Travelලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය - සෙම්බුවත්ත

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය – සෙම්බුවත්ත

-

spot_img

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය – සෙම්බුවත්ත

සුන්දර මාතලේ දිසාවේ සොබා දහමේ අසිරිය විඳගැනීමට හැකි අපූරු ස්ථානයක් හඳුන්වා දීමට මෙවර අප බලාපොරොත්තු වෙනවා. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් එක්දාස් එක සීයක් උසින් පිහිටා තිබෙනවා. ඇල්කඩුව වතු සමාගමට අයත් ඇල්කඩුව තේ වතු යායේ මුදුනෙහිම වඩාත් ආකර්ෂණීයව සොබා සෞන්දර්යයේ විස්මිත නිර්මාණයක් ලෙස නිර්මාණය වී ඇති මෙය සෙම්බුවත්ත විලයි.

thulana-travel-to-sembuwaththa

සෙම්බුවත්ත විල වසර ගණනාවකට ඉහතදී විශේෂ අවධානයකට යොමු නොවිණි. අසිරිමත් පරිසරයක් මැද මෙය පිහිටා තිබූ නිසාම මෙහි ගිය බොහෝ දෙනා ඊට ඇලුම් කර තිබේ. පැමිණි අයගේ මුවින් මුව ප්‍රචාරය තුළින් ඇතැම් පිරිස් සති අන්ත නිවාඩුවලට පැමිණ විනෝද වී ඇති අතර ටෙලි නාට්‍ය වෙළෙඳ දැන්වීම් පසුතල සඳහාද මෙය යොදාගෙන තිබේ. සෙම්බුවත්ත විල ස්කොට්ලන්ත ජාතිකයන්ගේ කාලයේ පෝලෝ තරඟ පිටියක් ලෙස පැවැති බවත් කලකට පසුව එහි ජලාශයක් සාදා ඒ ජලයෙන් ජල විදුලිය නිපදවා මෙහි ඇති කර්මාන්ත ශාලාවට විදුලිය ලබාගෙන වැඩ කළ බවත් සඳහන් වේ.

thulana-travel-to-sembuwaththa

වසර 2005 දී ඇල්කඩුව වතු යායට පැමිණි වතු අධිකාරීවරයා විසින් සෙම්බුවත්ත විල අද පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කර තිබේ. එහි ජලයෙන් විදුලිය නිපදවා අසල නිවාසවලට ලබා දෙයි. සෙම්බුවත්ත විල අද වන විට දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනින් පැමිණෙන සංචාරක ප්‍රදේශයක් වී ඇත. එදා තේ වතු යායේ පැවැති කුඩා ලයිම් නිවාස වෙනුවට ඉතා ක්‍රමවත් වූ නිවාස ඉදිවී තිබෙන අයුරු දැක ගැනීමටද පුළුවන. සෙම්බුවත්ත විල අවට ප්‍රදේශයේ සංචාරකයන්ට විනෝද වීම සඳහා විවිධ ක්‍රියාකාරකම් නිර්මාණය කර ඇත. වැවෙහි බෝට්ටු පැදීමට හැකි අතර ස්වාභාවික ජලයෙන් පිරෙන නාන තටාකයක් නිර්මාණය කර තිබේ. වැවෙහි දිය නෑම අනතුරුදායක නිසා නාන තටාකය දිය නෑමට කදිම ස්ථානයක් වී ඇත. එසේම විල වටා summer huts කීපයක්ම නිර්මාණය කර තිබේ තිබේ. පැමිණෙන සංචාරකයන්ට මෙම ස්ථානයේ නැවතී විනෝදයෙන් කාලය ගත කිරීමට හැකිය. දෙස් විදෙස් සංචාරකයන් නිවසෙන් ආහාර ගෙන එනවා මෙන්ම ඇතැමුන් මෙම summer huts තුළ සිට ආහාර පිස ගන්නා අයුරුද දැක ගත හැකිය. විශේෂයෙන්ම විදේශික සංචාරකයන් ඉන් වඩාත්ම කැපී පෙනේ.

thulana-travel-to-sembuwaththa

සෙම්බුවත්ත යන ඔබට කුරුල්ලන් නැරඹීමට, කඳු තරණයට,පැරැණි වතු අධිකාරී බංගලාව නැරඹීමට, කේබල් තරණයට පහසුකම් පවතී. එපමණක් නොව ඔබට සෙම්බුවත්ත වැව ආසන්නයේ රාත්‍රිය ගත කිරීමට කොටේජ් එකක්ද නිර්මාණය කර ඇත. මෙහි පහළොස් දෙනෙකුට වුවද නවාතැන් ගැනීමට හැකි අතර තමන්ට අවශ්‍ය පරිදි ආහාර පිසගැනීමට කෝකිවරයකු හා අවශ්‍ය සියලු පහසුකම් සපයයි. සෙම්බුවත්ත යන ඔබට camp සඳහාද ඉඩ පහසුකම් සහිතය. BBQ වගේම අවශ්‍ය නම් කැලිප්සෝ සංගීතය සඳහාද පහසුකම් තිබේ. සෙම්බුවත්ත සැබැවින්ම සංචාරකයන්ට සොබාදහම හොඳින්ම විඳගැනීමට හැකි අරුම පුදුම වූ විස්මිත නිර්මාණයකි. බැලූ බැලූ අත කඳු වළළුවලින් හා සොබාදහම් නිර්මාණවලින් පිරී පවතී.

thulana-travel-to-sembuwaththa

සෙම්බුවත්තෙහිදී දේශීය සංචාරකයන්ට වඩා විදේශික සංචාරකයන් දැක ගැනීමට හැකිවීම විශේෂයකි. ඒ අතුරින් සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල්වල සංචාරකයන් විශේෂයෙන් කැපී පෙනෙයි. මෙයට විශේෂ හේතුවක් පවතින බව බොහෝ දෙනා සඳහන් කළ කරුණකි. අල්ලාහ් දෙවියන් සහ සෙම්බුවත්ත විල පිළිබඳ මතයක් තිබෙන අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ප්‍රදේශවාසීහු අප සමග පැවසූහ. සංචාරක මඟ පෙන්වන්නන් විසින් ගොතන ලද අසත්‍ය කතාවක් නිසා සංචාරක මුස්ලිම් ජාතිකයන් බහුලව මෙහි පැමිණෙන බවත්, එය ඔවුන්ගේ ආර්ථික ලාබ සඳහා ගෙතු කතා පුවතක් බවත් අපට එහිදී දැන ගැනීමට හැකිි විය. සංචාරකයන්ට බොහෝ පහසුකම් සපයා ඇති ස්ථානයක් නිසා විනෝදයට කෙටි නිවාඩුවකට අගනා තැනක් ලෙස සෙම්බුවත්ත හඳුන්වා දිය හැකිය. එමෙන්ම විවිධ පුද්ගලයන් විසින් ගොතන ලද අසත්‍ය කතා විශ්වාස නොකර මෙහි සුන්දරත්වය විඳ ගැනීමට සංචාරකයන් යොමු වන්නේ නම් වඩාත් අගනේය.

thulana-travel-to-sembuwaththa
සටහන හා ඡායාරූප ශාන් බන්දු වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you