NovelsRath Dothaluරත් දෝතළු - 51

රත් දෝතළු – 51

-

spot_img

රත් දෝතළු – 51

විනිෆ්‍රීඩා මහත්මිය එතරම් උනන්දුවක් නොපෙන්නුවද විශාකා මහත්මිය දිගටම කතාව කරගෙන යන්නට වූවාය.

“එයා ලඟදි ලංකාවට එනවා කිව්වේ… මං කිව්වා මෙහෙත් එන්න කියලා…”

“මොකක්… මෙහේ කිව්වේ කොහෙද… මේ ගෙදරටද…?”

එවර විනිෆ්‍රීඩා මහත්මිය ඇසුවේ කෝපය මුසු හඬකිනි.

“ඔව්… නැතුව වෙන කොහෙද… අහස් ඉන්නෙත් මේ ගෙදරනේ… රොසෑනුත් ආසාවෙන් ඉන්නේ අහස් මීට් වෙලා කතාකරන්න…”

අහස් හා රොසෑන් අතර ඇති සබඳකම කුමක්ද ? සමහරවිට ඒ ඔහුගේ මිතුරියක වන්නට ඇත.

“තමුන්ට අමු කැවිලද… තවත් මොනවද අහස් එක්ක කතාකරන්න තියෙන්නේ…? ලැජ්ජාවක් කියන නාමයක් ඒකිටත් නැහැ… තමුන්ටත් නැහැ…”

විනීෆ්‍රීඩා මහත්මිය කෝපයෙන් පසු වූ දවසක් මගේ මතකයේ නොවීය.

“ගිය දේවල් ගියා… කවුරු කවුරුත් වැරදි ඇතිනේ…”

“මොනවද කියන්නේ… මට ලැජ්ජයි තමුන් මගේ සහෝදරියක් කියලා කියන්නත්… නන්නත්තාරේ ගිය ගෑණියක්ව ලොකුද තමුන්ගේ කුසින් උපන් දරුවට වඩා…”

ඈ තවත් කුමක් හෝ කීමට ගියද වහා එය නොකියා ගිළ ගත්තාය. සමහරවිට එය මා ඉදිරියේ කීමට නොහැකි දෙයක් වන්නට ඇත. මම අසුනින් නැඟී සිටියෙමි.

“තමුන් ආව දිහාවකටම යන එකයි මගේ ඇඟේ ලේ පුච්චන්නැතුව… අරවින්දි ඔහොම ඉඳගන්න…”

ඈ මටද කීවේ විධානයක ලෙසිනි. මම වහා එහිම හිඳගතිමි.

“මදැයි… මම මෙයාගේ දුක සැප බලන්න ආවා… මෙයා මාව එළවගන්නවා…”

විශාකා මහත්මිය අසුනින් නැඟී සිටියේ කෝපයට පත්ව මෙනි.

“ආවේ මගෙ දුක් සැප බලන්න නෙවේ… කුණු ටික හලලා යන්න… දුක සැප…!”

“මං ආවේ මෙහෙ දවසක් දෙකක් නැවතිලා මෙයාව බලාගන්න කියලා…”

“ආපු අතක් බලන් යනවා විශාකා… මාව බලාගන්න තමුන් නාවට කමක් නැහැ… මාව බලාගන්න එක කෙසේ වෙතත් මට තමුන්ව බලාගන්න වෙයි… තමුන්ගේ ආවතේව කරන්න මෙහෙ වැඩකාරයෝ නැහැ… මට පව් පුරවන්න මෙහෙ නාවට කමක් නැහැ…”

විනිෆ්‍රීඩා මහත්මිය කෝපයෙන් කෑ ගසන විට විශාකා මහත්මිය ආවා වගේම පිටව ගියේද සුළි සුළඟක් මෙනි. මහා වර්ෂාවකට පසුව පරිසරය නිහඬ බවක ගිළී ගියාක් බඳු නිහඬ බවකින් මුළු නිවසම පිරීගියේය. විනිෆ්‍රීඩා මහත්මිය කාමරයට ගියේ මැද දොර අඟුළුලන්නැයි කියා මට පවසමිනි. මේ සිදු වූයේ කුමක්ද කියා වටහාගනු නොහැකිව මා සිටියේ වික්ෂිප්තභාවයෙනි. නිවස තුළ වූයේ විශාල නිහැඬියාවකි. එය වෙනදා පවතින නිහඬ බවට හාත්පසින්ම වෙනස් වූවක් සේ මට හැඟිණි. විනීෆ්‍රීඩා මහත්මිය කනස්සළෙන් කාමරයට ගියවර යළි පිටතට පැමිණියේ දහවල් කෑම වෙලාවේදීය. ඉන්පසුව ඈ කෙටි නින්දක් වුවමනා බව කියමින් යළිත් කාමරයට වැදුණාය. මම වරින්වර ඇගේ කාමරයට එබිකම් කරමින් බැලුවේ ඈ සුවෙන්දැයි බැලීමටය. සිත් වේදනාවක් හැරුණු කොට ඈ අසනීපයෙන් නම් පසු නොවූවාය. යහනේ වැතිර සිටියද ඈ සිටියේ වෙනදා ලබන සුව නින්දේ නම් නොවන බව මට වැටහිණි. විශාකා මහත්මිය ඇගේ සිත බලවත් ලෙස රිදවා තිබීම නිසා ඈ පසුවන්නේ කණස්සල්ලෙනි. මා සිතේ ඈ කෙරෙහි අනුකම්පාව අධික වූයේ සිත් තැවුළෙන් හුදකලා දිවියක් ගෙවන ඇයට තම සොහොයුරියගෙන් වුවද සහනයක් නොමැති වීම ගැනය.

