NovelsRath Dothaluරත් දෝතළු - 62

රත් දෝතළු – 62

-

spot_img

රත් දෝතළු – 62

කම්මුල් තෙමාගෙන ගලායන කඳුළු නවතාගන්නට නොහැකිය. විශාකා මහත්මියගේ කම්මුල් පහරේ වේදනවාට වඩා මා සිත වේදනාවට පත්වූයේ ඈ කියූ දේවල්වලටය. එය කෙතරම් නපුරුද ! මා ඔවුන් දෙදෙනා සමඟ කළ නැටුම කුමක්ද ? එසේ සිතන විටත් මා සිත වඩ වඩා රිදුම් දුණි. කිසිවෙකු කාමරයේ දොර අසලින් එහෙටත් මෙහෙටත් සක්මන් කරන අයුරු මා දුටුවේ වරක් දෙවරක් නොවේ. ඒ විහඟ හෝ අහස් විය හැක. පිටතට යෑමට තරම් සිතක් මා තුළ නොවූ මුත් මඳ වේලාවකට පසුව මම පිටතට පැමිණියේ විනිෆ්‍රීඩා මහත්මියගේ උදෑසන බෙහෙත් වේලද නියමිත වේලාවට ලබා දිය යුතු බව සිහි වීමෙනි. තවම උදෑසනට කිසිත් සාදා තිබුණේද නැත. නිවස තුළ වූයේ ඉතා දිගු නිහැඬියාවකි. මම උදෑසන කිරිබත් සාදා ලුණු මිරිසක්ද සෑදුවේ අහස් සහ විහඟ දෙදෙනාම කිරිබත් කන්නට කැමැති බව දැනය. වින්ෆ්‍රීඩා මහත්මියගේ කාමරයට එන විට ඈ සිටියේ කාමරයේ ඇගේ සුව පහසු අසුනේ ගිළී හිස් දෑසින් ජනේලයෙන් පිටත බලානය. ඈ කුමක් හෝ සිතුවිල්ලක ගිළී ගොසින් මෙනි.

“මැඩම්…”

මගේ හඬින් ඈ වහා හැරී බැලුවේ මඳක් තිගැස්මෙන් යුතුවය.

“අරවින්දි…”

“මැඩම්… කෑම ලෑස්තියි… කාලා ඉමුද… බෙහෙත් බොන්නත් වෙලාව දැන්…”

කිසිදු වෙනසක් නොපෙන්වා මම කීවේ ඈ කිසිත් කීමට පෙරය.

“අනේ ළමයෝ… ඔයා කෑමත් හැදුවද…? මෙහෙ එන්න… මෙතනින් ඉඳගන්න…”

ඈ මා වෙත දෑත දිගුකරමින් කීවේ ඇගේ අසල වූ අසුන පෙන්වමිනි. මම ඇයට කිකරුව එහි හිඳගත්තේ හිස බිමට නැඹුරු කොටගෙනය. ඈ නිකටින් ඔසවා මා මුහුණ ඈ වෙතට හරවාගත්තාය.

“දෙවියනේ…! ළමයෝ… මූණ රතු වෙලානේ… මේකි නම් යක්ෂණියක්… අපි මොනවාහරි ගාමු මේකට…”

ඈ කෑ ගැසුවේ කෝපයෙනි.

“ඕන නැහැ මැඩම්… මේක අඩුවෙයි…”

ආත්මානුකම්පාවෙන් මා දෑස් අලුතින් තෙත් වුවද මම කීවේ ඇසි පිය සළමින් කඳුළු නවතාගන්නට වෑයම් කරමිනි.

“මට අහස් කීවේ වෙච්ච දේ… මම බාත් රූම් එකේ හිටියේ… ඒ වෙලේ…”

ඈ පැවසුවේ පසුතැවිළි හඬකිනි. සුසුමක් හෙළූ මම අසුනින් නැඟිට ඇයවත් අතින් අල්ලාගෙන කෑම කාරයට පැමිණියේ ඈ රෝද පුටුව නුවුමනා යැයි කී නිසාය.

“පුතාලත් කාලා නැහැනේ… මං කෝල් එකක් දෙන්නම්…”

කෑම මේසයට හිඳගන්නට මම ඇයට සහාය වීමි. ඈ අහස්ට ඇමතුමක් ගන්නා තුරු මම කෑම මේසය සූදානම් කරන අතරේ ඔවුන් දෙදෙනා නිහඬවම එහි ආහ. කිසිවෙකු දෙස දෑස් ඔසවා බලන්නට මට සිත් නොවීය. දෙදෙනා නිහඬවම විත් අසුන් ගන්නා විට මම වහා සූදානම් වූයේ පිටව ඒමටය.

“අරවින්දි… කොහෙද යන්නේ… කන්නේ නැත්ද…?”

