ArtSecret Window : මනස, මොන තරම් පුදුමාකාර තැනක් ද?...

Secret Window : මනස, මොන තරම් පුදුමාකාර තැනක් ද? එහි රහස් කවුළු බොහොමයි

-

spot_img

Secret Window: The most important part of the story is the ending. And this one is, very good. This one’s perfect.

කතාවක වැදගත්ම දේ ඒකෙ අවසානය. එහෙම කියන්නෙ Mort Rainey. ඔහු ලේඛකයෙක්. ගොඩක් වෙලාවට ලේඛකයන් කියන්නෙ බොහොම සිත්ගන්නාසුළු චරිත. ඔවුන් ජීවත්වෙන්නෙ තමන්ගෙම ලෝකයක් ඇතුලෙ.
Mort කියන්නෙත් ඒ වගේ චරිතයක්.

Secret Window (2004) මේ Mort Rainey ගෙ කතාව. ඔව්, මේ film එකේ අවසානය Perfect!

ලස්සන විලක් අසල, කුඩා කැබින් එකක Mort ජීවත්වුනේ සුරතල් බල්ලා Chico ත් සමග.ඔහුගේ බිරිඳ Amy (පෙර බිරිඳ ) ඔහුව අතහැර දැන් ජීවත්වන්නේ Ted සමගින්.
ඇයගේ වෙන්වීමෙන් ඇතිවූ ආතතිය නිසාම Mort දික්කසාදය ප්‍රමාද කරමින් සිටියා.

දවසෙන් වැඩි හරියක් නිදාගන්න,හිතුන වෙලාවට ලියන, කම්මැලි Mort ව මුණගැහෙන්න දවසක් අමුත්තෙක් එනවා. Jhon Shooter කියන මේ අමුත්තා Mort හමුවට එන්නේ චෝදනාවක් සමගින්.

තමාගේ කෙටිකතාවක් Mort හොරකම් කරා කියලා ඔහු චෝදනා කරනවා. Shooter රැගෙන ආ අත්පිටපත කියවා බලන Mort එය තමා විසින් ලියූ Secret Window කතාවට අතිශයින්ම සමාන වග තේරුම් ගන්නවා.

මේ අබිරහස් අමුත්තාගේ ආගමනයත් සමගින් Mort ට පමණක් නොව Amy හට ත් බිහිසුණු සිදුවීම්වලට මුහුණදෙන්නට සිදුවෙනවා.

අවසානයට මොහොතකට කලින්, මේ කතාව ඔබ නොසිතූ මගකට හැරෙනවා.

මනස කියන්නෙ මොන තරම් පුදුමාකාර තැනක් ද? එහි රහස් කවුළු (secret windows) බොහොමයි.

මෙය බහු පෞරුෂ ආබාධය තේමා කරගත් කතාවක්.

Secret Window අමෙරිකානු ලේඛක Stephen King ගේ Secret Window, Secret Garden කතාව ඇසුරෙන් නිමැවූ චිත්‍රපටයක්.
Mort Rainey ලෙසින් Johnny Depp ගේ රංගනය චිත්‍රපටය ඇරඹී පළමු මිනිත්තු කිහිපය තුළදීම ඔබව කතාව වෙත ආකර්ෂණය කරගන්නවා නොඅනුමානයි.

Latest news

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය තවත් මැයි දිනයක් අහවර විය. එයත් වෙනදා මෙන්ම රතු, නිල්, කොළ පාට සන්දර්ශනයකින් අවසන්...

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා!

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව කතිකාවතක් ඇතිව තිබෙන...

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...
- Advertisement -spot_img

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

රත් දෝතළු – 89

රත් දෝතළු - 89 හඬ නඟන දුරකථනය අතට ගෙන මම එයට ඇමතුවේ දෙගිඩියාවෙන් මෙන්ම තරමක චකිතයකිනි. අනෙක් පසින් ඇසුණේ ගැඹුරු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you