“මේ ගෑණි ඇවිත් මගේ ඔළුවත් අවුළ් කරලා ගියේ…”

සවස මා තේ සෑදීමට සූදානම් වන විට ඈ කෑම කාමරයට පිවිසියේ එසේ කියමිනි.

“මැඩම් ඇහැරියද… මං මේ ඇහැරවන්න එන්න හැදුවේ තේත් හදන්…”

“මගේ ඇහැ පියවුණේ නැහැ ළමයෝ…”

“ඕවා ගැන හිතන්න එපා මැඩම්… අපි සතුටින් ඉමු…”

උණුසුම් තේ කෝප්පයක් සාදා මම ඇයට පිළිගන්වන විටත් ඈ සිටියේ නිහඬ කල්පනාවකය.

“තේක ඇල් වෙනවානේ මැඩම්… ඕක බොන්නකෝ… මැඩමුත් අහස් සර් වගේ නිවුණු තේද බොන්නේ…?”

මම මඳහසක් පාමින් කීවේ විනීෆ්‍රීඩා මහත්මිය තේ කෝප්පය පසෙක තබාගෙන නිහඬව සිටිනු දැකය. ඈ මඳහසක් පාමින් මවෙත හැරිණාය.

“මොනවද අහස් සර් වගේ කියන්නේ…?”

ඒ හඬින් අපි දෙදෙනාම තිගැස්මෙන් පිටුපස දොර දෙස බැලීමු. අහස් පිටුපස දොරින් ඇතුළු වූයේ ප්‍රශ්නාර්ථයක් දෑසේ රඳවාගෙනය. ඉදිරිපස දොරත් අඟුළු දමා මැද දොරත් වසා දමා ඇති නිසා ඔහු මෙසේ පිටුපස දොරින් ආවා විය යුතුය.

“නැහැ… මැඩම් තේක තියන් බලන් ඉන්න නිසා මං කිව්වේ මැඩමුත් අහස් සර් වගේ නිවුණු තේද බොන්නේ කියලා…”

අහස් රැවුමක් පා කරමින් විත් අසුනක් ඇද හිඳ ගත්තේය.

“හැම එකටම රවනවා…”

නොසතුටෙන් මම සිතුවෙමි.

“මොකද පුතා අද කලින්…?”

විනිෆ්‍රිඩා මහත්මිය ඇසුවේ කතාබහ වෙනතකට යොමු කිරීමට මෙනි. මම අහස්ට තේ කෝප්පයක් සෑදීමට සූදානම් වූයෙමි.

“අද ටිකක් කලින් ආවා සුදු මම්මා… කරන්න ලොකුවට වැඩක් තිබුණෙත් නැහැ… මොකද මේ ඉස්සරහ දොරයි… මැද දොරයි දෙකම වහලා දාලා…?”

ඔහු අසන විට අපි මුහුණින් මුහුණ බලාගත්තේ එක්වරමය.

“ඇයි සුදු මම්මා… මොකක් හරි ප්‍රශ්නය්ක්ද…?”

සැකමුසු හඬකින් ඔහු ඇසුවේ අපි දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමිනි.

“මොන ප්‍රශ්නද ළමයෝ… අපි මේ ඉන්නේ යස අගේට… මං දවල් දොර වහපු ගමන්මනේ… අමතක වුණා අරින්න…”