අහස්ගේ හඬින් මම හුන්තැනම නැවතී ඔහු දෙස බැලීමි.

“මට බඩගිනි නැහැ සර්… මං පස්සෙ කන්නම්…”

වෙනත් කිසිත් කීමටෛඩක් නොතබා ආපසු හැරුණු මම මගේ කාමරයට පැමිණියෙමි. කෑමට පිරියක් හෝ කුසගින්නක් මා තුළ නොවූයේ සිතේ වූ වේදනාව නිසා මිස අන් යමක් නිසා නොවේ. මම යළිත් පැමිණියේ අහස් සහ විහඟ පිටව යනු දැකය. විනිෆ්‍රීඩා මහත්මියට බෙහෙත් වේල ලබා දී මම දහවලත් කෑම සාදා තබා ඇගේ අවසරයෙන් නිර්මාණි හමුවීමට පැමිණියෙමි. ඈ ඇසූ කිසිවකට පිළිතුරු නොදී මම කළේ යහනට වැටීමය.

“මොකද බං මේ ආව ගමන් ඇඳට වැටුණේ… මොකද වුණේ…?”

කුතුහළයෙන් ඈ විමසුවේ යහන මත හිඳගනිමිනි.

“පස්සේ කියන්නම්… නිරූ…”

අනෙක් ඇළයට හැරී මම කීවේ මුහුණ ඇගෙන් සඟවා ගනිමිනි. මේ වන විට නම් රත් පැහැය දුරු වී තිබෙන්නට ඇත.
————————————————————————————————————————————————————-
මට එලෙසම නින්ද යන්නට ඇත. මා යළි අවදිවන විට නිර්මාණිද යහන මත උඩුබැලිව වැතිර දෙපා තාලයට සොළවමින් සිටියේ ගීතයකට සවන් දෙමිනි.

“ඇහැරියද හොල්මන…”

සවන් තුළ ගසාගෙන සිටි හෑන්ඩ් ෆ්‍රීය ගළවමින් ඈ කීවේ නොපහන් හඬකිනි.

“බලනවා මූණත් ඉදිමිලා… තමුන් උදේටත් කාලා නැහැලු නේද… අන්න බත් තියනවා… බෙදාගෙන කාලා එනවා…”

මේ මොහොතේ නම් මා සිටියේ කුසගින්නේ බව සැබෑ මුත් මා නොකෑ බව ඈ දන්නේ කෙසේදැයි කියා මා සිතුවේ මවිතයෙනි.

“කවුද කිව්වේ…?”

වහා නැඟිට යහන මත හිඳගනිමින් මම ඇසුවේ මවිතයෙන් ඈ දෙස බලමිනි.

“කිව්වේද… තමුන්ගේ ප්‍රේම කුමාරයා කීවේ කතාකරලා… යහතින් ගොඩ බැස්සද ෆෝන් එකත් ඕෆ් කරන්ලු කියලා…”

එසේනම් ඒ අහස්ය. සුසුමක් හෙළමින් මම පිටතට ආවෙමි. මා සිටියේ දැඩි කුසගින්නක මුත් කෑවේ බත් කටවල් කීපයක් පමණි.

“දැන්වත් කියනවද මොකද වුණේ කියලා… අහස් එක්ක රණ්ඩු වුණාද…?”

නිර්මාණිගේ හඬේ වූ නොමනාපය මට මනාව වැටහිණි. උදෑසන සිදුවීම යළි මෙනෙහිවන විට මා සිත අලුත් ශෝකයකින් ඇවිළිණි.

“පිස්සු ගෑණියෙක්නේ… අනිත් උං උඩ බලන් හිටියාද ඔච්චර හරියක් වෙනකල්…?”

මා සියල්ල පවසන තුරුවත් නොසිටි නිර්මාණි ඇසුවේ දත්මිටි සපමිනි.

“මහා ලොකු අහස් සර්… අන්තිමේදි අම්මලා පුතාලා එක පැත්තක් ගනියි… මෙයා වැරදිවෙයි… මං වගේ නම් ඇදලා අරිනවා අනෙක් පැත්තට…”

ඈ එසේ කියනවිට මා මුවට සිනහ නැඟිණි. නිර්මාණි මා දෙස බැලුවේ නොමනාපයෙනි.

“තව හිනහත් වෙනවා…”

“හිනා යනවා… ඒ අහස් සර්ගේ අම්මා… මට පුළුවන්ද එහෙම අතක් උස්සන්න…”

“ආහ්… ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට… ඒ මනුස්සයා ගැහුවේ හේතුවක් නැතුවාවත් නෙවේ එහෙනම්…”

ඈ එසේ පවසන්නට ඇත්තේ නම් මා අවුස්සන්නට සිතාය.

“අනේ මේ… ඔයාත් එනවද ඔහොම කියාගෙන…”

“හරි…හරි… දැන් මොනවද මෙයා කරන්න යන්නේ…?”

