More
    spot_img
    NewsSak Surin පන්සලක දුක්විඳි ඇතා ඩොලර් හත්ලක්ෂයක වියදමින් තායිලන්තයට

    Sak Surin පන්සලක දුක්විඳි ඇතා ඩොලර් හත්ලක්ෂයක වියදමින් තායිලන්තයට

    -

    spot_img

    “Sak Surin” යනු 2001 වසරේදී තායි රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතෙකි. කන්දේ විහාරයට බාර දුන් Sak Surin ට පැවරුණු කාර්යය වූයේ වාර්ෂික බෞද්ධ පෙරහැරේ සර්වඥ ධාතු කරඬුව රැගෙන යාමයි.

    මෙම ඇතාට ප්‍රමාණවත් සැලකිළි, ප්‍රතිකාර නොලැබෙන වග දැනගත් සත්ත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයක් වන Rally for Animal Rights & Environment (RARE) සංවිධානය මේ පිළිබඳව තායිලන්ත රජය දැනුවත් කර තිබේ. Sak Surin ගේ තත්වය දැනගත් තායිලන්ත විදේශ අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය මේ ගැන සාකච්ඡා කර ඇති අතර මේ ගැන විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ පිහිටි තායි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පසුගිය අගෝස්තුවේ දී මේ ගැන විමර්ශනයක් සිදු කෙරිණි.

    sak surin

    විහාරස්ථානයේ ජීවත්වූ Sak Surin, දරුණු ආසාදන තුවාලයකින්, දුර්වල සෞබ්‍යය තත්වයෙන් පසු වී තිබේ. ඇතාට ප්‍රමාණවත් සැළකිලි ලැබී නොමැත. ඉන්පසුව ඇතාව දෙහිවල සත්වෝද්‍යානය වෙත රැගෙන ගිය අතර ප්‍රතිකාර කිරීම සඳහා තායිලන්ත පශු වෛද්‍යවරුන් සහ ඇත්ගොව්වෙකු එවන ලදී. කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ඉන්පසු ඇරඹිණි.

    තායිලන්ත මන්ත්‍රීවරියක වූ Kanchana Silpa Archa පැවසුවේ ඇතාගේ ඡායාරූප දුටු තමා කම්පාවට පත්වූ බවයි. මේ වන විට Sak Surin නැවත තායිලන්තය වෙත රැගෙන යාමේ කටයුතු සිදුකෙරෙමින් පවතී. ජූලි මාසයේදී ඇතාව ශ්‍රී ලංකාවෙන් රැගෙන යනු ඇත. ඒ තායිලන්ත රජය ඇතුළු සත්ත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානවල එකතුවෙන් සහ Thai Bhat මිලියන 24.7 (US$ 700000) ක පිරිවැයක් දැරීමෙනි. Sak Surin ගේ තත්වයට පත්වූ අනිත් ඇතුන්ට වඩා Sak Surin වාසනාවන්ත බැව් Kanchana Silpa Archa මන්ත්‍රිනිය පැවසුවාය. මව්රට බලා ගිය පසු,ප්‍රතිකාර සහ සාමකාමී විශ්‍රාම ගැනීමක් සඳහා Sak Surin ව Lampang හි පිහිටි සත්ත්ව රෝහලක් වෙත රැගෙන යාමට නියමිතයි.

    thaipbsworld.com ඇසුරෙනි.

    Photo: RARE SriLankan, Thai Foreign Ministry

    Latest news

    Good Friday අදයි

    Good Friday ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය...

    Nimesh Sathsara දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

    Nimesh Sathsara - වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23...

    Tilvin Silva කියන පිල්ලෙයාන් මුදාගැනීමේ මෙහෙයුම් ප්‍රධානී

    Tilvin Silvaපැරදුනු පිරිස විසින් ජනතාව නොමග යැවීමට බොරු ප්‍රකාශ කරමින්, ආණ්ඩුව යන ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනතා විමුක්ති...

    GovPay දඩ ගෙවීමෙන් තැපෑල කඩාවැටිලද?

    GovPay රජය විසින් හඳුන්වා දී ඇති GovPay දඩ ගෙවීම් ක්‍රමවේදය හරහා තැපැල් දෙපාර්තමේන්තුව කඩා වැටීමක් සිදු ‍‍නොවන බව තැපැල්පති...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 65

    Pini Muthu Palasa පිනි මුතු පලස මම දොරඟුලට අත තැබුවේ දෙගිඩියාවෙනි. ඒ කටහඬ කාගේද කියා සිතන්නට මම උත්සාහ කළෙමි. "කවුද චූටි...

    Nimesh Sathsara දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

    Nimesh Sathsara - වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page