විනිෆ්‍රීඩා මහත්මිය උදෑසන සිදුවීම නොකියා එසේ කීම ගැන මා සිතේ ඇති කළේ සතුටකි. නිවසට පැමිණි විගස ප්‍රශ්න කතාකිරීමට ගියා නම් කාට වුවද නිවසට ගොඩ වීමත් එපාවෙනු ඇත. බොහෝවිට බිරින්දෑවරුන් සැමියන් නිවසට ගොඩ වූ සැනින් නිවසේ අඩුපාඩු, දරුවන්ගේ වැරදි, නිවසේ අඟහිඟකම් පවසන්නේ ඔහුට හුස්මක් ගන්නටවත් ඉඩ නොතබාය. ඔහු නිවසට පැමිණෙන්නේ සිතේ කරදරයෙන් වෙහෙස මහන්සියෙන් රැකියා ස්ථානයේ පීඩිත බවින් මිරිකී වන්නට පුළුවන. පවුල් ප්‍රශ්න උග්‍ර වන්නේ බිරියන්ගේ මෙවන් අනුවණ කම් නිසාවෙනි. මේ මොහොතේ විනිෆ්‍රීඩා මහත්මිය කටයුතු කළේ බුද්ධිමත් ලෙසිනි. අහස්ට වුවද අම්මාගේ හැසිරීම ගැන සැළකර සිටියා නම් ඔහු තුළද කෝපයක් ඇති වීමට ඉඩ තිබිණි. තේ කෝප්පයක් සාදා මම ඔහුට පිළිගැන්වූයෙමි.

“ස්තූතියි…”

ඔහු එය දෝතින්ම පිළිගනිමින් කීය. ඔහුගේ දෑතේ ස්පර්ශ වීමෙන් මා තුළ විදුලියක් ඇදී ගිය බවක් මට දැනිණි. එවන් දෙයක් සිදු වූ දෙවන වතාව මේය. මා හද ගැස්ම පවා වේගවත් වූ සෙයකි.
————————————————————————————————————————————————————-
“හම්මේ… කැලෑ මල උයපු බත් කටක් කනවා කියන්නේ ඉතින්…”

විහඟ බත් කටක් අනා මුවේ දමාගනිමින් කීවේය. විනිෆ්‍රීඩා මහත්මිය ඔහු වෙත හෙළුවේ තරවටු බැල්මකි. ලැජ්ජා මුසු වූ හැඟීමක් මා සිතේ ඉහිරගියේ අහස් මාරුවෙන් මාරුවට අප දෙසට හෙළූ බැල්ම හේතුවෙනි.

“කැලෑ මල…?”

අහස් ඇසුවේ එහි අර්ථය වටහාගන්නට නොහැකිවාකි මෙනි.

“හ්ම්ම්.. ඔව්.. කැලෑ මල… එයා කැලේ ඉඳන්නේ මෙහෙට ආවේ… ඒ නිසා කැලෑ මල කියන එක වැරදි නැහැනේ බිග් බ්‍රෝ…?”

අහස් ඊට පිළිතුරක් නොදී මදෙස බලන විට මාද යටැසින් බලා සිටියේ ඔහු දෙසය. දෙනෙත් ඉවතට ගැනීමට වුවද අවකාශයක් මා හට නොවීය.

“ෂා…! වාව්… ඒ බැල්ම… ෂිට්… කැම් එකක් තිබ්බා නම්… ඇත්තමයි…”

විහඟ සියල්ල සිය දෑසට හසුකර්ගෙන එසේ කෑ ගසන විට නම් මා සිතේ ඇතිවූයේ පොළොව පළාගෙන යෑමට තරම් ලැජ්ජාවකි. ඔහු නම් වුවමනාවටත් වඩා වැඩිය.

“මොකද ළමයෝ මේ… තාම පොඩි උන් වගේනේ හැසිරෙන්නේ…”

“සොරි… සොරි සුදු මම්මා… කෑම හරිම රසයි…”

විහඟ අගය කරමින් කීය.

“ඔව්…ඔව්… හොඳට කනවාකෝ මේ ටිකේ.. ශීලා ආවාම ශීලාගේ කෑම තමා කන්න වෙන්නේ…”

අහස් එසේ කීවේ සැබෑවටමද නැතිනම් විහිළුවටද කියා සිතාගන්නට නොහැකිව මම ඔහු දෙස බැලීමි.

“ඒ මොකෝ බිග් බ්‍රෝ… ඇයි කැලෑ මල…?”

විහඟද මවිතයෙන් මෙන් ඇසුවේය.

“අරවින්දිට ඉස්සරහට වැඩ වැඩි වෙනවා… මගේ ඔෆිස් වැඩ ටික එයා බලන්න ඕන… මගේ වැඩ ගොඩ ගැහිලා… තමුන් හිටියාට වැඩක් නැහැනේ… අනික එයා ඉන්නේ උයන්න නෙවේ…”

“ඇයි මම උයන්නද…? ඒ වැඩෙ නම් හරි කැතයි බිග් බ්‍රෝ… ඔයා කැලෑ මල උයන ඒවා කාලා මට ශීලාගේ දිය හොදි කන්න කියලද කියන්නේ…?”

විහඟ නාහෙන් අඬන්නට වූයේ සැබෑවටම කුඩා දරුවෙකු සිහි නංවමිනි. පිට වන්නට ගිය සිනහව මම ආයාසයෙන් මැඩගත්තේ අහස් නෙරවාගත් බැල්මකින් මදෙස බලනු නෙත ගැටුණු නිසාය.

-හෙටත් හමුවෙමු-

Previous article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you