ArtSecret Window : මනස, මොන තරම් පුදුමාකාර තැනක් ද?...

Secret Window : මනස, මොන තරම් පුදුමාකාර තැනක් ද? එහි රහස් කවුළු බොහොමයි

-

spot_img

Secret Window: The most important part of the story is the ending. And this one is, very good. This one’s perfect.

කතාවක වැදගත්ම දේ ඒකෙ අවසානය. එහෙම කියන්නෙ Mort Rainey. ඔහු ලේඛකයෙක්. ගොඩක් වෙලාවට ලේඛකයන් කියන්නෙ බොහොම සිත්ගන්නාසුළු චරිත. ඔවුන් ජීවත්වෙන්නෙ තමන්ගෙම ලෝකයක් ඇතුලෙ.
Mort කියන්නෙත් ඒ වගේ චරිතයක්.

Secret Window (2004) මේ Mort Rainey ගෙ කතාව. ඔව්, මේ film එකේ අවසානය Perfect!

ලස්සන විලක් අසල, කුඩා කැබින් එකක Mort ජීවත්වුනේ සුරතල් බල්ලා Chico ත් සමග.ඔහුගේ බිරිඳ Amy (පෙර බිරිඳ ) ඔහුව අතහැර දැන් ජීවත්වන්නේ Ted සමගින්.
ඇයගේ වෙන්වීමෙන් ඇතිවූ ආතතිය නිසාම Mort දික්කසාදය ප්‍රමාද කරමින් සිටියා.

දවසෙන් වැඩි හරියක් නිදාගන්න,හිතුන වෙලාවට ලියන, කම්මැලි Mort ව මුණගැහෙන්න දවසක් අමුත්තෙක් එනවා. Jhon Shooter කියන මේ අමුත්තා Mort හමුවට එන්නේ චෝදනාවක් සමගින්.

තමාගේ කෙටිකතාවක් Mort හොරකම් කරා කියලා ඔහු චෝදනා කරනවා. Shooter රැගෙන ආ අත්පිටපත කියවා බලන Mort එය තමා විසින් ලියූ Secret Window කතාවට අතිශයින්ම සමාන වග තේරුම් ගන්නවා.

මේ අබිරහස් අමුත්තාගේ ආගමනයත් සමගින් Mort ට පමණක් නොව Amy හට ත් බිහිසුණු සිදුවීම්වලට මුහුණදෙන්නට සිදුවෙනවා.

අවසානයට මොහොතකට කලින්, මේ කතාව ඔබ නොසිතූ මගකට හැරෙනවා.

මනස කියන්නෙ මොන තරම් පුදුමාකාර තැනක් ද? එහි රහස් කවුළු (secret windows) බොහොමයි.

මෙය බහු පෞරුෂ ආබාධය තේමා කරගත් කතාවක්.

Secret Window අමෙරිකානු ලේඛක Stephen King ගේ Secret Window, Secret Garden කතාව ඇසුරෙන් නිමැවූ චිත්‍රපටයක්.
Mort Rainey ලෙසින් Johnny Depp ගේ රංගනය චිත්‍රපටය ඇරඹී පළමු මිනිත්තු කිහිපය තුළදීම ඔබව කතාව වෙත ආකර්ෂණය කරගන්නවා නොඅනුමානයි.

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you