Newsඅපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

-

spot_img

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කොට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවැති රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමඟ මේ සම්බන්ධව සාකච්ඡාවක් ජූනි මස 5 වැනිදා පැවැත්වීමටද නියමිතය. මෙම සිදුවීමට අමතරව ළමයින් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසන වැළැක්වීමට අවශ්‍ය නීති සහ ආයතන බල ගැන්වීමද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට සැලසුම් කොට ඇත.

දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම මෙන්ම කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට රටේ සිදු කළ යුතු ආයතනික සහ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ කටයුතු කිරීමටද තීරණය ගනු ලැබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිවරියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ, නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල යන අයගේ මූලිකත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස හේමාලි වීරසේකර, ආචාර්ය කෞශල්‍ය ආරියරත්න,  සාගරිකා ආතාවුද, නිලන්ති කොට්ටහච්චි,  නිලුෂා ලක්මාලි ගමගේ, තුෂාරි ජයසිංහ, අනුෂිකා තිලකරත්න,  හසාරා ලියනගේ, හිරුණි විජේසිංහ සහ ලක්මාලි හේමචන්ද්‍ර යන නීතිඥවරියන් කටයුතු කරනු ලබති.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you