InterviewsErica Fernandes: ක්ෂෙත්‍රයට එනකොට මට අවුරුදු 18ක්, ගොඩාක් කෙට්ටුයි....

Erica Fernandes: ක්ෂෙත්‍රයට එනකොට මට අවුරුදු 18ක්, ගොඩාක් කෙට්ටුයි. මාව ගැලපුනේ නෑ.

-

spot_img

Erica Fernandes: ඇය රංගනයට අවතීර්ණ වන්නේ ටෙලිනාට්‍ය නිළියක් ලෙසින්. Kasauti Zindagi Kay (2018 – 2020), Kuch Rang Pyar Ke Aise Bhi කතාමාලා ඇයට අතිශය ජනප්‍රියත්වයක් හිමි කර දුන්නා. Erica Fernandes ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ගේ ආදරය දිනාගන්නේ සිරස ටී.වී. ඔස්සේ විකාශය වූ “ප්‍රවීණා” කතාමාලාව තුලින්. මේ, Erica සමගින් (ETimes සඳහා) සිදුකළ කතාබහක්.

• රංගන ශිල්පිනියක් වශයෙන් ප්‍රේක්ෂකයන්ට ඔබව හුරු ස්වරූපයක් තිබෙනවා. ඔවුන් කැමති ඔබව ඒ ස්වරූපයෙන් දකින්න. ඔබ ඒ ගැන දැනුවත් ද?

මම රඟපාන චරිතය අනුව මාව මනින්නෙ නැතිනං මම කැමතියි. මම සම්ප්‍රදායික ඉන්දියානු ඇඳුම්වලට කැමතියි. තිරයේ දී මං ඒවා අඳිනවා, ඒත් ඇත්ත ජීවිතයේ දී මම හැමදාම ඒවා අඳින්නේ නැහැ.
ජීන්ස්,කොට කලිසම් තමයි වැඩිපුර අඳින්නෙ. මිනිස්සු මාව දැනගන්න ඕන Erica විදිහට. ඇත්තටම,සමාජ මාධ්‍ය නිසා අපිට අපේ ඇත්ත ජීවිතේ ප්‍රේක්ෂකයන් ට පෙන්නන්න පුළුවන්.

• නිළියක්, නිරූපිකාවක් ලෙසින් ඔබ ආ ගමන ගැන පවසන්න.

පුංචි කාලෙ ඉඳලම මට ඕන උනේ නිළියක්, නිරූපිකාවක් වෙන්න. මං ඒ වෙනුවෙන් වැඩ කළා. මං භාෂාවන් ඉගෙන ගත්තා. මට වෙනස් දෙයක් කරන්න ඕන උනා. මං කිසිම කලා මාධ්‍යයක් උස් පහත් විදිහට සලකන්නෙ නෑ. ඔබ කලාකරුවෙක් නං ඔබට ඕනෑම තැනක කටයුතු කරන්න පුලුවන්.

Erica

• ඉන්දීය චිත්‍රපට ක්ෂෙත්‍රය තුළ පිරිපුන් සිරුරක් හිමි නිළියන් ට තියෙන ඉල්ලුම වැඩියි. එය ඔබට ගැටළුවක් වුනා ද?

මං ක්ෂෙත්‍රයට එනකොට මට අවුරුදු 18 ක් වගේ. මම ගොඩාක් කෙට්ටුයි. ඒ කාලෙ ඔවුන්ට මාව ගැලපුනේ නෑ. මට සිද්ධ වුනා ඔවුන්ට අවශ්‍ය පෙනුම හදාගන්න. නමුත් මම දැන් එහෙම කරන්නෙ නෑ. ඇයි ඔවුන්ට බැරි කෙනෙක්ව ඒ කෙනාගෙ සැබෑ ස්වරූපයෙන් පිළිගන්න?

• ක්ෂෙත්‍රයට ආව මුල් කාලයේ ඔබ මුහුණදුන් අභියෝග මොනවද?

භාෂාව තමයි ලොකුම ප්‍රශ්නය වුනේ. මම ඉංග්‍රීසි භාෂාවට තමයි හුරුවෙලා ඉන්නෙ. හින්දි කතාකිරීම අභියෝගයක් වුනා. Kuch Rang Pyar Ke Aise Bhi කතාවෙ රඟපාද්දි හැමෝම මට උදව් කළා හින්දි ඉගෙන ගන්න.
මං එය ඉගෙනගත්තා.

• රූපවාහිනී තිරයේ ආයෙමත් ඔබව දකින්න ලැබෙයිද? ඉදිරි වැඩ කටයුතු මොනවද?

ඒ ගැන කියන්න මං දන්නෙ නැහැ. මම මටම දාගත්තු සීමා තිබෙනවා. මම කරන්න කැමති, අකමැති දේවල් තිබෙනවා. මම ප්‍රේක්ෂකයන් අතරට ගියේ ටෙලිනාට්‍ය ඔස්සේ. මට මම විදිහට වැඩ කරන්න පුළුවන් ඕනම දෙයක් මට වටිනවා.

• ඔබ ගැන පැතිරුණු කටකතා (ඔබ සමග වැඩකළ නළුවන් සමග බැඳුනු ඒවා) ගැන මොනවද හිතෙන්නෙ?

ඒවා අපිට බලපාන්නේ නැහැ. රූගත කිරීම්වල දී අපි බොහෝ කාලයක් එකට ගත කරන නිසා එහෙම කතා හැදෙන්න පුළුවන් වග අපි දන්නවා. අපි සහෝදර සහෝදරියන් වගේ. ඒ නිසා ඒ කතා හරි විනෝදයි. ඔබට හිතෙන හැම දෙයක්ම ඇත්තක් නෙමේ

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you