ArtAtonement: වැරදිකරුවකුට තම හෘදසාක්ෂියෙන් ගැලවීමක් නැහැ

Atonement: වැරදිකරුවකුට තම හෘදසාක්ෂියෙන් ගැලවීමක් නැහැ

-

spot_img

Atonement: පොතක් කියැවීම කියන්නෙ අපූරු අත්දැකීමක්. හොඳ කතාවකට පුලුවන් අපිව මේ ලෝකෙන් ඈත් කරලා වෙනස්ම තැනකට ගෙනියන්න. පොතක් නිසා අපේ හිතේ මැවුන අපූරු ලෝකය එලෙසින් ම අපේ දෑස් ඉදිරියේ මැවිය හැකිනම්?සැබැවින්ම එය විශ්මයජනක වැඩක්. Atonement කියන්නෙත් එවැනි අපූරු වැඩක්.

බ්‍රිතාන්‍ය ලේඛක Ian McEwan විසින් රචිත Atonement කෘතිය ඇසුරිනුයි මේ ෆිල්ම් එක නිමැවී තිබෙන්නේ.

ඒ 1935 වර්ෂය.Tallis පවුල බ්‍රිතාන්‍යයේ ජීවත්වුන ධනවත් පවුලක්.මේ පවුලේ වැඩිමල් දියණිය Cecilia, ඇය රූමත් තරුණියක්. බාල දියණිය Briony දහතුන් හැවිරිදියි.

Briony තමන්ගේම ලෝකයක් තුළ ජීවත්වුන, නිහඬ චරිතයක්. ඇය ලියන්න දක්ෂයි. ඇගේ හීනය ලේඛිකාවක් වීම.

Cecilia ගේ පෙම්වතා Robbie. Briony ගේ හිතේත් ඔහු ගැන කැමැත්තක් තිබුණා. ඇයටම නොවැටහෙන ආකර්ෂණයක්. තම අක්කා සහ ඔහු ආදරයෙන් ගත කරන හැටි Briony දකිනවා. ඇගේ සිත රිදෙන්න ඇති.

Lola නැමති ගැහැණු ළමයා ජීවත්වුනේත් ඔවුන්ගේ මන්දිරයේමයි. එක් රාත්‍රියක Tails මන්දිරයේ පැවති රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුරදී කිසිවෙකු විසින් Lola ව දූෂණය කර තිබුනා.

තමා දූෂකයාව ඇසින් දුටු බවත් ඔහු අන් කිසිවෙකු නොව Robbie බවත් Briony සියල්ලන් ඉදිරියේ පවසනවා.

තම සිතැඟි සඟවාගත්, තමාගේම ලෝකයක ජීවත්වෙන කෙල්ලෙක් පවසන දේවල් සත්‍යය යැයි විශ්වාස කරන්න පුළුවන් ද?

සැබැවින් ම එදින රාත්‍රියේ සිදුවූයේ කුමක්ද? වැරදිකරුවා Robbie ද?අන් අයෙක් ද?

මේ කතාව මෙතැනින් නිම වන්නේ නැහැ. තවත් වසර ගණනාවක් කරා ඇදී යනවා.

Robbie – Cecilia පෙම් යුවළට අත්වන ඉරණම කුමක්ද? මේ දෙදෙනාගේ බැඳීම ආදරය පිරුණු බැඳීමක්. උණුසුම් ශෘංගාරාත්මක බැඳීමක්.

දෙවන ලෝක යුධ සමය පසුබිම් කරගත් Atonement යුද්ධයේ බිහිසුණු බව ගැනත් වැටහීමක් ලබාදෙනවා.

Atonement, මේ වචනයේ අරුත සමාව දීම. ජීවිත කාලය තුලදී අපි බොහෝ වැරදි කරනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව. සමහරවිට අපිට ඒවාට දඬුවම් ලැබෙනවා. සමහරවිට ලැබෙන්නේ නැහැ. නමුත්, වැරදිකරුවකුට තම හෘදසාක්ෂියෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. කිසිමදාක..

කොහොමවුනත්, ලේඛකයන් කියන්නෙ අපූරු ජීවීන් කොටසක්. ඔවුන්ට පුළුවන් සුන්දර දේවල් මවන්න. සමහර සත්‍යයන් මුසාවන් කරන්න. මුසාවන් ඇත්ත බවට පත් කරන්න. සිදු නොවූ දේවල් මවන්න. සිදුවූ දේවල් වළක්වන්න. සදාකාලික පෙම්වතුන් – පෙම්වතියන් උපද්දවන්න.

Atonement, සොඳුරු මන්දිර, ගෘහ භාණ්ඩ, විලාසිතා, ප්‍රේමය, රහස් මෙන්ම යුද්ධයේ බිහිසුණු බව රැගත් අපූර්ව සිනමා අත්දැකීමක්.

Latest news

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය තවත් මැයි දිනයක් අහවර විය. එයත් වෙනදා මෙන්ම රතු, නිල්, කොළ පාට සන්දර්ශනයකින් අවසන්...

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා!

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව කතිකාවතක් ඇතිව තිබෙන...

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...
- Advertisement -spot_img

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

රත් දෝතළු – 89

රත් දෝතළු - 89 හඬ නඟන දුරකථනය අතට ගෙන මම එයට ඇමතුවේ දෙගිඩියාවෙන් මෙන්ම තරමක චකිතයකිනි. අනෙක් පසින් ඇසුණේ ගැඹුරු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you