූඩිය ඇරලා තවත් විනාඩි 10–15 ක් වගේ ලිපේ තියෙන්න ඇරලා කරි එකේ අනවශ්‍ය දියර ගතිය වාෂ්ප වෙන්න දෙන්න. මේ වෙලාවෙදි තමයි කරි එකට ලස්සන කළු පාටක් ලැබෙන්නෙ. දැන් රස බලලා අවශ්‍ය විදිහට ලුණු එකතු කර ගන්න.

Top Tips

• බැදපු තුනපහ භාවිත කිරීමෙන් කරි එකේ රස වැඩි වෙනවා.

• අනිවාර්යයෙන්ම මද ගින්දරේ පිසගන්න.

• දවසක් විතර තියෙනකොට රස වැඩියි.

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you