“ඒ කිව්වේ…?”

“ඒ බී නෙවේ… මං අහන්නේ දැන් ආයෙම යනවද ඒ ගෙදරට….?”

“නැතුව ඉතින්… මැඩම් මට දොස් කීවේ නැහැනේ…”

“අනේ මන්දා… ලැජ්ජා නැතිකම…”

නිර්මාණි කීවේ නොමනාපයෙනි.

“වෙන්නැති… අනික මං ආවත් කොහොමද හදිසියේ ජොබ් එකක් හොයාගන්නේ…?”

“කොහොමත් ඔය ජොබ් එක හරියන්නේ නැහැ… වෙන එකක් හොයමු අද හෙටම…”

ඈ කීවේ දැඩි හඬිනි. මම නිහඬව සිටියෙමි.

“අද මෙහේ ඉඳලා යනවා… උන්ටත් දැනෙන්න ඕන අපි ගස් ගල් නෙවේ… මිනිස්සු කියලා…”

නිර්මාණි කීවේ සවස තේ කෝප්පයක් බොන ගමන් අපි සඳලුතලයට වී කතාබභ කරමින් සිටින විටය. මුහුද සිපගෙන හැමූ සුළඟේ වූයේ සීතයකි. වෙලාව සවස පහට ආසන්නය. මම නිහඬ සුසුමක් හෙළුවේ නිර්මාණි කියන්නේත් සත්‍යයකැයි වැටහුණ නිසාය.

“හූල්ල හූල්ල ඉන්නවා…”

ඈ කීවේ තරමක නොමනාපයෙන් වුවද ඒ කෝපය තුළ පවා ගැබ්ව ඇත්තේ මා කෙරෙහි ඇති සෙනෙහසම බව දැනසිටි නිසා මා සිතේ අමනාපයක් නම් ඇති නොවිණි. අහස්ගෙන් ඇමතුමක් එනවිට මම ඊට ඇමතුවේ නොකැමැත්තෙනි.

“අරවින්දි… තාම නිරූගේ ගෙදරද…?”

“ඔව්…”

සිතේ වූ නොමනාපය නිසා මම කීවේද කෙටියෙනි.

“මම එන්නම් එක්ක යන්න… හය හමාර වෙනකොට ඔතන…”

මම එයට විරුද්ධව හෝ කිසිත් කීමට පෙර ඔහු ඇමතුම නිමවා තිබිණි. නොසතුටු හැඟීමෙන් මම නිර්මාණි දෙස බලන විට ඈ දෑස් නටවමින් පෑවේ මනමාල සිනහවකි. කතා බහ ඇයටද ඇසී තිබෙන්නට ඇත.

“ආව්…ආව්… අහස් කුමාරයා වඩිනවාලුද කැන්දන් යන්න…?”

“විකාර නැතුව ඉන්න අනේ… මම මේ ඔළුවෙ ගිණි පත්තුවෙලා ඉන්නවා…”

“ඔව්…ඔව්… අපි කිව්වොත් විකාර… බලමුකෝ දැන් දෙන්නා ජෝඩු දාලා යනකොට ඔය ගිණි සේරම නිවෙයි…”

ඇගේ මුවට කෙසේ වචන ගලනවාදැයි සිතමින් මම රැවුමක් ඈ වෙත පා කළෙමි.

“ඔව්…ඔව්… නිවෙයි…”

හිස ගස්සමින් මම කීවෙමි.

“නිවෙයි… නෙවේ… නිවයි… ප්‍රේමයේ දිය දහරා හිසේ සිට පා දක්වා හෙළා…”

ඈ තාලයට කියන විට මුවින් පිටවන්නට ගිය සිනහව අසීරුවෙන් නවතාගෙන මම නිහඬව සිටියේ ඇයත් සමඟ කතාකර මට දිනන්නට නොහැකි බව අත්දැකීමෙන් දැන සිටි නිසාය.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...

GMOA යළි හෙටත් වැඩවර්ජනයක

හෙට (04) දිනයේ නැවත වැඩවර්ජනයක් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව හෙට පෙ.ව.08.00 සිට වැඩවර්ජනය ආරම්හ...

බස්නාහිර පළාතේ වාහන ජාවාරමක් වටලයි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී වාහන ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගහවත්ත...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ඉරානයෙන් ප්‍රතිචාර

අමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉරානය පවසනවා.ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසන්නේ දෙපාර්ශ්වය...
- Advertisement -spot_img

කොල පාට හා නිල් පාට

කොල පාට හා නිල් පාට - The Colors of Life "ඔයාට තව චායි එකක් ගේන්නද? " ගීතා ඇගේ සැමියා භාරත් ගෙන්...

බස්නාහිර පළාතේ වාහන ජාවාරමක් වටලයි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී වාහන ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගහවත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you