Newsයුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

-

spot_img

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කළ යුතු බව ඔහුගේ එක් කොන්දේසියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.එමෙන්ම සියට රටට සිදුවූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට ද පියවර ගත යුතු බවයි ඔහු පවසන්නේ.අනාගතයේදී මෙවැනි ආක්‍රමණ හෝ ප්‍රහාරයන් යළි සිදු නොවන බවට ස්ථිර ජාත්‍යන්තර ඇපකර සහ සහතිකයන් ලබාදිය යුතු බවද ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉදිරිපත් කළ අනෙක් කොන්දේසිය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්‍ර වෙමින් පවතින යුද්ධය මැදපෙරදිග පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ට ”විනාශකාරී” තත්වයක් නිර්මාණය කර ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා පැවති ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දරුවන් 1,100කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවට වාර්තා වී ඇති බවයි එම සංවිධානය පවසන්නේ.මේ අතර මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව විසින් ගෙන එන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත කරගැනීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you