Renuka Ekanayake – ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී ඇති බව එම කොමිසම පවසනවා.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලිපියක් යොමු කරමින් ඇය මෙලෙස ඉල්ලා අස් වී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.
ඇයගේ ඉල්ලා අස්වීමත් සමඟ, මේ වන විට පොලිස් කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙක් පුරප්පාඩු වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
රේණුකා ඒකනායක හිටපු අමාත්‍යංශ ලේකම්වරියක් ද වන අතර, එහිදී 2012 – 2017 කාල සීමාව තුළ ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් ආනයනය කිරීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇයව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද කැඳවා තිබුණා.



