Newsතමිල්නාඩුවේ මීළඟ මහ ඇමැති තලපති

තමිල්නාඩුවේ මීළඟ මහ ඇමැති තලපති

-

spot_img
  • තමිල්නාඩුවේ මීළඟ මහ ඇමැති තලපති

    ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන්ආ සන 108 ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සුපිරි නළු තලපති විජේගේ  තමිලග වෙට්රි කලගම් (TVK) පක්ෂය සමත් විය. ආසන 100 කට වැඩි ගණනක් දිනූ තනි පක්ෂය ලෙසද  එම පක්ෂය හැඳින්වේ.

    ඉන්දීය මැතිවරණ කොමිසමේ මැතිවරණ දත්තවලට අනුව බලයේ සිටි මහ ඇමති එම්. කේ. ස්ටාලින් නායකත්වය දැරූ DMK පක්ෂය ආසන 59 ක් ද, ADMK පක්ෂය ආසන 47ක් ද ලබා ගෙන ඇත. තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ සරල බහුතරය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 118 ක් ජයග්‍රහණය කළ යුතු වුවද විජේගේ පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 108 ක් බැවින් ඔහු කුමන පක්ෂය සමග සන්ධානගත වන්නේ ද යන්න මෙතෙක් තහවුරු කොට නැත. කෙසේ නමුත් විජේ තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට වැඩි ප්‍රවණතාවක් පවතින බවට වාර්තා වේ. මැතිවරණ ජයෙන් පසු රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට විජේගේ TVK පක්ෂය තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇතැයි ද පැවසේ.

  • විජේ දේශපාලනයට අවතීර්ණ වී සිටින්නේ තමිල්නාඩු විජයග්‍රාහී පක්ෂය යන අරුත් ඇති ‘තමිල්ග වෙට්රි කසාගම්’ පක්ෂයෙනි. ‘තමිල්ග වෙට්රි කලගම්’ පක්ෂය පිහිටුවීම සිදුවූයේ 2024 දීය. තමිල්නාඩු ප්‍රාන්ත සභාව ආසන 234 කින් සමන්විතය. බහුතරය සඳහා ආසන 118 ක් දිනා ගැනිම කළ  යුතු වුවද තමිල්ග වෙට්රි කලගම්’ පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 108 ක් පමණි. තමිල්නාඩු මහ මැතිවරණය අප්‍රේල් 23 වැනිදා ආරම්භ වූ අතර ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 85 කි. එය තමිල්නාඩු ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ප්‍රතිශතය බව මැතිවරණ බලධාරීහු ප්‍රකාශ කරති.

    විජේගේ ‘තමිල්ග වෙට්රි කලගම්’ පක්ෂය මැතිවරණයට තරග කරමින් ජයග්‍රහණය ලැබුවේ තනියම වන අතර බහුතරය දිනා ගැනීමට නොහැකි වූ බැවින්, ඔවුන් ඔවුන්ට හිතවත් පක්ෂයක් හා සන්ධාන ගත වනු ඇත. ‘තමිල්ග වෙට්රි කසාගම්’ පක්ෂය මෙවර මැතිවරණයෙන් ඉදිරියට පැමිණීම, තමිල්නාඩු දේශපාලනයේ විශේෂ සන්දිස්ථානයකි. දශක ගණනක් තිස්සේ තමිල්නාඩු දේශපාලනයේ බලය මාරුවෙන් මාරුවට ඩී.එම්.කේ. පක්ෂය සහ ඒ.අයි.ඒ. ඩී. එම්. කේ. පක්ෂ අතරේ මාරු විය. තලපතිගේ ජයග්‍රහණයත් සමග දේශපාලන පොර පිටිය උඩුයටිකුරු වෙමින් පවතී.

    ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණගේ පුරවැසිභාවය ගැන ආණ්ඩුවෙන් පිළිතුරක්

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම තනතුර හෝ ඊට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන අවස්ථාවේදී හෝ ද්විත්ව පුරවැසියකු නොවන...

වැලිකඩ රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලීසිය...

වට්ස්ඇප් හා මැසේන්ජර් හරහා තුන්දාහක් හැක් කරලා

වට්ස්ඇප් හා මැසේන්ජර් හරහා තුන්දාහක් හැක් කරලා ලංකාවේ  ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, සහ වෘත්තියවේදින් ඇතුළු තුන්දහසකට වැඩි පිරිසක් මෑත කාලයේ දී පරිඝණක...

NDB වංචාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි – රවී කරුණානායක

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවී ඇතැයි කියන රුපියල් බිලියන 13 ක වංචාව විමර්ශනය කිරීම සඳහා සම්පූර්ණයෙන්ම ස්වාධීන, ජාත්‍යන්තරව විශ්වසනීය...
- Advertisement -spot_img

වට්ස්ඇප් හා මැසේන්ජර් හරහා තුන්දාහක් හැක් කරලා

වට්ස්ඇප් හා මැසේන්ජර් හරහා තුන්දාහක් හැක් කරලා ලංකාවේ  ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, සහ වෘත්තියවේදින් ඇතුළු තුන්දහසකට වැඩි පිරිසක් මෑත කාලයේ දී පරිඝණක...

රත් දෝතළු – 83

රත් දෝතළු - 83 අහස් කතාකරන තුරු මා බලාසිටියේ නොඉවසිල්ලෙනි. සිදුව ඇත්තේ කුමක් වුවද ඒ විනීෆ්‍රීඩා මහත්මිය සම්බන්ධ කාරණාවක් නොවේවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you